IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රීලනිප ආණ්ඩුවක් ඇතිවෙනවානම් අපි විපක්ෂයේ සිට තනතුරු නොගෙන සහය දෙනවා

(සිටිනාමළුව - අනීෂා මානගේ)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙ ආණ්ඩුවක් ඇතිවෙනවා නම් අපි විපක්ෂයේ ඉඳගෙන තනතුරු නොගෙන සහයෝගය දෙනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේදී පෙරේදා (25) පැවැසීය. 

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසූවේ මාතර මහනගර සභාව, මාතර ප්‍රාදේශීය සභාව සහ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවලට අලුතින් පත්වූ සභාපතිවරුන් උප සභාපතිවරුන් සමඟ තංගල්ල කාල්ටන් නිවසේ පෙරේදා පැවැති හමුවකට එක්වෙමිනි.

එහිදී රාජපක්‍ෂ මහතා මෙසේද කීය. 

හැමදාම පත්තරේ බැලුවොත් මිනීමැරුමක්. එක තැන දෙක තුන හතර. පවුල් පිටින් විනාශ කරල. පොඩි ළමයි දූෂණය කරනවා. එක්දහස් පන්සිය ගාණක් මම දැක්කා වාර්තා වෙලා තියෙනවා. මේ තත්ත්වය ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මේ කෙටි කාලය තුළ. විනයක් හා පාලනයක් නැතිකමයි මේ දේවල්වලට හේතුව. ඒ ඇති වෙලා තියෙන තත්ත්වයන් වෙනස් කරන්න ඕන අනිවාර්යෙන්. ඒකයි මහජනයා අපිට බලයක් දුන්නේ. ජනතාව අපි කෙරෙහි විශ්වාසය තියල දුන්නා. අපි ඉන්නේ විපක්ෂයේ කියල දැන දැනනේ දුන්නේ.

ආණ්ඩුවක් ගොනයි මීමයි වගේ යන්න බැහැනෙ. සභාවක් වුණත් සභාපති උප සභාපති එකපැත්තකයි නගරාධිපති තවත් පැත්තකයි දෙන්න දෙපැත්තට ඇද්දොත් සභාව ගෙනියන්න බැහැ. වැඩ කරන්නත් බැහැ. එකට වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕන. නැත්නම් මේ ආණ්ඩුවට වෙලා තියෙන දේ තමයි වෙන්නේ. කිසිම තීන්දුවක් ගන්න බැහැ. වැඩක් කරන්න බැහැ. තියෙන සම්පත් ටික විකුණනවා හැරෙන්න වෙන වැඩක් කරන්න බැහැ. ඒකට දෙගොල්ලොම එකතු වෙනවා. වරාය විකුණන්න ඕන වුණාම දෙගොල්ලොම එකතු වෙනවා. ඉඩම් ටික විකුණන්න ඕන වුණාම දෙගොල්ලොම එකතු වෙනවා. විකිණීමේදී දෙගොල්ලොම එකතු වෙනවා. අනිත් දේවල්වලදී ගැටුම් එනවා. කොහොම වුණත් ආණ්ඩුවක් මේ විදියට ගෙනියන්න බැහැ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ඇතිවෙනවා නම් අපි විපක්ෂයේ ඉඳගෙන තනතුරු අරගන්නේ නැතුව ඒ සහයෝගය දෙනවා. දැනට තීන්දුව එහෙමයි. ඒ වගකීම එතකොට අපිට තියෙනවා. එහෙම නැතිවුණොත් මම කිව්ව වගේ ආයෙම ගොනයි මීමයි වගේ තමයි. මම ඒ උදාහරණය කිව්වේ මේ රට දිහා බලලා. ඒ නිසා සියලු_ දෙනා එකතු වෙලා වැඩ කරන්න. නගරය පිරිසුදුව තියා  ගන්න ඕන. අද මිනිස්සු ඉල්ලන එකක් තමයි මේ නගර  ළගින් යනකොට දැනෙන ගඳ නැති කරන්න. කොළඹ නගරයේ තියෙන තත්ත්වය බොහොම භයානකයි. කුණු කන්දල් පිරිලා.

මට පිටරට ඉඳලා ආපු කට්ටියක් කියනවා එදා එනකොට තිබුණේ නැහැ මෙහෙම තත්ත්වයක්. අද වෙනකොට මෙහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ ඇයි කියල මගෙන් අහනවා. මම ඉතින් කිව්වා ඒක අහන්න ඕන මගෙන් නෙවෙයි කියලා. දැන් ඉන්න පාලකයන්ගෙන් අහන්න වෙන්නේ කියලා. 

සිංහල අලුත් අවුරුද්දේ නැකැත් පිළිබඳව ප්‍රශ්නයක් ආවා. හුඟාක් දෙනෙක් කිව්වා මේ නැකත ගන්න එපා කියලා. එතකොට ඒ නැකත අරගත්තා. අපිට කිරිබත් කන්න හම්බවුණේ නෑනේ. මළබත්නේ කෑවේ. කිරි උතුරන්න හම්බවුණේ නෑනේ. ඒ වගේ තත්ත්වයක් රට තුළ ඇතිවුණාට පස්සේ ඒක දිගින් දිගටම යනවා. 

ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවට වඩා අඩුවෙන් අපෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අවංකව ඒ කාර්යය අපි ඉටු කරාවි කියල අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි දැනටමත් කියල තියෙන්නේ කොන්ත්‍රාත් දෙන්න යන්න එපා කියලා. මේ පත්වෙලා ඉන්න අය හොඳට කළොත් පළාත් සභාව දිනනවා. පළාත් සභාව හොඳට කළොත් ජනාධිපතිවරණය මහ මැතිවරණය ඊළඟට එනවා. අපි හිතනවා අපි පාර්ලිමේන්තුවත් ගන්න බලනවා වේලාසනින්. ඒකයි අපි ඉල්ලන්නේ. පාර්ලිමේන්තුව ගේන්න ඉස්සරහට. ගෙනල්ලා මැතිවරණය තියන්න. ඒ කොහොම වුණත් අපි කරන දේවල් ගැන මුළු රටක් බලාගෙන ඉන්නවා යැයි හිටපු ජනාධිපතිවරයා කීවේය. 

 



අදහස් (0)

ශ්‍රීලනිප ආණ්ඩුවක් ඇතිවෙනවානම් අපි විපක්ෂයේ සිට තනතුරු නොගෙන සහය දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site