IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘තෙල් ටැංකි ගිවිසුම ගැන ඇත්ත කියන්න‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"තෙල් කැණීම් කරනවා වගේම අපේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටිකත් ආරක්ෂා කර ගත යුතුයි.87 ගිවිසුමෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම ගැන වගන්තියක් සඳහන් වන්නේ නැහැ.

කිසිම බදු ගිවිසුමක් වත් මේ වන තෙක් අත්සන් කර නැති බව කිව යුතුයි.ඒ ගැන කිසිම නීත්‍යානුකූල ලියවිල්ලකට අත්සන් කර නැහැ.මේ රටේ ජනතාවට බොරු කියන්නේ නැතුව එම ප්‍රකාශ පාර්ලිමේන්තුවේ දී හෝ නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා යනුවෙන්ද විජිත හේරත් මහතා පැවසීය.

 



අදහස් (6)

‘‘තෙල් ටැංකි ගිවිසුම ගැන ඇත්ත කියන්න‘‘

ජගත් ලියනගේ Wednesday, 06 October 2021 03:44 PM

ඇත්තම කියයි , හැබැයි ඇඟපුරාවට බුද්ධාගම....

:       4       5

Nisansala Wednesday, 06 October 2021 04:11 PM

ඇස් කරකවලා, කට උල්කරලා, ඇඟිලි ගුලිකරලා කියන ඒවා විතරයි ඇත්ත. මේවා බොරු...

:       3       6

චන්දන Wednesday, 06 October 2021 05:32 PM

ඉන්දු ලංකා ගිවිසුම ගහපු කාලෙ ඉඳලා අද වෙනකම් ලංකාවෙ නෙවෙයිද හිටියෙ. මෙයාලා යුඑන්පී ආණ්ඩුව කාලෙ සද්ද නැතිව ඉදල දැං හිටි ගමන් ඇහැරිලා. ගුරු ගැටළුවත් එහෙමයි .

:       11       9

SUNIL MILANO Wednesday, 06 October 2021 06:47 PM

තුන්ඩු කෑල්ලක් අරගෙන අඩි 20ක් දුවගොස් ලක්ෂ 20ක් ජයග්‍රහණය කල වාසනාවන්තයා. අනේද කියන්නේ

:       5       7

Raveendra Thursday, 07 October 2021 06:47 AM

විප්ලවවලින් බලයේ රස විදින්නට ගොසින්...... අවස්ථා දෙකේදීම යහමින් ඇන ගත්තාට....... අපි දැන් බලන අරාජිත කරනා න්‍යායට....... ඒකත් බැරිවෙන හැඩයි අපේ ගොන් කතාවට.....

:       12       10

SL Saturday, 09 October 2021 05:39 PM

එක එකා තමන්ට ඕනේ බොරුව පාර්ලිමේන්තු වරප්‍රසාද අස්සේ කියනවා... 225, 1ම දියවන්නාවේ ඉන්න කිඹුලන්ට කන්න දාන්න ඕනේ... මහජන බදු මුදලෙන් යැපෙන මේ කවුරුවත් කියන එකක් විශ්වාස කරන්න බැහැ.. නුඹලා රටට බරක් සහ රටට හෙනයක්...!!!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site