IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


‘ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙක ලැබී නැහැ‘

 (නිමල කොඩිතුවක්කු)
 
ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය තුනෙන් දෙක මහජනතාවගේ ඡන්දයෙන් හෝ පාර්ලිමේන්තු ඔලුගෙඩි වලින් ලැබී නොමැති බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය.
 
ජනතා බලයක් නොලැබෙන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අල්ලස් ලබා දී විපක්ෂයේ මන්ත්‍රීවරුන්  ලබා ගැනීමේ උත්සාහයක ආණ්ඩුව  නිරතවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ අද(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙසේද කීවේය.

 ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී 52% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණා. සරල බහුතරයකින් තමයි එතුමා ජයග්‍රහණය කළේ. පාවිච්චි නොකරපු ඡන්දත් තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේදීත් එයලට හම්බවෙලා තියෙන්නේ 58% පමණයි. ජනතාවගේ බලයෙන් එයලට තුනෙන් දෙකක් ලැබිලා නැහැ.

 
ආණ්ඩුවට ජැක් ගහන පක්ෂ තුනත් එක්කම ආණ්ඩුවට තියෙන්නේ ආසන 149ක් පමණයි. කතානායකවරයාට ඡන්දය පාවිච්චි කරන්න බැහැ.ඒ නිසා එරට තියෙන්නෙ ආසන 148ක් පමණයි. පාර්ලිමේන්තුව තුළත් තුනෙන් දෙකක් නැහැ.
 
පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක් ගන්න නම් අනිවාර්යෙන්ම ඇමැති කටු සූප්පු කරන්න කැමති දෙන්නෙක් අල්ලස් දීලා විපක්ෂයෙන් උත්සන්න වෙනවා.
 
මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් හම්බුනා කියන එක පට්ටපල් බොරුවක්. තුනෙන් දෙකක් ජනාධිපතිවරණයේදී  ලැබුනෙත් නැහැ. මහ මැතිවරණ⁣ය්දී ලැබුනෙත් නැහැ.
 
ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙක මහජනතාවගෙ  ඡන්දයෙන් ලැබිලත් නැහැ,  පාර්ලිමේන්තු ඔළු ගෙඩි වලින් ලැබිලත් නැහැ. 2010 කරා වගේ අල්ලසට පගාවට දෙතුන් දෙනෙක් උත්සන්න දැන් ආණ්ඩුව කටයුතු කරගෙන යනවා.
ජනාධිපති කියන්නේ තනි පුද්ගලයෙක්. පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ සියලු දෙනා නියෝජනය කරනවා. පාර්ලිමේන්තුව පැත්තකට දාලා විස්සෙන් ජනාධිපතිවරයාට බලය පවරන එක සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් විදියට අපි දකිනවා.
 
 
 
           



අදහස් (0)

‘ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙක ලැබී නැහැ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site