(නාලක සංජීව දහනායක)
තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතරත් ආණ්ඩුවේ සෙසු මැති ඇමතිවරුන් අතරත් නිසි අවබෝධයක් නොමැතිකමින් දවසින් දවස රට අරාජිකත්වයට පත්වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා අද (9) පැවසීය.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කරන දේවල් හා කියන කතා ඇසෙන විට කැබිනට් මණ්ඩලය පිස්සන් කොටුවක් මෙන් දැනෙන බව ද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
‘‘රටේ හරිහමන් ආණ්ඩුවක් නැති නිසා අද වනවිට සියලූම ක්‍ෂේත‍්‍රයන් කඩා වැටිලා. කලින්ම ප‍්‍රශ්න හඳුනා ගැනීමට හැකියාවක් මේ රජයට තිබුණානම් මේ දුම්රිය වර්ජනය ඇති වෙන්නේ නැහැ.
කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු මුදල් ඇමතිවරයා ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. ජනාධිපතිවරයා ගනුලබන තීන්දු කැබිනට් මණ්ඩලය ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු ඇමතිවරු ක‍්‍රියාත්මක කරන්නේ නැහැ.
රට ආරජක වෙලා. රාජ්‍ය මුද්‍රණාලයේ සේවය කරන එක්සත් ජාතික පක්‍ෂ සමාජිකයන් දහතුන්දෙනෙක්ට උසස්වීම් ලබාදීම නිසා එහි අර්බුධයක් මතුවෙලා. ඒ අර්බුධය දිගටම පැවතුනොත් ගැසට් පත‍්‍රයත් පුද්ගලික අංශයෙන් මුද්‍රණය කරන්න වේවි. නිසි කළමණාකරනයක් නැති නිසා මුළු රටම අවුල් ජාලාවක් වෙලා. මෙහෙම ආණ්ඩුවක් රටටකට වැඩක් නැහැ. ඒ නිසා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු ‘‘ යැයිද පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (9) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘රටේ හරිහමන් ආණ්ඩුවක් නැති නිසා අද සියලූම ක්‍ෂේත‍්‍ර කඩා වැටිලා‘‘
Saththaya Friday, 10 August 2018 03:58 AM
ඔව් , ත්‍රස්තවාදී දේශපාලනික ක්‍රියා නිසා ආණ්ඩුවේ යන මග අවහිර වෙලා. ඔවුන් හැමදාම මොන අංශයක් හරි අවුස්සලා, කඩාකප්පල් කාරී ක්‍රියා මෙහවනවා . හැබයි මේ ක්‍රියා කාරකම් කරන අයට කිසි ගානක් නැහැ මහජනතාව පීඩාවිදින එක . ඔවුන්ගේ අරමුණ ආණ්ඩු බලය ඇල්ලීමයි . ලගදීම දේශපාලුවෝ පාරේ යද්දී ගල්ගසන යුගයක් උදාවෙන හැඩයි.
ravi Monday, 13 August 2018 12:14 PM
ඇත්තටම... මෙයාට අං තට්ටුවක් තිබුණා නම්.. කුඹුර හරි මඩවගන්න තිබුණා..