(හර්ෂණ තුෂාර සිල්වා)
තමන්ටත් එක්සත් ජාතික පක්ෂය ගැන ගැටළු ඇති නමුත් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නොයන බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
එක් එක් පුද්ගලයාට අවශ්‍ය පරිදි ජනාධිපතිවරයා විවේචනය කිරීමට යෑමෙන් රාජ්‍ය පාලනය අවුල් සහගත තත්ත්වයකට පත්වන බව ද ඒ මහතා කියයි.
කුමන පක්ෂයෙන් පැමිණියත් ජනාධිපතිවරයා විවේචනය කිරීම මන්ත්‍රීවරුන්ට සුදුසු ක්‍රියාවක් නොවන බව කී අමාත්‍යවරයා ගැටලුවක් ඇත්නම් ජනාධිපතිවරයා හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බව ද කීය.
බත්තරමුල්ල සෙත්සිරිපාය විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පුවත්පත් සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා ඉහත කරුණු කීවේය.
“ජනාධිපතිවරයා තමයි රාජ්‍ය නායකයා. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේත් ජනාධිපතිවරයායි. අපි මේ ආණ්ඩුව හැදුවේ පක්ෂ දෙකක් එකතුවෙලා. අපිට හරි ඔවුන්ට හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්න විසඳිය යුතු යාන්ත්‍රණයක් තිබෙනවා. ප්‍රශ්න ගිහින් මහජනතාවට කියන එක සුදුසු නැහැ. දුක්ගැනවිල්ලක් තියෙනවා කියමු. එහෙම තියෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. අපි එහෙම උපකල්පනය කරමු. එහෙනම් එය ජනාධිපතිවරයාට කිව යුතු ආකාරයක් තියෙනවා. ඔහොම ප්‍රසිද්ධියේ කතා කරන එක සදාචාරසම්පන්න නැහැ. ඔහොම විවේචනය කළාම ජනාධිපතිවරයාට ඒවා සියල්ලට පිළිතුරු දෙන්න අවස්ථාවක් නැහැනේ. ඒ නිසා ඔය විදියට මාධ්‍ය හමු තියමින් විවේචනය කිරීම සුදුසු නැහැ. ඒක හරි වැරැදි වැඩක්. ඔය එක එක්කෙනාට පිළිතුරු දෙන්න ජනාධිපතිවරයාට බැහැනේ.
අපටත් එක්සත් ජාතික පක්ෂය ගැන ගැටලු තිබෙනවා. එහෙත් අපි ඒවා ප්‍රසිද්ධියේ කියන්නේ යන්නේ නැහැ. රාජ්‍ය නායකයා හෝ වෙනත් අයකු ගෙන චෝදනා කරන්න තිබෙනවා නම් එය කළ යුතු විදියක් තිබෙනවා. ඔහොම කරන්න බැහැනේ. ඔය විදියට රාජ්‍ය නායකයා විවේචනය කරන්න ගියොත් ආණ්ඩු කරන්න බැහැනේ. ප්‍රශ්න කියන්න විදියක් තියෙනවා. පොදුවේ සාකච්ඡා කරන්න යාන්ත්‍රණයක් හදලා තියෙනවා.
අපේ පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් සතියකට සැරයක් හම්බවෙලා සාකච්ඡා කරනවා. ඒ විදියට අපි යාන්ත්‍රණ හදලා තියෙනවා. මම ඊයේ ජනාධිපතිවරයා හම්බවෙන්න යද්දිත් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කරමින් හිටියා. ඒ විදිය ඕනෑම කෙනෙක්ට ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කරන්න පුළුවන්. අපි පක්ෂ දෙකක සන්ධානයක්. එහෙමයි කියලා, මොන පක්ෂෙන් ආවත් ජනාධිපතිවරයා විවේචනය කරන්න මන්ත්‍රීවරුන්ට අයිතියක් නැහැ.
රාජ්‍ය නායකයා විවේචනය කරන්නේ පෞද්ගලිකව නෙමෙයිනේ. ගත්තු මොකක් හෝ තීරණයක් සම්බන්ධයෙන් නේ මේ චෝදනා කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න අභ්‍යන්තරව විසඳා ගත යුතුයි.
විජයදාස අමාත්‍යවරයා ඉවත් කළේ කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණයක් විවේචනය කිරීම නිසයි. විජයදාස මහතා කැබිනට් මණ්ඩලයේ දි කට වහගෙන ඉඳලා එළියට ඇවිල්ලි වෙනත් කරුණු කියමින් විවේචනය කළා. එය ශිෂ්ඨ සම්පන්න නැහැ. එය අශිෂ්ඨ විදියක්. ඒ නිසා සුජීව සේනසිංහ මහතාගේ සිදුවීම සහ එම සිදුවීම කියන්නේ සිදුවීම් දෙකක්” යැයි ද අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් කීවේය.
COMMENTS
එජාපයට ලැබුණ ඡන්දෙන් ඇමතිකම් ගත්තු ශ්‍රී.ල.නි.පෙ කට්ටිය හදාගන්න කියන්නකෝ ඔය ජනාධිපතිට.. නැත්නම් පව් නොදී ගෙදර යන්න...එජාපය තනි ආණුඩුවක් හදයි....9ක් 10 ශ්‍රී.ල.නි.පෙ එකෙන් කඩාගෙන අර මහින්ද එජාපයෙන් කඩාගත්ත වගේ. එතකොටවත් රට ඉදිරියට යයි නේ...
ඔය ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ ඡන්දයක් කිට්ටු වුණහමයි. ඡන්දයෙන් පස්සේ දෙගොල්ලෝම ප්‍රශ්න අමතක කරලා... එකතුවෙලා අපිව සූරාකන්න පටන්ගන්නවා. මෙදාපාරනම් ඔය බොරුවලට අපි අහුවෙන්නේ නැත.
දැන් එතකොට ජනාධිපතිවරයා මොකක් හෝ කටයුත්තක් සම්බන්දයෙන් ගන්න තීරණයක් ජනතාව වෙනුවෙන් විවේචනය කරන්න, ඒකට හේතුවක් ජනපතිවරයාගෙන් දැනගන්න විපක්ෂේ මන්තිරිවරයෙක්ට බැරිද අමුණුගම ඇමතිතුමෝ ??
ඔබට එජාපයත් එක්ක ප්‍රශ්න තිබුනේ අද විතරක් නොවෙයි. රනිල් එක්ක තිබුණු ප්‍රශ්නය නිසා ඒකෙන් අස්වුණා මිස ජනතාවාදී දෘෂ්ටි කෝණයෙන් බලා ඔබ ශ්‍රීලනි පක්ෂය ට බැඳුනේ නැහැනේ. ඔබ දේශපාලනයට එනවිට තිබුණු පිරිසිදුකමෙන් අරික්කාලක් වත් අද දේශපාලනයේ දකින්න නැහැ.. කෝ ඔයාලගේ උගත් කම... කිසිම ප්‍රායෝගික කමක් නොදැන ගිරව් වගේ න්‍යායයන් ශිෂ්‍යයන්ට උගන්වා අද න්‍යායෙන් මුළු රටම මුලා කරනවා.