IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


‘වැඩ කරන විරුවෙක් කියා ආ ජනපති වැඩ බැරි ආණ්ඩුවක් නිර්මාණය කළා’

(නිමල කොඩිතුවක්කු)

වැඩ කරන විරුවෙක් යැයි කියා පසුගිය ජනාධිපතිවරණයේ දී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මාස අටක් යන්නට පෙර වැඩ බැරි ආණ්ඩුවක් නිර්මාණය කළ බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

ආණ්ඩුවේ නොහැකියාවන් වසා ගැනීමට විවිධ අසාර්ථක ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
 
ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී අද (24) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

පසුගිය සතියේ මහ බැංකු නිලධාරීන් කැඳවලා තේ, කෝපි දීලා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ට හොඳටම බැන්නා. මම බලයට පත්වෙලා මාස අටක් ගත වෙලත්   මොකුත් වෙලා නැහැ කියලා රාජ්‍ය නායකයා විදියට එතුමා කිව්වා. ඇත්ත ප්‍රකාශ කිරීම ගැන රාජ්‍ය නායකයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි ස්තුතිවන්ත විය යුතුයි.

මේ ප්‍රකාශය ගැන මහින්ද මහින්ද රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන මාධ්‍ය ඉදිරියට ඇවිත් සුදු හුණු ගාන්න හැදුවට දැන් කෝච්චිය ගිහින් ඉවරයි.

ජනාධිපතිවරනයට පෙර වැඩ කරන විරැවෙක් කියලා තමයි එතුමන්බලයට පත්වුණේ. බලයට පත්වෙලා පත්වෙලා මාස අටක් යනකොට වැඩ බැරි ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා.

ජනතාවාදී ආණ්ඩුවක් අපි ඉදිරියෙදි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් හදනවා. හොරකම් කරපු වංචා දූෂණය කරපු ජනතා මනාපයට පයින් ගහපු කවුරුත් අපිත් එක්ක නැහැ. සියලු ආගම් ජාතීන්ට පිනි ගන්න පුළුවන් වැඩක් කළ හැකි දක්ෂ කණ්ඩායමක් අද අපිත් එක්ක ඉන්නවා.

හිටපු ජනාධිපතිවරැ හිටපු අගමැතිවරැ අපිත් එක්ක නැහැ. ඒ අය ඉන්නේ එහා පැත්තේ.බලයට කෑදර නැති ජනතාවට සමීප සැබෑ ජනතා නායකයින් එක්ක අපි මේ ගමන ආරම්භ කර තිබෙනවා.

අගෝස්තු පහෙන් පස්සෙ රටත් ජනතාවත් දිනවන ආණ්ඩුවක් අපි පත් කරනවා. ඒ වෙනුවෙන් සහයෝගය දෙන්න කියලා රටේ සමස්ත ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා මෙසේ කීය.
 

හමුදාව ඝාතනය කළ බවට කරුණා අම්මාන් ඉතා බරපතල ප්‍රකාශයක් සිදුකරලා තියෙනවා. කරුණා අම්මාන් කියන්නේ  මේ ආණ්ඩුවෙ ප්‍රධාන පාර්ශවකරුවෙක්. ඔවුන් කරුණා අම්මාන්ට උප සභාපති තනතුරක්, ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් දුන්නා. එතනින් නොනැවතී ඇමැතිකමක්  දුන්නා. දැන් මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.


කරුණා අම්මාන් යොදවල උතුරේ ජාතිවාදය අවුස්සනවා. දකුණේ පිරිස් යොදවලා දකුණේ ජාතිවාදය අවුස්සනවා. ආණ්ඩුව මේ හදන්නේ ජාතිවාදය තුළින් බලයට පත් වෙන්නයි.
මේ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී  ජනතාවට පොරොන්දු මල්ලක් දුන්නා. ආණ්ඩුවට මාස අටක් උනාට ඒ කිසිවක් සිදු කරලා නැහැ. වැඩ බැරි ආණ්ඩුවක් කියලා අද වෙනකොට මේ ආණ්ඩුව ජනතාවට ඔප්පු කරලා ඉවරයි. ජනතාවට මූණ දෙන්න බැරි මේ ආණ්ඩුවේ පිරිස දැන් මොනවා හරි විකුණලා බලයට එන්න දඟලනවා.

 



අදහස් (3)

‘වැඩ කරන විරුවෙක් කියා ආ ජනපති වැඩ බැරි ආණ්ඩුවක් නිර්මාණය කළා’

[email protected] Wednesday, 24 June 2020 02:07 PM

එකෙක් ඉන්නවද? රටට, ජනතාවට ආදරේ කරන.. බොක්ක පුරවා ගන්න තමයි එන්නේ බලය අරගෙන... 1948 ඉඳන් තවම බැරිවුණා රට ස්වයංපෝෂිත කරගන්න. දෙවියන් රවටමින් මල් පූජාකළාම සේරම හරි කියලා හිතන් ඉන්නේ. කොහොමද හොරාකන හැටි? හාමුදුරුවරු හැමදේටම ඉදිරිපත් වෙනවා. රට හොරාකන්නවුන්ට දොස් කියනවා වෙනුවට සෙත් පතනවා. මේ නිසා තමයි රට අන්ත දුගී තත්වයට පත්වෙලා තියෙන්නේ.. සේරමලා හිතන්නේ තමන් ගැන විතරයි. සුද්දා පාලනය කරන රටවල්. කොයිතරම් නීතිගරුකද මිනිස්සු? සැප විඳිනවා නායකයෝ හොරකම් කරන්නේ නැති නිසා. අපේ රටේ විතරයි උපාධියක් නැති, ඉගෙනීමක් නැති අය රට පාලනය කරන්නේ.

:       0       409

විජේ Thursday, 25 June 2020 12:18 PM

ඇයි තවත් සිරෙකුයි, රනිලෙකුයි වෙන්න ඇති බලන් හිටියේ... යන්ඩ නිකං බයිලා නොකියා.

:       0       0

විජේ Thursday, 25 June 2020 12:21 PM

මනෝවිකාරෙන් කියවනවා කියන්නේ ඕකට තමයි.., අනේ අනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site