(අශන්ති වරුණසුරිය)
රාජපක්ෂවරුන් සමඟ කිසිදාක නැවත එකතු නොවන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. පොදුජන පෙරමුණේ තමන් හිඳිම ගැන ලජ්ජා වන බවත් පොහොට්ටුව දේශපාලන පක්ෂයක් නොවන බවද රටේ සමස්ත විනාශය හේතුව රාජපක්ෂවරුන් බවද ඔහු පැවසුවේය.
ඩලස් අලහප්පෙරුම මහතා සමඟ සිදු කල සංවාද සටහනයි මේ.
ගෙවුණු කාලය දෙස පසුවිපරම් කරද්දී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන ඇති ?
ඔව්, වැරදුණ තැන් රාශියක් තියෙනවා.මේක සිදු වුණේ පුරවැසියාගේ හෝ මාධ්‍යවේදීන්ගේ වරද නිසා නෙමෙයි දේශපාලනඥයාගේ වරද නිසා. වැරැද්ද හදා ගැනීම අපේ වගකීමයි. ඒ වැරැද්දට අපි දායක වුණ තැන් ගොඩක් තියෙනවා. ඒකට සමාව ඉල්ලන්න පුළුවන්. ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. එතැනින් ඔබ්බට ගිහින් වැරැද්ද නිවැරදි කර ගත යුත්තේ කොහොමද කියන වැඩපිළිවෙල මේවන විට අපි සකසමින් ඉන්නවා. මම රෝද පුටුවට වෙනකල් දේශපාලනය කරන්න ආපු කෙනෙක් නෙමෙයි.
පුතාලා දෙන්න කවදාවත් දේශපාලනයට එන්නේ නැත්ද ?
නිසැකවම කවදාවත් නැහැ. මේ දේශපාලයට ආපු පළවෙනි අලහප්පෙරුමත්, අවසන් අලහප්පෙරුමත් "ඩලස් අලහප්පෙරුම". මේ පවුල් කේන්ද්‍රීය දේශපාලනයෙන් අපේ රට මුදවා ගත යුතුයි.
රාජපක්ෂ රෙජීමය වෙනුවෙන්, සෞභාග්‍යයේ දැක්මේ අධ්‍යාපන පැතිකඩ ඔස්සේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ඔබ බෙහෙවින්ම වැඩ කළ පුද්ගලයෙක්. නමුත් එය සිදු වුණෙත් නැහැ .අවසානයේදී ඔබ පොහොට්ටුවත් කඩාගෙන ගියා කියලා චෝදනාවකුත් එකතු වුණා ?
චෝදනාව විවිධාකාර විය හැකියි. ප්‍රශ්නයට මුහුණ දෙන පාර්ශව අනුව චෝදනාවේ ඉලක්ක වෙනස් වෙනවා. මම මිට කළිනුත් දේශපාලනයෙන් ඉවත් වෙලා ගෙදර ගිය කෙනෙක්
2000 වසරේදී. ඔව් මට මතකයි. එදා ඔබ තනතුරු වලින් ද ඉවත් වුණා ?
ඔව් නියෝජ්‍ය ඇමතිකම, ආසන සංවිධායකකම, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය. නැවත මැතිවරණ දේශපාලනය ප්‍රවේශ වෙන්න හීනයකින්වත් අදහසක් තිබ්බේ නැහැ. නමුත් මහින්ද මහතාගේ ඉල්ලීම මත අවතීර්ණ වුණා. ඒ වෙලේ මම දේශපාලනය පැමිණියේ මගේ පවුලේ සියලු දෙනාගේම අකමැත්ත මත. කෙසේ හෝ එම පළමු පැය ගැන මට කණගාටුවක් නැහැ. නමුත් දෙවන පැය ඉතාම ශෝකාකූලයි.
ජනපති අපේෂකකමට තරඟ කිරීමත් සමඟ කොටසක් ඔබ සමඟ අමනාප වෙනවා. මේ ගැන මොකද හිතෙන්නේ ?
මම ඒ වෙලේ ගන්න තිබ්බ හොඳම තීන්දුව ගත්තා. මම දන්නවා මේක ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා. ඉලක්කම් වලින් පරාද වුණත් දේශපාලන වශයෙන් මමවත් මට උදව් කළ කිසිඳු මන්ත්‍රීවරයෙක්වත් පරාද වුණේ නැහැ. එය ඉතා හොඳ ශක්තිමත් පදනමක් දැම්මා.
ඔබ ජනාධිපති වුණානම් ගන්න පළමු පියවර කුමක් ද ?
පියවර කිහිපයක් තියෙනවා. මේ රටේ දැවෙන ප්‍රශ්න වලට ක්‍ෂණිකව පිළිතුරු දෙන්න බැහැ. ඔබත් පසුගිය දා අරගලේ හිටියා. ඔතනට එකතු වුණ තරුණ පිරිසගේ ප්‍රධාන සටන් පාඨයක් වුණේ මේ චෞර මජර මහළු දේශපාලන සස්කෘතිය වෙනස් කළ යුතු බවට. මම සිදුකරන පළමු කාර්ය වන්නේ දේශපාලකයා චෞරයෙක් බවට බෞතිස්ම කළ සියලු දේ ඉවත් කර ඔහු පුරවැසියෙක් කිරීමයි.
එවන් විපර්යාසයක් කළ හැකිද ?
පුළුවන්. කරපු රටවල් තියෙනවා. දියවන්නාවේ පවුල් 225 මේ රටේ පවුල් මිලියන 22 බවට පත් විය යුතුයි.
මෙවැනි ප්‍රශ්න වලට අපි හැමදාම උත්තර හොයමින් ඉන්නවා. රට හඳන මඟ ඔස්සේ නිදහස් ජනතා සභාවෙන් මෙවන් ප්‍රශ්න වලට උත්තර තියෙනවා ද ?
ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙන ආකාරය ගැන රාමු දෙකක් අපි පසුගියදා එළි දැක්වුවා.
එවැනි බොහෝ ප්‍රකාශ අපි බොහෝ දැක්කා. මේකත් කොළයකට සිමා වෙන දෙයක් ද ?
මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙමෙයි. ලංකාවේ කිසිඳු දේශපාලන පක්ෂයක් මැතිවරණයට වසර දෙකකට පෙර මෙහෙම ෆ්‍රේම්වර්ක් එකක් එළියට දීලා සමාජ කතා බහට යොමු කර නැහැ. ඒ නිසා අපි අලුත් මඟකට අලුත් හැඩයක් ගත්තා. ඕන කෙනෙක්ට අදහස් කියන්න පුළුවන්. මේක සැලුම් දොරකුත් නෙමෙයි. ඒකත් කියන්නම ඕන. මේකට චෞරයන්ට එන්නත් බැහැ
දේශපාලනඥයින්ගේ මෙවැනි කතා කෙසේ විශ්වාස කළ හැකිද නේද ?
ඔව් සැක කරන්න
මේවන විට නිදහස ජනතා සභාව මන්ත්‍රීවරුන් 13දෙනෙක්ගෙන් සැඳුම්ලද්දක් නේද ?
ඔව්, 13 නපුරුයි කියනවා. නමුත් අපිට ඒක වාසනාවක්
මෙකී කණ්ඩායමට තව පිරිස් එකතු වෙනවා කියලයි අපිට ආරංචි වෙන්නේ ?
ඔව් සාකච්ඡා මට්ටමෙන් යනවා.
පොදුජන පෙරමුණ ගැන කලකිරීමක් නැත්ද? මහින්ද මහත්තයා එහෙම තවම හමුවෙනවා ද ?
පාර්ලිමේන්තුවේදී හමු වුණාම කතාබහ කරනවා. පොදුජන පෙරමුණ තමයි මේ විනාශයට පාරක් කැපුවේ.
ඉතිං ඔබත් එහි ප්‍රධාන සාමාජිකයෙක් ?
ඔව් ඒක තමයි. මම විත්ති කුඩුවේ ඉදලා කතා කරන්නේ. ඇත්තටම පොදුජන පෙරමුණ කියන්නේ දේශපාලන පක්ෂයක් නෙමෙයි. මට ලජ්ජා හිතුණා මම ගැන. පොදුජන පෙරමුණේ ඉන්නේ මම නමින් දන්නා 3දෙනයි. නායකයා මහින්ද රාජපක්ෂ, සභාපති ජිඑල් පිරිස්, මහලේකම් කාරියවසම්. වෙන කිසි කෙනෙක් නමින් නැහැ. බැසිල්වත් නැහැ. කොයිතරම් වංචනිකද ? විශ්වාසය කඩා වැටුණා
විශ්වාසය කඩා වැටුණා ද ? කඩා වැට්ටුව ද?
කඩා වැට්ටුවා
කවුද ?
ඔය මම කියපු සියලු දෙනාම. උදාහරණයක් විදියහට, ගෝඨාභය මහත්තයා ඔහු ගැන තිබ්බ විශ්වාසය ඔහු විසින්ම නැති කළා. අවසන් ප්‍රථිපලය තමයි මෙම සමස්ත කඩා වැටීම. පක්ෂයක්, කැබින්නටුවක්, පාර්ලිමේන්තුවක් විදියට තීන්දු නොගෙන තුන්හතර දෙනෙක් රට වෙනුවෙන් තීන්දු ගත්තම විනාශ වෙනවා. පොදුජන පෙරමුණේ, 69ලක්ෂයේ, රටේ විනාශය රාජපක්ෂවරු .
නැවත රාජපක්ෂවරුන් සමඟ එකතු වෙන්නේ නැත්ද ?'
නිසැකවම කවදාවත්ම නැහැ
එතකොට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ?
ඔහු ගැන කියන්න මම දැන්ම ඉක්මන් වෙන්නේ නැහැ. නමුත් ඔහුට පොහොට්ටුවට සහ එම පවුලට තියෙන වගකීමෙන් බැහැර වෙන්න බැහැ.
නව වසරේ ඔබ ජනතාවට ලබා දෙන පණිවිඩය මොකද්ද ?
පළමු ඉල්ලීම අපේක්ෂා භංග වෙන්න එපා. අපි ඛේදවාචයක් එක්ක අලුත් අවුරුද්දට පා තියන්නේ. ඛේදවාචකය ආශීර්වාදයක් බවට පත් කර ගමු.
ඉදිරි මැතිවරණයන්ට ඔබලා සූදානම් ද ?
අපි දැන් ඉන්නේ පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමේ සටනේ.
සම්පුර්ණ වීඩියෝව
YouTube - https://youtu.be/QAanOZvrjQ0
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රටේ සමස්ත කඩාවැටීමට හේතුව රාජපක්ෂවරුන්
පන්සලේ ගෙදර Thursday, 05 January 2023 06:46 AM
ගෝඨාට කඩේ ගිහින් මිනිස්සු රවට්ටලා රටකාපු රට ඉවරම කරපු කෙනා දැන් අළුත් බණක් කියනවා. මොවුන්ව හිරේදාන්න ඕනෑ. ඔවුන්ව ගෙනාවේ, දැන් එළවන්න බැහැ ඡන්දයක් එනකන්... ළමයි නෝනා ඇමෙරිකා යවන්න මුදල් කොහෙන්ද?
පරණ බයිලාමයි! Wednesday, 01 February 2023 08:11 AM
රාජපක්ෂලා එක්ක හවුල් වී මෙතෙක් කල් මුදල් සොයාගත්තා. දැන් අළුත් සිංදුවක් ගයනවා ජනතාව රවටන්න. අනේ යන්න මහත්තයෝ! අපි එදාත්, අදත් කියන්නේ මේ බයිලා තමයි.