IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


16 දෙනා ආවේ අපිව අවුල් කරන්න කියන්නේ දේශපාලනය නොදන්නා අයයි

මුදිතා දයානන්ද                                                             
       

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධයට එකතු වුණ 16 දෙනා ආවේ අපිව අවුල් කරන්න කියලා කවුරුහරි කියනවා නම් එය දේශපාලනය හරියට තෝරගන්නේ නැතිව කළ ප‍්‍රකාශයක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (18) පැවසීය.
       

ගම්මන්පිල මහතා මේ බව පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධය සමඟ එක්වු 16 දෙනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ මතභේද හටගෙන තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු සපයමින් වන අතර ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
       

මේ වගේ එකවර ආණ්ඩුවක් අත්ඇරලා විපක්ෂයට 16ක් ආවාම වෙන රටක නම් මල්මාලා දාලා පිළිගන්නේ. දේශපාලනය හරියට තෝරාගන්න බැරි අය තමයි ඔවුන්ට විරුද්ධ වෙන්නේ. මේ ආණ්ඩුව ගෙදර යවන්න නම් පාර්ලිමේන්තුව තුළ අපේ අරගලය සාර්ථක කරගන්න අපිට 113ක් අවශ්‍යයි. මේ දාසයත් සමඟ තවත් පහක්වත් හිටියා නම් හොඳයි. මේක දාසය පිළිගන්න ආකාරය අනුව තමයි ඉතිරි අය එන්නේ. අපේ අය මේක දැගන්න  ඕනෑ.


මේ 16 ඇවිත් තිබෙන්නේ ඒකාබද්ධය අවුල් කරන්න යැයි ඒකාබද්ධයේ ප‍්‍රධාන චරිතයක් වන කුමාර වෙල්ගම මහතා වගේම ප‍්‍රසන්න රණතුංග මහතාත් දක්වන අදහස සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.
       

ඒ දාසය දෙනාට අපේ කණ්ඩායම අවුල් කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් එයින් කියවෙන්නේ අපි කණ්ඩායමේ තිබෙන දුර්වල කමයි. අපි දීර්ඝ කාලයක් දේශපාලනය කරලා අත්දැකීම් ඇති පිරිසක්. පරණ තරහවල් හිතේ තියාගෙන හිටියොත් අපිට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා ඒ සියල්ල පසෙක දමා ඉදිරියට ආවොත් පමණයි අපිට ජයග‍්‍රහණයක් තිබෙන්නේ. 



අදහස් (3)

16 දෙනා ආවේ අපිව අවුල් කරන්න කියන්නේ දේශපාලනය නොදන්නා අයයි

chathuri Monday, 18 June 2018 01:09 PM

තරුණ නඩයකට පක්ෂය භාර දෙන වෙලාව හරි

:       0       0

Saththaya Monday, 18 June 2018 01:53 PM

ඔන්න අහගන්න දේශපාලනයේ දක්ෂයන්ගේ කියමන්... අනික් සියලු දෙනා මෙතුමාව අනුගමනය කළොත් හැමෝම ගොඩෙ... දැන්වත් ඉගෙනගන්න.

:       0       255

siva Monday, 25 June 2018 09:44 AM

හරියට දේශපාලනය දන්නා කෙනෙක් වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 649 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17693 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 733 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site