
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සමගි ජන බලවේගය පැවැත්වූ ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් පැමිණ රට නැවත වසා දැමීමට සිදු වුවහොත් එහි වගකීම විපක්ෂය බාරගත යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.
සෞඛ්‍ය අංශ අනුමත කර නැති අවස්ථාවක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීම ඉතා වැරදි ක්‍රියාවක් බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසූ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
පොලිසිය වැඩ කරන්නේ දේශපාලඥයන්ගේ නියෝග මත නොවන බවත් පොලිසිය මේ අවස්ථාවේදී වැඩ කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව බවත් වීරසේකර මහතා කීවේය.
ලොකු කාර්යභාරයක් කරන පොලිස් නිලධාරීන්ට අවමන් කිරීම ඉතා වැරදි බව පැවසූ අමාත්‍යවරයා පොලීසියේ ආත්ම ගෞරවය කෙළෙසන අයට කිසිදු සමාවක් නොදෙන බවද සඳහන් කළේය.
පොලීසිය කරන්නේ ඉතාම දුෂ්කර කාර්යයක් බවත් කොරෝනා මර්දන කටයුතුවලදී සහ උද්ඝෝෂණ නැවැත්වීමට යෑමේදී පොලිස් නිලධාරීන් පහළොස් දහස් හත් සියයකට කොවිඩ් ආසාදනයවූ බවත් ඔහු පැවසීය.
කොවිඩ් ආසාදනය වීමෙන් පොලිස් නිලධාරීන් 44 දෙනකු මිය ගොස් ඇතැයිද සරත් වීරසේකර මහතා කීවේය.
රට ගැන අංශු මාත්‍රයක් හෝ හැඟීමක් තිබේ නම් මෙවැනි ජන රැලි නවත්වා රට ගොඩනැගීමට වැදගත් දේශපාලඥයන් ලෙස රජයට සහය දක්වන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
ඇත්තමයි අනේ සජබ අපිට එපා.
මේ මනුස්සයා මෙහෙම කෙනෙක් කියල අපි නම් හිතුවේ නැහැ.
මේගොල්ලෝ ගාව තුරුම්පු නැහැ. දෙකේ කොල අදිනවා වගේ කෝවිඩ් වලින් ජනතාව පාලනය කරන්න හදනවා. නරකද ඉතාලියේ කීර්තිරත්නලා එක්ක ජිනීවා පැත්තේ රවුමක් ගහලා හෝටල්වලින් කාලා බීලා ඇවිල්ලා ලන්කාවේ ජනතාවට වීරයෙක් වෙලා ලකුනු ටිකක් දාගත්ත නම්.
හොඳමයි .
ඊට කලින් දවසේ ජනාධිපතිතුමාත් ඉන්න කථින උත්සවයක් තිබ්බේ.
කොවිඩ් පැතිරීම වැලැක්වීම කියා මේ අය ප්‍රතාශකලත් මෙහි යටි අරමුණ රජයට එරෙහි විරෝධතා මැඩ පැවැත්වීමයි. කොවිඩ් පිට දමා ලේසියෙන්ම ආණ්ඩුව ඇග බේරා ගන්න හදනවා.
මෙතුමා ගේ කතාවට කොහෙන් හිහිනාවෙන්ඩද . පොලිසියේ උසස් නිලදාරියා ගේ පටන් කොස්තාපල් දක්වා ඉන්න අය ගේ වැඩ ගැන ජනතාවට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
මේ යෝදය මොනවා කියනවද මන්දා.
මම නම් ඔය උද්ඝෝෂණ වලට සහභාගී වෙන්නේ නැහැ.ඔය නළු නිළියන්ට කඩේ ගිහින් පාඩුවේ ඉන්නවා
පක්ෂ සංවත්සර, චුඩා මානික්‍ය වන්දනා, කටින පින්කම් වගේ දේවල් වලට සෙනඟ රැස් උනහම වසංගතය පැතිරෙන්නේ නැද්ද ඇමති තුමෝ ? "කොවිඩ්" උනත් දන්නවා ඇති ඒවා දේශපාලනයට සම්බන්ධ උනත් අත්‍යාවශ්‍ය වැඩ කියල නේද ?
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර සහ දේශීය බෙහෙත් ජාවාරමක්
පොහොට්ටුව කරන ඒකරාශිවීම් වලදී කොරෝනා බෝවීම වෙන්නේ නැත්ද එතකොට ? ඔය ජනාධිපතිත් කඨින පිංකමක් කරනව දැක්ක .
වත්මන් රජය ඊළඟ මැතිවරණය පරාජයට පත්වුනොත් එහි වගකීම සම්පූර්ණයෙන් ඔබ බාරගත යුතුය.
මිනිසුන්ට ජිවත් වෙන්න අමාරුයි, බඩගිනි බිය වැඩියි කොරොනා බියට වඩා. ඒකයි එයාල ජිවිතය පරදුවට තියල යන්නෙ.
පොලීසියේ ආත්ම ගෞරවය කෙළෙසන අයට කිසිදු සමාවක් නොදෙන බව .
මෙවන් උනුවෙන හදවතක් ඇති කෙනෙක් අපට ලැබීම කොතරම් වාසනාවක්ද? බලන්න අර නිලියගෙ ඇඳුම් ටික ගිහින් දුන්න එක කොතරම් උතුම් ක්‍රියාවක්ද?
ඇමතිවරුන්ට බනින්න එපා ඔවුන් නළු නිළියන්ට අවශ්‍ය දේවල් සපයලා විශාල සේවයක් සපයනවා.
ඇමැතිතුමෝ.. ඔය රන්දොරටු පාලම විවෘත කරපු උත්සවයට, එතකොට අර සෑයද මොකක්ද විවෘත කරපු උත්සවයට ඇවිදින් ඇත්තේ සත්තු වත්තේ සත්තු ගොඩක් වෙන්න ඇති නේද? එහෙම නේද හාමුදුරුවනේ...?
මේවා කියලා වැඩක් නැහැ දැන්.
ඔබ අපිට උගන්වන්නේ පොලිස් කාරයෝ ගැනද? වතුර උගුරක් දෙන්න වටින්නේ නැහැ. මාසයක් තිස්සේ පොලිස් රිපෝට් එක ගන්න දඟලනවා
පොදුජන පෙරමුණ පවත්වන සංදර්ශන හා පවත්වන්ට යන දෙශපාලන රැලි හොඳයිද?
එතකොට අර අනුරාධපුරේට එකතුවන අයගෙන් රැල්ල ආවොත් ඔයාගේ අම්මද වග කියන්නේ...?