IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘රටේ වන සම්පත ආරක්ෂා කරන්න එජාපය පෙරමුණ ගන්නවා‘‘

(නිමල කොඩිතුවක්කු)

සිංහරාජ අඩවිය ඇතුළු රටේ වන සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරමුණ ගන්නා බව, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද පැවැසීය.

වන විනාශය නතර කර පරිසරය, දේශීය සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානය ඇතුළු ජාත්‍යාන්තර සංවිධාන දැනුවත් කර ජාතික සහ ජාත්‍යාන්තර වශයෙන් යාන්ත්‍රණයක් ගොඩනගන බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ-සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (3)  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය

‘‘අද සිංහරාජ අඩවිය මුළු රටේම මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. සිංහරාජ අඩවිය තුළ ජල ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට චමල් රාජපක්ෂ මහතා කළ ප්රනකාශයත් එක්ක අද ඒ පිළිබඳ විශාල මාතෘකාවක් ඇතිවෙලා

අසූව දශකයේ දැව සංස්ථාවෙන් සිංහරාජයේ ගස් ටික කපන්න පටන් ගත්තාග එයට විරුද්ධව පරිසරවේදීන් හඬ නගන විට ජනාධිපති ජේග ආර්ග ජයවර්ධන මහතා ඒක නැවැත්තුවාග නවත්වලා 1988 ජාතික උරුම වන භූමි පනත ඉදිරිපත් කළාග කිසිම කෙනකුට අතක් තියන්න බැරි විදියට ඒ පනත තුළින් සිංහරාජ අඩවියට ආරක්ෂාව සැළසුණා

ඒ පනතට එරෙහිව කටයුතු කරන අයට නීතිය මගින් කටයුතු කරන්න හැකියාව තිබෙනවා

මෙම ව්‍යාපෘතිය කරන්නේ හම්බන්තොට ජනතාවට අවශ්‍ය ජලය ගෙන ඒමට බව චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එයට අප විරුද්ධ වෙන්නේ නැහැ. ඒත් සිංහරාජ අඩවිය තුළ මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම නිසා ඇත්තෙන්ම අපේ වන සම්පතට, පරිසර පද්ධතියට හානිය සිද්ධ වෙනවා. මේ විනාශය නොකර ව්‍යාපෘතිය වෙනත් විදියකින් කරන්න කියන ඉල්ලීම අප රජයෙන් කරනවා.

ජේ.ආර්. ජයවර්ධන මහතා පනත ඉදිරිපත් කලේ සිංහරාජ අඩවියේ හෙක්ටයාර් 1682.2 ක් ආරක්ෂා කරන්නයි. 1992 දී අපේ රජයක් යටතේ සිංහරාජ අඩවිය තවත් පුළුල් කරමින් හෙක්ටයාර් 11992ක් දක්වා ව්‍යාප්ත කළා.

සිංහරාජ අඩවිය ආරක්ෂා කරන්න කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. දැන් මේ ආණ්ඩුව ඇවිත් ජාතික උරුමයක් ලෙස සලකන සිංහරාජ අඩවිය විනාශ කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ගැන අපට ලොකු කනගාටුව තිබෙනවා. අප මෙයට විරුද්ධව නැගී සිටිනවා.

ජාතික උරුමය අපට ආරක්ෂා කර දෙන්න කියා එක්සත් ජාතික පක්ෂය විදියට අප යුනෙස්කෝ එකට මේ ගැන ලියනවා. ඊට අමතරව මේ ගැන තවත් ජත්‍යාන්තර ආයතන දැනුවත් කරන්න අප බලාපොරොත්තු වෙනවා. සිංහරාජ අඩවිය ඇතුළු රටේ වන සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම එක්සත් ජාතික පක්ෂය විදියට අප ගන්නවා.

මේ ප්‍රශ්නය දේශපාලනීකරණය කරන්න අපට අවශ්‍ය නැ. මෙතනදි අපට දේශපාලන අරමුණු නැහැ. අපට එක අරමුණයි තිබෙන්නේ. ලංකාවේ තිබෙන සම්පත් ටික ආරක්ෂා කර ගැනීමයි. අනාගත පරපුර වෙනුවෙන් අපේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගත යුතුයි. ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පූර්ණ දායකත්වය දෙනවා.

මේ රජය ගෙනයන වැඩපිළිවෙළ ඇත්තෙන්ම අප හෙළා දකිනවා. සිංහරාජය පමණක් නොව තව ස්ථාන ගණනාවක වනාන්තර පද්ධතිය විනාශ කරන ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා. තමන්ගේ දේශපාලනය වෙනුවෙන් රටේ සම්පත් සූරා කෑම පිළිබඳ ඇත්තෙන්ම අපි කනගාටු වෙනවා

දැන් විෂ පොල් තෙල් පිළිබඳ විශාල කතිකාවක් යනවාග ස්වාධීන පරීක්ෂණයක් කර ජනතාවට මෙහි සැබෑ තොරතුරු හෙළි කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම පිළිකාකාරක පොල් තෙල් ගෙනාපු සමාගම්වලට දඬුවම් කළ යුතුයි.

ජනතාවට පිළිකා හැදෙන පොල් තෙල් ගේනවානම් ඒක ලොකු ගැටලුවක්.

ජනතාවගේ සෞඛ්‍යයත් එක්ක සමාගම්වලට සෙල්ලම් කරන්න දෙන්න බැහැ. තමන්ගේ සාක්කුවට සල්ලි දාගන්න කියා ජනතාවගේ ජීවිත බිල්ලට දෙන්න බැහැ. රජය මේ ගැන වගකිව යුතුයි.

සීනි වලින් බිලියන ගණනක වංචාව වුණා. ඒ වංචාව වසන් කිරීමට ආණ්ඩුව විශාල උත්සාහයක නිරත වනවා. එහෙම තිබියදී පිළිකාකාරක පොල් තෙල් ගෙන්වලා.මේ ආණ්ඩුව ජනතාව තුට්ටු දෙකකට මායිම් නොකරන බව පෙනී යනවා.



අදහස් (3)

‘‘රටේ වන සම්පත ආරක්ෂා කරන්න එජාපය පෙරමුණ ගන්නවා‘‘

Bamunuarachchi Thursday, 01 April 2021 02:32 AM

මුලතිව් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් කපනකොට කොහෙද හිටියේ

:       0       43

Gimhan Friday, 02 April 2021 06:57 AM

තොප්පිගල කියන්නේ කැලෑවක්...

:       0       25

Bala Friday, 02 April 2021 10:36 PM

යහපාලන ආණ්ඩුව කාලේ කැලෑ අක්කර ලක්ෂ කීයක් කපා විනාශ කරාද කියලා පැහැදිලි කරලා, ඒ සියල්ලම නැවත වවන වැඩපිළිවෙල කලින්ම ඉදිරිපත් කරනවා නම් හොඳයි.

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13549 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 947 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site