
(අංජුල මහික වීරරත්න)
අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු රැලිය අමතමින් අද (1) පැවසීය.
රැක ගත් ආර්ථිකය කඩා දමන තීරණ ගතහොත් යළිත් ඉන්ධන පෝලිම් සහිත අඳුරු යුගයකට රට ඇද වැටෙන බවද ජනාධිපතිවරයා කීය.
ලංකාවේ හොඳම නැකැත් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම රටට බව පැවසූ ජනාධිපතිවරයා හැම විටම රට වැටුණු විට ගොඩට ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවද කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් " යළි නොවැටෙන අභිමානවත් රටක්"යන තේමාවෙන් මාලිගාවත්තේදී එජාප මැයි දින සමරු රැළිය පැවැත්විණි.
දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාවගෙන් මාලිගාවත්ත ප්‍රදේශය පිරී ගොස් තිබූ අතර මාලිගාවත්තට පිවිසෙන සියලුම මාර්ග ඔස්සේ පෙළපාලි වලින් පාක්ෂිකයන් රැස්වීම් භූමියට පැමිණෙන අයුරු දැක ගත හැකි විය.


COMMENTS
ගිවිසුම කිව්වේ මෙයාලා මේ දවස්වල විපක්ෂේ මන්ත්‍රීලාට බෙදාගෙන යන බාර් ලයිසන් ගිවිසුම වෙන්න ඇති...!
රටේ ජනතාවට කන්න තියෙන මුදල් බදු විදිහට හූරාගෙන පාලකයින්ට සුර සැප විඳින්න හදලා තියෙන ආර්ථිකය ආරක්ෂා කරගන්න ගිවිසුමක් ගහන්න කියලද කියන්නේ...?
හරි මහන්සි ඇති බයියෝ ටික හිරේ යන්න නොදී ආරක්ෂා කළා. රට ගොඩගත්තේ කොහොමද? දේපල පිට රටට විකුණලා ගිනි පොලියට සල්ලි අරන්. ඔය වගේ වැඩ නූගතුන්ට හොඳට කරන්න පුළුවන්... රට තවමත් බන්කොළොත්... තවමත්. නඩේ අයට ඉස්සර විදියටම ඕන ඕන විදියට බාර් පර්මිට්. වාහන පර්මිට්. නොමිලේ බෙදනවා ඡන්ද ගන්න. දුප්ප්ටත් මිනිහට ගෙයක් හදා ගන්න. ප්ලෑන් එක පාස් කරන්න කාල කන්නින්ට වඳින්න ඕනෑ. කාටවත්ම ඡන්දෙ දෙන්න එපා අනුරට ඇර... රනිල් හිරේ ඉන්න ඕනෑ කෙනෙක්. මුදල් වන්චා කරලා. හොරුන් ආරක්ෂා කරලා රට වැට්ටුවා. දැන් බලේ ඉන්නේ... කිසිම දෙයක් නොකරපු ගානට.
මේ මිනීමරු බැංකු හොරුත් සමග ගිවිසුම්? ඊට වැඩිය හොඳයි තමන්ගේ ගෞරවය, ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන සටන් කරනවා. මීළඟට එන ඕනෑම ඡන්දෙකින් ජාතික ජනබලවේගය ඉහළින්ම දිනවීමට ජනතාව තිරණය කරලා අවසන්. රජයක් පිහිට වූ පසු මොවුන් වැනි දූෂිත හොරුන්ට සිදුවන්නේ අධිකරණය ඉදිරියේදී චෝදනා රාශියක් හමුවේ වැරැදි කරුවන් බවට පත්වී සමහර විට ජීවිතාන්තය දක්වාම හිරගත වීමටයි. එයින් බේරෙන්න උපක්‍රමයක් තමයි මේ ගිවිසුම්..!
ආණ්ඩුවට එකතුවෙලා ඇමැතිකම් ගත්තු බලලෝභී බඩගෝස්තරවාදී කාලකන්නි දේසපාලුවෝ කීප දෙනෙක් ඉන්නේ... ඒ මදෑ?
චන්ද්‍රිකායි, ඔයයි, මහින්දයි 1993 ඉඳලා ජනපති, අගමැති වෙලා මේ රට මේ තත්වෙට ගෙනත් දැන් ඔක්කොම එකගේ කන්න වගේ සූදානම
එන්න අපි ඔක්කොම එකතුවෙලා හොරකම් කරමු
රට හිගමනට පත් කලෙත් ඔයා ඇතුලු මජර දේශපාලුවො තමා, දැන් නිකන් නින්දෙන් නැගිටල වගේ විකාර දෙඩවුවට අපිට ඔක්කොම මතකයි
රෙද්දක් කියවනවා .මිනිස්සු රාජපක්ෂලාව එලවද්දී යන්තම් පුටුවේ වාඩි නොවුනානම් අනුන්ට අංචි ඇද ඇද ,ලංකාවට වල කප කපා තවම ලයිට් කණුවක් යට කලිසම එල්ලාගෙන ඉන්නවා
මෙවැනි දවල් හීන දකින ජේ.වී.පී. කාරයෝ පව් අප්පා. "වැඳලා බහින මේ නඩේට සම්මා සම් බුදු සරණයි" කියලා තමයි කියන්න තියෙන්නේ.
ඡන්දයක් තියලා ජන මතේ ඇති අතර ගිවිසුම් ගහන්න පුළුවන්නේ
අතීත පොහොට්ටුවන්ගෙන් යුතු සභාග ආණ්ඩුවක් හදන්න කලින් මහ මැතිවරණයක් තබා වර්තමානයේ ඇති ජනතා කැමැත්ත අනුව තේරී පත්වන මන්ත්‍රීන්ගෙන් ආණ්ඩුවක් හදන්න. ඒකටත් රනිල් සුදුසුදැයි ජනතාවගෙන් දැනගන්න. 2019 හා 2020 පත් වුනු පොහොට්ටුවෝ බහුතරයක් දැන් අවලංගු වී ඇත.
මේ මග එන ගමන්. ඔක්කොම ලෑස්ති කරලා තියන්න, කණ අත්සන් ගහන්න...
මෙයා මෙහේ බයිල ගහ ගහ ඉන්නවා. ඇමරිකාව කියන ඕන පදේකට මෙයා නටනවා. තානාපතිනිය බොක්කේන්ම වැඩ කියල පෙන්නනවා. ඒත් අන්න බහමාස් වලට යන්න ඉන්න රිලේ කණ්ඩායමට ඇමරිකාව හරහා යන්න දෙන්න බැහැ කියල නතර කරල. එයාල අනාථයි. මොකක්ද රනිල් මහත්තයෝ මේ බොරුව. රිලේකණ්ඩායම කියන්නේ කඩා කප්පල්කාරින්ද? ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය කරන්නේ මොකක්ද?