(හර්ෂණ තුෂාර සිල්වා)
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් කඩා වැටුණු මෙරට ආර්ථිකය නැංවීම සඳහා මෙවර අයවැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම් යටතේ බොහෝ පිරිසක් මෙවර අයවැය කෙරෙහි බලාපොරොත්තු රැසක් තබා සිටි බවත් ඒ කිසිවක් ඉටු කෙරෙන පොරොන්දු හෝ යෝජනා මෙවර අයවැයේ නැති බවත් සිල්වා මහතා කීය.
‘අයවැය කතාව 2021: විද්වත් පසුවිපරමක්’’ යන මාතෘකාව යටතේ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයට එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (17) පස්වරුවේ එම කරුණු සඳහන් කළේය.
ඉතිහාසයේ සිදුවීම් යනාදිය පසෙක තබා බැලීමේදී වුවද ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය යළි නැංවීමට මෙවර අයවැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත්ව නැතැයි ද මන්ත්‍රීවරයා කීවේය.
මෙවර අයවැයෙන් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් දක්වා නැතැයි ද මෙවර අයවැය දෙස බැලීමේදී එය වෙනත් විශ්වයක ලෙස ලියන ලද්දක් බව පෙනී යන්නේ යැයි ද ඔහු කීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් රට මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි තමා අපේක්ෂා කළ බවත් ණය අර්බුදය පමණක් නොවන ප්‍රධාන අභියෝග හා ප්‍රශ්න සම්බන්ධයෙන් ද මෙවර අයවැයෙන් කිසිදු අවධානයක් යොමු කර නැතැයි ද හෙතෙම කීය.
මෙම අයවැයේ සංඛ්‍යා විශේෂයෙන්ම ආදායම් සංඛ්‍යා කිසිවක් යථාර්ථවාදී නැතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.
2025 ඔක්තෝබර් මස 08
1426
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැටුණු ආර්ථිකය නංවන්න අයවැයෙන් යොජනාවක් නැහැ
kapila Wednesday, 18 November 2020 11:25 AM
ඉතින් තමුන්ගේ කාලේ කොවිඩ්-19 නොතිබිලත් ආර්ථිකයේ නැංවීමක් තිබුනේ නැහැනේ.