
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුවට ජනතාව ඡන්දය දීම වැරදි වුවත් එය පිළිගත යුතු බවත් ජනතාව ඡන්දය දීමේ ඉතාම භායානක ප්‍රතිඵලය ජනතාවටම විදීමට සිදුවී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය් සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (1) පැවසීය.
මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ‘බොරුව නවතනු පොරොන්දු ඉටුකරනු’ යන තේමාව යටතේ අද (1) පැවැති එම පක්ෂයේ කම්කරු දින සැමරුම් උත්සවයේදී එම පක්‍ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ පැවසීය.
ජනතාව පසුගිය මැතිවණවලදී සියලුම දේශපාලන පක්‍ෂවලට දුන් පණිවුඩය අනිවාර්යෙන්ම වටහාගත යුතු බවත් එසේ නොවී පැරණි විදියටම ගිය හොත් පැවැත්මක් නොමැති බවත් සභාපතිවරයා කීය.
ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්‍ෂ පසුගිය කාලයේ දේශපාලන කුණාටුවකට හසුව සෑම පක්‍ෂයක්ම දෙකට තුනට කැඩුණු බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් මුහුණදීමට සිදුවූ තත්වයක් නොවන බවත් ඒමහතා සඳහන් කළේය.
මැයි දිනයේ අයිතිකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මැයි දිනය අභිමානවත් දිනයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවේ කම්කරු අමාත්‍යවරයා වූ ටී. බී. ඉලංගරත්න මහතා මෙටට කම්කරු දිනයක් ප්‍රකාශයට පත්කළ බවත් ඒ මහතා කීය.
මෙරට කොතරම් දේශපාලන පක්‍ෂ තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට සමත් වූ බව කී සිල්වා මහතා සඳහන් කළේ වචනයට පමණක් නොව ක්‍රියාවෙන්ම කම්කරු ජනතාව වෙනුවෙන් එම පක්‍ෂය කටයුතු කර ඇති බවත්ය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයන් තුළ කම්කරු ජනතාව වෙනුවෙන් ප්‍රායෝගික සහ නීතිමය ක්‍රියාමාර්ග රැසක් ද ගැනීමට සමත් වූ බවත් ගොවිජනතාව වෙනුවෙන් කුඹුරු පනත වැනි පනත් ගෙන එමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමස්ත ශ්‍රී ලාංකික වැඩකරන ජනතාව වෙනුවෙන් නොමැකෙන සේවයක් කළ බවත් ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක නායිකාවන් රැල්ලට ගසාගෙන ආ නායක නායිකාවන් නොවන බවත් වෘතීය සමිති ව්‍යාපාරය, කාලීන දේශපාලන තත්වයන් පිළිබඳව සහ ජාතික ආර්ථිකය පිළිබඳව ගැඹුරු දැනුමකින් යුත් පිරිසක් බවත් ඒ මහතා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට මාස 6 ක්ම නින්ද ගිහිල්ලා, දැනුයි ඇහැරිලා තියෙන්නේ. මෙයා තාම හිතන් ඉන්නේ රනිල් තාමත් ජනාධිපති කියලා...
දැන් අපි විඳින්නේ පාර්ලිමේන්තුවේ කට ඇරං නිදාගත්තු නායකයෝ ගොඩගත්තු රටේ ආශ්චර්යය...!
තමුන්නැහැලාට නම් භයානක ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙච්චි බව තැන තැන නඟන අඳෝනා වලින් හොඳටම පැහැදිලියි.
ජපන් සමාගමෙන් පගාව ඉල්ලපු මේ මිනිහ රෙදි ඇඳගෙනද මේ කතා කරන්නේ...
ගල් පැලෙන බොරු විශ්වාස කරමින්, "අලි වලිගේ එල්ලී දිව්‍ය ලෝකේ යාමට උත්සාහ කළ", විශේෂයෙන්ම තරුණයින් යයි කියා ගන්න ළඟ චූන්ලා ප්‍රධාන මෙවන් ජහමනයින් පිරිසකට මාලිමා කෙබරයින් විසින් දෙන මේ දඬුවම දෙස බලා සිටීම උත්ප්‍රාස ජනකයි...
ඒයි නැගිටපං.. දැන් ආණ්ඩුව වෙනස් වෙලා. ආ අර එයාපෝට් එකේ පගා කේස් එක එළිවෙලා...
ජපං කොමිස් නැතුව (මං) ජනතාව භයානක ප්‍රතිඵල අත්විඳිනවා.. අනේ යන්න කුම්බකර්ණයා යන්න.. යන තැනකට වැඩක් කරගෙන..
මෙයාගෙ නම ‘ජනතාව’ කියලා වෙනස් කලේ කවදාද?
මෙතෙක් කලක් ‘කොමිස් හෙලුපාල’ යන නමින් හැදින්වූ මා, මෙතැන් සිට ‘ජනතාව’ යන නම භාවිතා කරන බව සියලු ලක් වැසියන්ට දන්වා සිටිමි.
නෙදකින් කාලකන්නි තාමත් එල්ලීගෙන ඉන්න තමයි බලන්නේ
මේකා ඇමතියා වෙලා හිටපු කාලේ ස්ත්‍රීන් කී දෙනෙක්, අභිමානයෙන් උපන් ඇඳුමෙන් දුවලා ඇත්ද?
ඔහේ වගේ නිදිමතයෝ අපරාධකාරයෝ පත් වුණානම් ප්‍රතිපලය මීට වඩා භයානකයි
Geneva, වලට ඇවිත් කරපු සෙල්ලම් අපි දන්නවා
හරියට හරි. "මැයි දිනේ කන්තෝරු කාමරේක පැවැත්වුවත් මිනිස්සු සීයක්වත් ගෙන්වා ගන්න බැරි උනානේ. බලන්නකෝ අපට වෙලා තියෙන නස්පැත්තිය. ජනතාව මේ ආණ්ඩුවට චන්දය දුන්න එකේ විපාක තමා මේවා. ගෝල්ෆේස් එකට මිනිස්සු ගිහිල්ල තියෙන්නේ කතා අහන්න නෙවේනේ. මේ ගිනිකාෂ්ඨක රස්නේ නිවාගන්න මුහුඳු හුලං ටිකක් වද්දා ගන්නනේ.අපි දන්නේ නැද්ද ඕවා. "
අද ගෝල් ෆේස් පිටියේදී මුලු ලෝකෙම දැක්කා
මට නම් දුන්නු පොරොන්දු ගොඩක්ම ඉටු කලා,
ගුවන් තොටේ ඉල්ලපු කොමිස් ලැබෙන්නේ නැතෙයි ඔහුට."
සිරිපැල ගොන් කතා නොකිය හිටපන්... අපේ ලස්සන රට කාබාසිනියා කළේ උබලා නේද සිරිපාල.
දැන් ඉතිං රැල්ලක් තියා, මුන්ගෙ ඉරක්-තිතක් වත් ඉදිරියට දකින්න ලැබෙන්නෙ නැතිවිදිහට පොළවටම සමතලා වෙලා ඉවරයි.
ජනතාව නම් එහෙම නැහැ. නමුත් කප්පම්, කොමිස්කාරයින් නම්, දැන් දුක් විඳිනවා.
හිරේ ඉන්න ඔනෙ එවුන් මෙහෙම නිදහසේ මෙවන් ප්‍රකාශ කරන්නේ කොහොමද?
ජපන් සමාගම ගුවන් තොටුපළේ සංවර්ධනය නැවත ආරම්භ කිරීම භයානක ප්‍රතිඵලයක්. එම සමාගම මොහුගෙන් කෝටි ගණන් කොමිස් මුදල් ඉල්ලන බව පවසා ව්‍යාපෘතිය අත්හැර ගියා . ගෝඨාභය මොහු ඉවත්වූ කලත් රනිල් - මහින්ද නැවත පත් කළා . සමාගම රටින්ම ඉවත් උනා . ඔන්න ඕකයි තත්ත්වෙ. ජනතාවනි, මේ මිනිහගේ වේට්ටිය ගලවා රටින් එලවා දැමිය යුතුය.
නෙදකින් කොමිස් පප්පා
ඉස්සර වගේ නිකන් ගිලලා බිලියන ගණන් කොමිස් ගහලා පාර්ලිමේන්තුවේ AC එකට වෙලා නිදාගන්න තිබුණු අවස්ථාවක නැතිවුණු එක ගැන දුක ඇති...
කවුද IP වෙනස් කරකර ප්‍රතිචාර දාන්නේ?