
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව ගොවියාගේ ඡන්දයෙන් පැමිණ ගොවියා සම්පූර්ණයෙන්ම අනාථ කර ඇති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (12) පැවසීය.
හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
භාණ්ඩාගාරයේ ටි්‍රලියන ගණනක මුදල් තැන්පතු ඇතැයි රජය පැවසුව ද එම මුදලින් ඉතාම අඩු ප්‍රතිශතයක් වියදම් කර දේශීය අල සහ ලුණු ගොවියාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව පියවර නොගන්නා බව ද ඒ මහතා කීය.
වර්තමාන ළමා සහ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය සරෝජා පෝල්රාජ් මැතිණිය නිල සංචාරයක් සඳහා එංගලන්තයට ගිය අවස්ථාවේදී බරපතල ප්‍රකාශයක් කළ බවත් වර්තමාන රජය බලයට පත්වීමට පෙර දෙමළ ජනතාව ඉතාම බයෙන් සිටි අතර ඔවුන් පොලිසියකට යෑමට වගේම හමුදාව ඔවුන්ව හිරකරයි කියා බයෙන් සිටියේ යැයි ද එම බි්‍රතාන්‍ය රැස්වීමකදී ඇමතිවරිය ප්‍රකාශ කළ බවත් වීසේකර මහතා සඳහන් කළේය.
ඒ වගේම තවත් බරපතල ප්‍රකාශයක් කරමින් එතුමිය දෙමළ ජනතාව මේ රටේ පූර්ණ පුරවැසියන් ලෙස පිළිගන්නවා ද කියන සැකයක් තිබූ බවත් වර්තමාන රජය පැමිණියාට පසු ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ යැයි ද ප්‍රකාශ කර ඇති බවත් ඔහු කීය.
ඇය මාතර දිස්ත්‍රික්කයෙන් සිංහල, බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ අතර සිංහල, බෞද්ධ ඡන්දයෙන් පත්වී ඇය එංගලන්යට ගොස් දෙමළ ජාතිකයන්ට පූර්ණ පුරවැසියන් සේ සලකනවාද කියන සැකයක් මතුවෙලා තිබුණා, නමුත් වර්තමාන රජය පැමිණියාට පසු එය නැති කළේ යැයි ප්‍රකාශ කරන බවත් ඇය ඒ ප්‍රකාශය කරන විට කථානායකතුමා, අධිකරණ ඇමතිතුමා, මාධ්‍ය ප්‍රකාශක එහි සිටි බවත් ඒ මහතා පැවසීය.
යුද්ධය අවසාන අදියරේ දෙලක්ෂ අනුපන්දාහක් අසරණ, අහිංසක දෙමළ ජනතාව බේරාගෙන අපේ හමුදාව ක්‍රියාකළ අතර ලෝකයේ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ හමුදාවක් කළානම් එහි ගෞරවය අපේ හමුදාවට ලැබිය යුතු බවත් ප්‍රභාකරන් කියන ඒ ත්‍රස්තවාදියා දෙමළ ජනතාව ලක්ෂ 03 ක් පමණ මිනිස් පලිහක් සේ තියාගෙන සිටියදි දෙමළ ජනතාවගේ ජිවිත හමුදාව ආරක්ෂා කළ බවත් ඔහු කීය.
හමුදාවකින් දෙමළ ජනතාවට හිරිහැර වෙනවා යැයි අසත්‍ය ප්‍රකාශයක් කළ ඒ අමාත්‍යතුමිය උතුරේ තමන්ගේ යැයි කියන දෙමළ ජනතාවට ලේ දීලා තිබෙනවාද යැයි ප්‍රශ්න කරන බව කී අදටත් බොහෝ අවස්ථාවල උතුරේ ලේ බැංකුවල ලේ අඩු වුණාම ලේ දන්දෙන්නේ අපේ පොලිසිය සහ හමුදාවේ සාමාජිකයන් බව ද සඳහන් කළේය. එවැනි තත්වයක් තුළ සරෝජා අමාත්‍යතුමිය එංගලන්තයට ගොස් හමුදාවගෙන් හිරිහැර වෙනවා යැයි ප්‍රකාශ කළත් හමුදා නිලධාරීන් ඔවුන්ගේ නිවාස 8000 ට වඩා හදලා තිබෙන බවත් එක උළු කැටයක් පරිත්‍යාග කරන්න සරෝජා ඇමතිතුමිය පැමිණියාද? එහෙම නැති කෙනෙක්ට පුළුවන්ද, අයිතියක් තිබෙනවාද යන ගැටලුව මතු වන බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියන්ගේ ඡන්ද වලින් ඇවිල්ලා? කලින් ආණ්ඩුවලට ගොවියෝ ඡන්දය දී නැති බවයි මේ උගත් දේශපාලකයා කියන්නේ.
මෙයා කවුද? ඕවා ගැන කතා කරන්න...
ඔවා කියලා අපිව ආණ්ඩුවේ එක්දහස් නමසිය බර ගණන්වල කාලේ... දැන් කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන කාලේ...
පත්මෙගේ කුඩු බෙදාහැරීම සම්බන්ධයෙන් ලගදීම පියුමි ඇතුලට යන්න පුළුවන් , කලින්ම යට ඇදුම් පාර්සලේ ගෙදරට ගිහින් භාර දෙන්න ,එහෙම නැතිනම් තිබෙන කන්ටක් භාවිත කරලා , හිර ගෙදරට ඩිරෙක්ට් භාර දෙන්න ක්‍රමයක් සම්පාදනය කරගන්න , නැති නම් ඕව අරගෙන පසු ගිය පාර වගේ භාන්දනාගාර බස් අස්සේ රිංගන්න ගියොත් කොල්ලෝ ෆොටෝ ගහලා පත්තරේ දමාවි අන්න හරක් වීරසේකර යට ඇදුම් අරන් බස් පස්සේ දුවනවා කියල , ඊට පස්සේ ෆොන්සේකා ඕව භාවිත කරමින් utube එකේ සහ වේදිකාවල ඔයාව බෛට් කරවී ,
ආ අංකල් දැක්ක කල්.
සරත්ට කොරහෙත් කිඹුල්ලු පේනව දැන්..
ඔව්නේ.... හිටපු ගමන් රසායනික පොහොර තහනම් කරලා ගොවියා අනාථ කලා.
රාජපක්ෂ පවුලේම කෙනෙක්.
ගෝඨාභයගේ ආන්ඩුව නේද (ඇත්තට ඒ කාලේ ඔබතුමා කොහෙද හිටියේ )
ඔහු ත්‍රස්තවාදියෙක්. ,මොහුව වහා අත්අඩංගුවට ගන්න. මූ වගේ උන් හන්දා තමයි ලංකාවේ මිනිස්සුන්ට සාමූහිකව ජීවත්වෙන්න බැරි
ඒ වුනාට ගොවියා ආණ්ඩුව අනාථ කරල නෑ.. ඒක නේද ඔයාලට තියෙන ප්‍රශ්නෙ?
අනේ පලයන් යන්න. තොපි මුලු රටම අනාත කෙරුවේ...
ගොවියන්ට හැමදේම වේලාවට දෙන්න බෑ.. ඒ දිලාත් අස්වන්නෙත් රජයේ වැඩිමිලට ගන්න ඕන මොන විකාරයක්ද මේ පිටරටින් ගෙන්වන එක ලාභයි
ගොවියා අනාත කෙරුවේ දූෂිත පවුල් පාලකයෝ.මහින්ද චින්තනය 1,2 කියලා බේගල් වට්ටෝරු දෙකක් ගෙනාවා.ඒවායේ ගොවි ජනතාව වෙනුවෙන් කියපු පොරොන්දු ඉටු කළාද? .ගොවීන් දිවි නසා ගත්තා.ණය ගෙවා ගන්ඩ බැරුව..ආසියාවෙ ආස්චර්‍ය පෙන්වනවා කියලා කෙරුවෙත් මුලු මහත් ජනතාවම අන්දවලා බලයට ඇවිත් අන්තිමට මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු එකනේ?
ගොවියට ආන්ඩුව හැම ආධාරයක් දුන්නත් , අන්තිමට අස්වැන්න දෙන්නෙ මුදලාලිට
නියම දේශපාලන අනාථයෙක් කතා කරන්නේ.
ඔයාලා ඉතින් රටම අනාථ කරානේ. මතක නැතිද? මිනිස්සුන්ට කන්න බොන්න, තෙල්, මොනවක්වත් නැතිව බංකොලොත් කරලා දැම්මා. හෙමිහිට හැදෙයි. දැන් සෑහෙන ගොඩක් හැදිලා තියෙන්නේ, ගොවියාගේ ප්‍රශ්නෙත් විසඳෙයි යුද්දේ නම් හරියට කරා හැබැයි, ඉතිරි ටික හෑවා...
නේවි එකේ නම්බුව කෑවා.
ගොවියෝ ඔබලා අනාථ කළා...
ගොවියන්ට සිදුවී ඇති බරපතල අසාධාරණකම් හමුවේ, ඔවුන්ට නව අමුඩ ලේන්සු බෙදාහැරීමේ කාර්යයට විශාල පළපුරුද්දක් ඇති මෙතුමාව ඒ සඳහා පත්කරන ලෙස මම යෝජනා කරනවා.
මේ මිනිහා විහිළුකාරයෙක් වෙලා. යුද්ධයෙන් පස්සේ ගෞරවනීය ලෙස විශ්‍රාම යන්න තිබුණා.
මේ ආණ්ඩුව වැරදියි. කාබනික පොහොර දුන්නෙ නෑ. අශුචි නැව් ගෙනාවේ නෑ
රට දැයෙන් පස්සෙ එල්ලෙන්න පුලුවං ඊලඟ සීන් එක තමයි ගොවියා
මම මේ වෙබ් අඩවියට පිවිසෙන්නේ අදහස් කියවා හොඳට හිනා වෙන්න විතරයි. මෙහි අදහස් දක්වන බොහෝ දෙනෙකුට පාරේ ඇවිදින අතරතුර කුඩා ගලක්වත් පාර අයිනට ගෙන යාමට හැකියාවක් නැත, නමුත් ඔවුන් දේශනා කරන්නේ ඔවුන් රටේ සහ ප්‍රජාවේ දියුණුව සඳහා දැවැන්ත කාර්යයක් කර ඇති ආකාරයටයි. විහිළුවේ හොඳම කොටස නම්, ඔවුන්ගේ අදහස් සෑම විටම ඔවුන් අදහස් දක්වා ඇති ප්‍රවෘත්ති ලිපියට හෝ සටහනට සම්බන්ධ නොවීමයි, බොහෝ විට. වරදවා වටහාගැනීම් වළක්වා ගැනීම සඳහා, මම "සියලුම අදහස් දක්වන අය" නොව "බොහෝ අදහස් දක්වන අය" යැයි කීවෙමි.
මුන් ආණ්ඩු කරපු කාලේ ගොවියෝ හිටියේ රජවරුන් වගේ නෙ. අනේ පලයන් බන් යන්න.
වැඩක් බලාගන්න පව් නොදී