(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එය වැරදි පූර්වාදර්ශයක් බව කී ජයසේකර මහතා රටේ තිබෙන ඉහලම තැනට ගිය පසු නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සදාචාරයක් ඇති වැඩක් නොවේ යැයිද කීය.
ජේ.ආර් ජයවර්ධන මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්ම මහත්මීන් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම ගැන ස්තුතිවන්ත වන බව කී ජයසේකර මහතා ඔවුන් පාර්ලිමේන්තුවට නැවත නොපැමිණ තමන්ගේ ගෞරවය තබාගෙන කටයුතු කළ බව පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාත් ඊළඟ වසරේ මහ මැතිවරණයට ඉල්ලා පාර්ලිමේන්තුවට ඒවි ද නොදන්නා බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන්න සුදුසු නැතැයි ජනතාව තීන්දු කළ කෙනෙක්. ඊළඟ මැතිවරණ තීන්දුව ඉතිහාස ගතවෙනවා!!! තමුන්නැහේලා ඔක්කොම ෆේල් හලෝ...
මහින්ද එක්ක කුරුණෑගල එකට ඡන්ද ඉල්ලන විට මෙයාට මේවා මතක් වුණේ නැහැ... ඊළඟ ඡන්දයේදී සිරිසේන පාර්ලිමේන්තු එනඑක වළක්වන්න හිතාගෙන වෙන්න ඇති මෙයා මේවා කියවන්නේ...! ඔහේලාගේ වැදිබණ අහන්න දැන් රටේ මිනිස්සු සූදානම් නැහැ කියලා මතක තියා ගන්න හලෝ..!.
ලංකාවේ ඉන්න බයියන්ට මේවා තේරෙනකොට රට ඉවරයි...
මෙයා කියන විදිහට හිටපු ජනාධිපති කෙනෙකුට එන්න නොදෙනවා වගේම ආවොත් අවසාන අවස්ථාවේ එනම් විශ්‍රාම ගන්නා අවස්ථාවේ හිටපු තනතුරට අදාල වන ලෙසට විශ්‍රාම වැටුප් ගෙවීමටත් කටයුතු කරන්න ඕනෑ.. (කිසිවක් නොගෙනාවා නම් වඩාත් හොඳයි) උදාහරණයක් හැටියට හිටපු ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් ලෙසට විශ්‍රාම ගත්තා නම් මුලින්ම පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා මන්ත්‍රී කෙනෙකුට හිමි වැටුප් අනුව විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කරන්න ඕනෑ... අනෙක් පහසුකම් දෙනවා නම් දෙන්න ඕනෑ කරන්නේ ඒ විදියටම තමයි.. හිටපු ජනාධිපති කෙනෙක් මන්ත්‍රී වුණොත් ජනාධිපති කෙනෙකුට ලබාදෙන නිලනිවාස අහිමි කරන්නත් ඕනෑ... අපි බලමුකෝ, කවුද එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්නේ කියලා... අඩුම තරමින් මොහුවත් එහෙම කරයිද කියලා හිතන්න බැහැ...!
තමුන්ගේ වාසියට, පැවැත්මට, තණ්හාවට රිලව් වගේ එහෙට මෙහෙට පනින අවස්ථාවාදී කාලකන්නි දේශපාලුවන්ටත් මෙහෙම නීතියක් ගේන්න වටිනවා...
ඔබතුමා ජනාධිපතිවරු පිළිබඳව ඉදිරිපත් කරන අදහසට මම විරුද්ධ නැහැ. නමුත් ඔබතුමාට තිබෙන්නේ වෙන ප්‍රශ්නයක් බව පෙනෙනවා එහෙට මෙහෙට පනින්නේ නැතුව පක්ෂ මාරු නොකර එක පැත්තක එක ප්‍රතිපත්තියක හිටියා නම් ඔබතුමාට මෙහෙම වෙන්නේ නැහැ. දැන් ඔබතුමාගේ දේශපාලන අනාගතය විශාල ලෙස සෝදාපාලුවට ලක්වෙලා...
මේ කියමන ඉතා වැදගත්...
මේ පෙරළිය කළ හැක්කේ මාලිමාවට පමණයි. ඒ නිසාම තමයි අද වෙන කොට මාලිමාව වටා ජනතාව එක් රොක් වී සිටින්නේ...!
එලෙව්වාම නකුට කකුල් දෙක අස්සේ ගහගෙන ඉඳලා දැන් හිටපු අයට එන්න දෙන්න එපාලු...
ලංකාවේ දේශපාලකයින්ට ලැජ්ජා නහරේ නෑ. රජවෙලා බලුවෙනවා...!