
(අංජුල මහික වීරරත්න)
මාලිමාව රට පුරා වෛරය වපුරා ඔවුන් බලය ලබාගතහොත් අවසානයේ රටට සිදුවන්නේ කුමක්දැයි ජනතාව සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැස්බෑවේ දී පැවසීය.
ඉටු කළ නොහැකි බොරු පොරොන්දු දෙමින් සිටින මාලිමාව තම සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය රටට කිව යුතු බව පැවසූ ජනාධිපතිවරයා ජනප්‍රිය නොවුණත් තමා සෑමවිටම ජනතාවට සත්‍ය ප්‍රකාශ කරන්නේ රටේත්, ජනතාවගේත් හෙට දවස වෙනුවෙන් බව කීය.
කැස්බෑවේ "පුළුවන් ශ්‍රී ලංකා" ජන රැලිය අමතමින්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
එදා අනුර කුමාරට බාරදුන් කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ වගකීම නිසි ලෙස ඉටු කළා නම් අද රටේ කෘෂිකර්මාන්තය දියුණු වී තිබිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ප්‍රතිපත්තියකින් තොරව වෛරය පමණක් වපුරන ඔහුගේ වැඩපිළිවෙළ රට විනාශය කරා ඇද දමන බවද පැවසීය.
සියල්ල නොමිලේ ලබාදෙන බව කියන සජිත් මේ වන විටත් පරාජය පිළිගෙන ඇති බව ජනාධිපතිවරයා කීය.
එබැවින් සජිත් ප්‍රේමදාසට සහ නාමල් රාජපක්ෂට දෙන ඡන්දය අනුර කුමාරට දෙන ඡන්දයක් බව ජනතාව අමතක නොකළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය
ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
ලබන සතිය අවසන් වන විට ඡන්දය ලබාදී තමන්ගේ අනාගතය තීරණය කිරීමට මේ රටේ ජනාතවට අවස්ථාවට ලැබෙනවා. ඒ මත ජනතාවගේත්, රටේත් අනාගතය තීරණය වෙනවා.
වසර දෙකකට පෙර රටේ ජනතාවට ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ නොතිබු අවස්ථාවේ තමන්ගේ වැඩපොළ වසා දමා තිබු අවස්ථාවේ මේ එක නායකයෙක්වත් ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ලබාදීමට ඉදිරිපත් වුණේ නැහැ. එදා ඒ නායකයන් කොහෙද හිටියේ කියා මම අහනවා. අද ජනතාව ඉදිරියට පැමිණ ඡන්දය ඉල්ලා සිටියත් එදා ඔවුන් දකින්න හිටියේ නැහැ.
මේ රට දියුණු කිරීමේ සැලස්ම අප ජනතාවට ඉරිපත් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
නමුත් හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර කියන්නේ තමන් මේවට සම්බන්ධ නැති බවයි. අප එළවා මාලිමාවට ඡන්දය දෙන්නැයි ඔවුන් කියනවා.
මාලිමාවට ඡන්දය දුන්නොත් මොකද වෙන්නේ. ඩොලරය රුපියල් 400 දක්වා ඉහළ යනවා.
ඩොලරය රුපියල් 370 වන විට දරා ගන්න බැරි වුණා නම් ඩොලරය රුපියල් 400 – 420 වන විට දරා ගන්න පුළුවන්ද? කියා සිතිය යුතුයි.
ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව අයවැයක් හදලා දෙන්නැයි මම කිව්වා. ඔවුන්ගේ අය වැය පරතරය රුපියල් බිලියන 4000යි. ඔවුන්ගේ අය වැය අනුව රුපියලේ අගය අඩු වෙනවා. එවිට ඩොලරය රුපියල් 420ට යනවා.එවිට මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන්නේ නැහැ.
අද අනුරලා කතා කරන්නේ ගණන් වහලා . ඔවුන් ජනතාවට ඇත්ත කියන්නේ නැහැ. උන් හොරු, උන් අයින් කරලා දාලා අපි බලය ගන්නවා කියනවා. අප හොරුන්ගෙන් මුදල් අය කරගන්නා බව කියනවා.
අපි දූෂණ විරෝධි නීතිය ගෙනාවා. මෙම වැඩ කටයුතු සඳහා එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මුදල් නැවත ලබා ගැනීමට නම් අපි තවත් පියවර කිහිපයක් ගත යුතුයි.
අපරාධයකින් අත්පත් කරගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත අප ඉදිරිපත් කර තිබෙනවා. ඒක සම්මත කර ගන්නා තෙක් මෙම කටයුතු කරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ හොරු අල්ලන්න භාර දුන් ආනන්ද විජේපාල අවුරුදු තුනකින් හොයා ගත්තේ මොනවාද? ඔහු නඩු දැම්මේ කාටද?කාගේ දේපළද ආපසු ගත්තේ කියා මම අහනවා. ඒ නිසා මේ විදිහට බොරු පොරාන්දු දෙන්න එපා කියලා මම අනුර කුමාරට කියනවා.
බදු අඩු කරන බවත් ඔවුන් කියනවා. ගෝඨාභය රාජපක්ෂ කරපු දේ ආපසු කරන්න අවශ්‍යද? මම කියන්නේ ජනප්‍රිය දේවල් නොවෙයි. මම සෑමවිටම ඇත්ත කියනවා. ඒ නිසා මේ අයවැය පරතරය පියවා ගන්නේ කෙසේද කියා මාලිමාව රටට කිව යුතුයි.
ඔබ සිතිය යුත්තේ ඔබේ සහ ඔබේ දරුවන්ගේ අනාගතය පිළිබඳවයි. නැතනම් අපේ රටත් ග්‍රීසිය, ආර්ජන්ටිනාව වැනි තත්ත්වයට පත් වෙනවා. එය වලක්වා ගැනීමටයි මම මේ උත්සාහ කරන්නේ.
අනෙක් පැත්තෙන් සියල්ල නොමිලේ දෙන බව සජිත් ප්‍රේමදාස කියනවා.
මාලිමාවේ ආණ්ඩුවක් යටතේ රුපියලේ වටිනාකම කීයක් වේදැයි
ඔවුන්ගෙන් අහන්න . ඒ පණිවිඩ අනෙක් ජනතාවටත් ලබා දෙමින් රටත්, ආර්ථිකයක් බේරගන්න සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ,ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහත්වරු ඇතුළු ජනතා නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා ,බන්ධුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර රාජිත සේනාරත්න , මේජර් ප්‍රදීප් උදුගොඩ, හිටපු අමාත්‍ය රවී කරුණානායක මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
මේ බයවෙලා තියෙන්නේ තමන්ගේ පන්තියට ලැබෙන වරප්‍රසාද නැතිවෙනවාට, වෛරය කියන්නේ ඒ දීමනා, පහසුකම් නැති කරනවා කියලා මාලිමාව සපථ කරන එක, ඒක තේරුම් ගන්න, වෛරය වපුරනවා කියන්නේ අපි දන්නා විදියට ගහපං හරපං කියන එක, තමන්ගේ පවුල් වල අය ලොකු ලොකු තනතුරුවලට දාගන්න බැරිවෙන එක මේ වෛරය කියන්නේ. ඒ වෛරයට අපි නම් කැමැතියි.
අනුර කුුමාර කෘෂිකාර්මික ඇමතිකම් කලේ මාස නමයයි, ඒ මාස නමයේදී මෙයා කියන කෘෂිකර්මය දියුණු කළ යුත්තේ කෙසේද?
සීයේ ඔයා දැන් නාකියි... තරුණයින්ගේ අනාගතය කාබාසිනියා නොකර ගෙදර යන්න.
රනිල්ට බෑ කියලා පෝස්ටර් ගහපු අය දැන් රනිල්ට පුලුවන් කිය කියා රට වටේ යනවා... රනිල් බැංකු හොරා කියලා පොත් ලියපු අය රනිල් නැතුව බැංකු වැටෙනවා කියලා කියනවා රනිල් කොටියා කියපු අය රනිල් රට බේරා ගත්තා කියනවා...
පැරණි මිනිස්සු උපන් ගෙයි ගතිය බලි ඇරියත් නොයති... කියලා කියනවා ඇහිලා තියෙනවා... ඉතින් ජෙප්පන් ආරම්භයේ සිටම පංති කරද්දී කලේම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හා වෛරය පැතිරීම තමයි. ඒවා ජෙප්පෝ මාලිමාව කියලා වෙනසක් වෙන්නේ නැහැ. හරියට කොටියා කැලේ මාරුවුණාට පුල්ලි මැකෙන්නෙ නැහැ වගේම තමයි...
අවුරුදු හැත්තෑ ගනනක් මාරුවෙන් මාරුවට රටට කල විපතට අපි ඔබ සියල්ලටම වෛර කරන්නෙමු. එය විසි දෙවනිදාට පෙනෙයි කොපමනද කියලා…
යන යකා කොරහත් බිඳගෙන ලු යන්නේ..ගණන් ගන්න එපා ඔවා හිතේ දුකට කියන කතා
ගෙවුන කාලයෙන් කවුද එහෙම කලේ කියලා කවුරැත් දන්නවා.හිස් ගැස් බොතලයට වෙන කියන්න දෙයක්ම නැතිද?
අනුරට බාර දුන්න කෘෂිකර්මය අමාත්‍යංශයක් ගැන කියවන්නේ, හත් සැරයක්ම රටම බාර ගත්ත එකෙක් කියලා සිලින්ඩර් මුත්තාට මතක් කරලා දෙන්න තරම් සිහිකල්පනාව තියෙන එකෙක් ලග හිටියා නම් මේ වගේ ගොන් කතා මාධ්‍ය වලට යන්නේ නැහැ.
ඒක නේ..! ඔයාලාගේ පාඩුවේ හොරාකාගෙන මිනිස්සු අන්දගෙන ඉන්න දෙන්නේ නෑ නේද? හරිම නරකයි.
මෛත්‍රීත් දැන් එන්න පටන් අරගෙනද?
හැම ජෙප්පෙක්ගේම කටේ තියෙන්නේ හොරා කනවා හොරා කනවා. ඒත් එක හොරකමක් පෙන්න ගන්න බෑ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ කාලේ වෙච්චි එක හොරකමක් පෙන්න ගන්න බැරිවෙලා තියෙනවා. ඒත් එයාලා දන්නේ නෑ එයාලාගේ තිස්සමහාරාම ප්‍රාදේශිය සභාව විසුරුවා හැරියේ හොරකම් නිසා කියලා.
ඇත්තටම තමන්ගේ පක්ෂේ ප්‍රතිපත්තියක් හරියට ඉදිරිපත් කරගන්න බැරුව අනිත් පක්ෂවලට එරෙහිව රනිල් තුමා ගෙනයන ද්වේශ සහගත උත්සාහය මොළය තියෙන මිනිස්සු නම් සත පහකට ගණන් ගන්නේ නැහැ. හොඳයි රනිල්තුමා ඔබගේ කට්ටිය අනුරාධපුර මහව දැනට බාගෙට නිමවෙලා තියෙන දුම්රිය මාර්ගය දැඩි අනතුරුදායක තත්වයෙන් තිබියදීත් මිනිස් ජීවිත ගැන කිසිම වගකීමක් නැතිව විවුර්ත කරලා මිනිස්සුන්ව රවටලා පටවලා යවලා ලකුණු දාගන්න හැදුවා නේද? අද රජයට අයත් දිනපතා පුවත්පතක ඒ දුම්රිය මග අද සිට විවෘත කළ බව පොල් ගෙඩි අකුරින් පළකර තිබ්බ නේද? බාගෙට හදපු පාරේඅධි වේගෙන් යන දුම්රිය පෙරලුනොත් වෙන විනාශය ඔබට නිකමට වත් හිතුනේ නැහැ නේද? කොමිසමෙන් ඒ වැඩේ නතර කල නිසා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරුණා. ඔබ අතීතයේ ගත් සහ ඉදිරියේදී බලයට ආවොත් ගන්න හිතන් ඉන්න තීරණ රටට ඉතා වගකීම් විරහිත අහිතකර විනාශකාරී නොසැලකිලිමත් ඒවා බව තවත් අමුතුවෙන් කිව යුතු නැත...
මාරුවෙන් බලයේ හිටපු දූෂිත දේශපාලුවන් කියපු කරපු දේවල්, ඔවුන්ගේ කෙරුවාවල් ගැන අපි හොඳාකාරවම දන්නවා. ඔවුන්ට බැහැ... අපිව ආයේ අන්දන්න.. මෙවර අපි මාළිමාවටම තමයි...!
රනිල් දවසක් උපහාසාත්මකව හිනා වුණා. ලංකාවේ අයට mobile phone හදලා කියයි හලෝ කියලා වගේ එකක්... උන්දෑ දන්නේ නෑ mobile phone එකක් හදන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මොරටු ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර් කෙනෙක්ට කියලා. නමුත් ඒ අය ඒ වගේ දෙයකට ආයෝජනය කරලා අවදානම ගන්නේ නෑ. රනිල්ලා කළ යුතුව තිබෙන්නේ ඒ වගේ අයට safety cushion එකක් දෙන විදියට ජාතිය මෙහෙයවීම. නමුත් සිදුවෙන්නේ බැරිකම ජනගත කරන එක. පුළුවන් නම් ඒ වීඩියෝ එක හොයලා දාන්න ඕනෑ...
මෙතැන බොරු කියන්න එපා... තිස්සමහාරාම ප්‍රා සභාව ගැන, සත පහක හොරකමක් වුණා නම් අපි දන්නවා මේ පාලක උන්නැහැලා කියවන හැටි, ලංකාවේ සාර්ථකම සභාව වුණා ඒක... රටේ සියලුම ආයතන, ආගම පවා විනාශ කරපු හැත්තට කඩේ යන නිවටයින් තවමත් මොවුන්ගේ පස්සේ යනවා කටෙන් විසිවෙන ඉඳුල් කන්න...!
දැන් කවදාද රනිල්, සජිත් එකතු වෙන්නේ?
ජෙප්පෝ හොරා කාපු එක ගැන කියනවා තමයි, බලන්න ඊයේ සීනිබදු වංචාව ගැන හඳුන්නෙත්ති දාපු පෙත්සම විභාගයට ගත්තා, ඒවා ගැන මොකද නිහඬ..?
වයසට ගියපු පරිණත දේශපාලකයින් වෙලත් මේ වගේ තුට්ටු දෙකේ කතා කියනවා කියන්නේ දිනන්න බැරි බව අවබෝධ කරගෙන... ඡන්දෙ දිනන්න මෙහෙම තර්ඩ් ක්ලාස් කතා එළියට දාන්න එපා.. අනුරගේ ඡන්ද තව වැඩි වෙනවා...!
මාලිමාවට ජය වේවා
අනේ ඔයාලා බබලන්නේ. ස්ටේජ්වල ගෝලයෝ කියන කතා ඇහෙද්දී වමනෙට එනවා. එව්වා ඔයාට හොඳයි...