IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආණ්ඩුව ගොවියා අනාථ කරලා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව ගොවියාගේ ඡන්දයෙන් පැමිණ ගොවියා සම්පූර්ණයෙන්ම අනාථ කර ඇති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (12) පැවසීය.

හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

භාණ්ඩාගාරයේ ටි්‍රලියන ගණනක මුදල් තැන්පතු ඇතැයි රජය පැවසුව ද එම මුදලින් ඉතාම අඩු ප්‍රතිශතයක් වියදම් කර දේශීය අල සහ ලුණු ගොවියාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව පියවර නොගන්නා බව ද ඒ මහතා කීය.

වර්තමාන ළමා සහ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය සරෝජා පෝල්රාජ් මැතිණිය නිල සංචාරයක් සඳහා එංගලන්තයට ගිය අවස්ථාවේදී බරපතල ප්‍රකාශයක් කළ බවත් වර්තමාන රජය බලයට පත්වීමට පෙර දෙමළ ජනතාව ඉතාම බයෙන් සිටි අතර ඔවුන් පොලිසියකට යෑමට වගේම හමුදාව ඔවුන්ව හිරකරයි කියා බයෙන් සිටියේ යැයි ද එම බි්‍රතාන්‍ය රැස්වීමකදී ඇමතිවරිය ප්‍රකාශ කළ බවත් වීසේකර මහතා සඳහන් කළේය.

ඒ වගේම තවත් බරපතල ප්‍රකාශයක් කරමින් එතුමිය දෙමළ ජනතාව මේ රටේ පූර්ණ පුරවැසියන් ලෙස පිළිගන්නවා ද කියන සැකයක් තිබූ බවත් වර්තමාන රජය පැමිණියාට පසු ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ යැයි ද ප්‍රකාශ කර ඇති බවත් ඔහු කීය.

ඇය මාතර දිස්ත්‍රික්කයෙන් සිංහල, බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ අතර සිංහල, බෞද්ධ ඡන්දයෙන් පත්වී ඇය එංගලන්යට ගොස් දෙමළ ජාතිකයන්ට පූර්ණ පුරවැසියන් සේ සලකනවාද කියන සැකයක් මතුවෙලා තිබුණා, නමුත් වර්තමාන රජය පැමිණියාට පසු එය නැති කළේ යැයි ප්‍රකාශ කරන බවත් ඇය ඒ ප්‍රකාශය කරන විට කථානායකතුමා, අධිකරණ ඇමතිතුමා, මාධ්‍ය ප්‍රකාශක එහි සිටි බවත් ඒ මහතා පැවසීය.

යුද්ධය අවසාන අදියරේ දෙලක්ෂ අනුපන්දාහක් අසරණ, අහිංසක දෙමළ ජනතාව බේරාගෙන අපේ හමුදාව ක්‍රියාකළ අතර ලෝකයේ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ හමුදාවක් කළානම් එහි ගෞරවය අපේ හමුදාවට ලැබිය යුතු බවත් ප්‍රභාකරන් කියන ඒ ත්‍රස්තවාදියා දෙමළ ජනතාව ලක්ෂ 03 ක් පමණ මිනිස් පලිහක් සේ තියාගෙන සිටියදි දෙමළ ජනතාවගේ ජිවිත හමුදාව ආරක්ෂා කළ බවත් ඔහු කීය.

හමුදාවකින් දෙමළ ජනතාවට හිරිහැර වෙනවා යැයි අසත්‍ය ප්‍රකාශයක් කළ ඒ අමාත්‍යතුමිය උතුරේ තමන්ගේ යැයි කියන දෙමළ ජනතාවට ලේ දීලා තිබෙනවාද යැයි ප්‍රශ්න කරන බව කී අදටත් බොහෝ අවස්ථාවල උතුරේ ලේ බැංකුවල ලේ අඩු වුණාම ලේ දන්දෙන්නේ අපේ පොලිසිය සහ හමුදාවේ සාමාජිකයන් බව ද සඳහන් කළේය. එවැනි තත්වයක් තුළ සරෝජා අමාත්‍යතුමිය එංගලන්තයට ගොස් හමුදාවගෙන් හිරිහැර වෙනවා යැයි ප්‍රකාශ කළත් හමුදා නිලධාරීන් ඔවුන්ගේ නිවාස 8000 ට වඩා හදලා තිබෙන බවත් එක උළු කැටයක් පරිත්‍යාග කරන්න සරෝජා ඇමතිතුමිය පැමිණියාද? එහෙම නැති කෙනෙක්ට පුළුවන්ද, අයිතියක් තිබෙනවාද යන ගැටලුව මතු වන බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (26)

ආණ්ඩුව ගොවියා අනාථ කරලා

පියුමිගේ ... Wednesday, 12 November 2025 07:13 PM

ගොවියන්ගේ ඡන්ද වලින් ඇවිල්ලා? කලින් ආණ්ඩුවලට ගොවියෝ ඡන්දය දී නැති බවයි මේ උගත් දේශපාලකයා කියන්නේ.

:       0       8

Nandana Wednesday, 12 November 2025 07:16 PM

මෙයා කවුද? ඕවා ගැන කතා කරන්න...

:       1       13

Lalith Wednesday, 12 November 2025 10:49 PM

ඔවා කියලා අපිව ආණ්ඩුවේ එක්දහස් නමසිය බර ගණන්වල කාලේ... දැන් කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන කාලේ...

:       3       32

de silva Thursday, 13 November 2025 04:47 AM

පත්මෙගේ කුඩු බෙදාහැරීම සම්බන්ධයෙන් ලගදීම පියුමි ඇතුලට යන්න පුළුවන් , කලින්ම යට ඇදුම් පාර්සලේ ගෙදරට ගිහින් භාර දෙන්න ,එහෙම නැතිනම් තිබෙන කන්ටක් භාවිත කරලා , හිර ගෙදරට ඩිරෙක්ට් භාර දෙන්න ක්‍රමයක් සම්පාදනය කරගන්න , නැති නම් ඕව අරගෙන පසු ගිය පාර වගේ භාන්දනාගාර බස් අස්සේ රිංගන්න ගියොත් කොල්ලෝ ෆොටෝ ගහලා පත්තරේ දමාවි අන්න හරක් වීරසේකර යට ඇදුම් අරන් බස් පස්සේ දුවනවා කියල , ඊට පස්සේ ෆොන්සේකා ඕව භාවිත කරමින් utube එකේ සහ වේදිකාවල ඔයාව බෛට් කරවී ,

:       6       45

පියුමි බබා Thursday, 13 November 2025 06:15 AM

ආ අංකල් දැක්ක කල්.

:       5       46

රනේ Thursday, 13 November 2025 06:24 AM

සරත්ට කොරහෙත් කිඹුල්ලු පේනව දැන්..

:       6       44

ඒ.එම්.ඒ. කුමාර Thursday, 13 November 2025 07:50 AM

ඔව්නේ.... හිටපු ගමන් රසායනික පොහොර තහනම් කරලා ගොවියා අනාථ කලා.

:       5       40

swene Thursday, 13 November 2025 07:57 AM

රාජපක්ෂ පවුලේම කෙනෙක්.

:       6       47

පුරවැසියා Thursday, 13 November 2025 08:02 AM

ගෝඨාභයගේ ආන්ඩුව නේද (ඇත්තට ඒ කාලේ ඔබතුමා කොහෙද හිටියේ )

:       6       44

saman Thursday, 13 November 2025 09:21 AM

ඔහු ත්‍රස්තවාදියෙක්. ,මොහුව වහා අත්අඩංගුවට ගන්න. මූ වගේ උන් හන්දා තමයි ලංකාවේ මිනිස්සුන්ට සාමූහිකව ජීවත්වෙන්න බැරි

:       6       32

සුදා Thursday, 13 November 2025 09:38 AM

ඒ වුනාට ගොවියා ආණ්ඩුව අනාථ කරල නෑ.. ඒක නේද ඔයාලට තියෙන ප්‍රශ්නෙ?

:       6       37

Neel Thursday, 13 November 2025 10:27 AM

අනේ පලයන් යන්න. තොපි මුලු රටම අනාත කෙරුවේ...

:       7       50

Nihal Dharmatileke Thursday, 13 November 2025 11:59 AM

ගොවියන්ට හැමදේම වේලාවට දෙන්න බෑ.. ඒ දිලාත් අස්වන්නෙත් රජයේ වැඩිමිලට ගන්න ඕන මොන විකාරයක්ද මේ පිටරටින් ගෙන්වන එක ලාභයි

:       3       22

විපරමා Thursday, 13 November 2025 03:42 PM

ගොවියා අනාත කෙරුවේ දූෂිත පවුල් පාලකයෝ.මහින්ද චින්තනය 1,2 කියලා බේගල් වට්ටෝරු දෙකක් ගෙනාවා.ඒවායේ ගොවි ජනතාව වෙනුවෙන් කියපු පොරොන්දු ඉටු කළාද? .ගොවීන් දිවි නසා ගත්තා.ණය ගෙවා ගන්ඩ බැරුව..ආසියාවෙ ආස්චර්‍ය පෙන්වනවා කියලා කෙරුවෙත් මුලු මහත් ජනතාවම අන්දවලා බලයට ඇවිත් අන්තිමට මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු එකනේ?

:       4       16

ගුනදාස Thursday, 13 November 2025 03:44 PM

ගොවියට ආන්ඩුව හැම ආධාරයක් දුන්නත් , අන්තිමට අස්වැන්න දෙන්නෙ මුදලාලිට

:       3       15

Punyasoma Thursday, 13 November 2025 09:40 PM

නියම දේශපාලන අනාථයෙක් කතා කරන්නේ.

:       3       19

BBC Thursday, 13 November 2025 11:07 PM

ඔයාලා ඉතින් රටම අනාථ කරානේ. මතක නැතිද? මිනිස්සුන්ට කන්න බොන්න, තෙල්, මොනවක්වත් නැතිව බංකොලොත් කරලා දැම්මා. හෙමිහිට හැදෙයි. දැන් සෑහෙන ගොඩක් හැදිලා තියෙන්නේ, ගොවියාගේ ප්‍රශ්නෙත් විසඳෙයි යුද්දේ නම් හරියට කරා හැබැයි, ඉතිරි ටික හෑවා...

:       3       12

Amila Friday, 14 November 2025 06:54 AM

නේවි එකේ නම්බුව කෑවා.

:       3       21

dammasiri Friday, 14 November 2025 06:19 PM

ගොවියෝ ඔබලා අනාථ කළා...

:       3       14

බද්රානි Friday, 21 November 2025 04:10 PM

ගොවියන්ට සිදුවී ඇති බරපතල අසාධාරණකම් හමුවේ, ඔවුන්ට නව අමුඩ ලේන්සු බෙදාහැරීමේ කාර්යයට විශාල පළපුරුද්දක් ඇති මෙතුමාව ඒ සඳහා පත්කරන ලෙස මම යෝජනා කරනවා.

:       0       15

සුගත් - මහනුවර Thursday, 27 November 2025 01:09 AM

මේ මිනිහා විහිළුකාරයෙක් වෙලා. යුද්ධයෙන් පස්සේ ගෞරවනීය ලෙස විශ්‍රාම යන්න තිබුණා.

:       0       7

B Amarasinghe Friday, 28 November 2025 01:52 AM

මේ ආණ්ඩුව වැරදියි. කාබනික පොහොර දුන්නෙ නෑ. අශුචි නැව් ගෙනාවේ නෑ

:       0       4

Sume Friday, 28 November 2025 07:47 AM

රට දැයෙන් පස්සෙ එල්ලෙන්න පුලුවං ඊලඟ සීන් එක තමයි ගොවියා

:       0       4

Rimzan Monday, 01 December 2025 02:28 PM

මම මේ වෙබ් අඩවියට පිවිසෙන්නේ අදහස් කියවා හොඳට හිනා වෙන්න විතරයි. මෙහි අදහස් දක්වන බොහෝ දෙනෙකුට පාරේ ඇවිදින අතරතුර කුඩා ගලක්වත් පාර අයිනට ගෙන යාමට හැකියාවක් නැත, නමුත් ඔවුන් දේශනා කරන්නේ ඔවුන් රටේ සහ ප්‍රජාවේ දියුණුව සඳහා දැවැන්ත කාර්යයක් කර ඇති ආකාරයටයි. විහිළුවේ හොඳම කොටස නම්, ඔවුන්ගේ අදහස් සෑම විටම ඔවුන් අදහස් දක්වා ඇති ප්‍රවෘත්ති ලිපියට හෝ සටහනට සම්බන්ධ නොවීමයි, බොහෝ විට. වරදවා වටහාගැනීම් වළක්වා ගැනීම සඳහා, මම "සියලුම අදහස් දක්වන අය" නොව "බොහෝ අදහස් දක්වන අය" යැයි කීවෙමි.

:       0       0

Perera Thursday, 11 December 2025 08:22 AM

මුන් ආණ්ඩු කරපු කාලේ ගොවියෝ හිටියේ රජවරුන් වගේ නෙ. අනේ පලයන් බන් යන්න.

:       0       3

Amila Baddegama Thursday, 18 December 2025 02:33 AM

වැඩක් බලාගන්න පව් නොදී

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site