(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ දෙනගම යසන්ත ආරියසේන)
මේ රටේ අසංවේදී අත්තනෝමතික රනිල් වික්‍රමසිංහ පාලනය පිටු දැකීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක ධජයක් යටතේ ඒකරාශී විය යුතුයි. තක්කඩින්ගේ සහ චෞරයන්ගේ ග්‍රහණයට හසුවෙලා දූෂිත වලව් වලින් වට වෙලා ජරාජීර්ණ වෙච්ච මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අප ඒකාන්තයෙන්ම කටයුතු කරනවා, යැයි නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාතර තිහගොඩදී පැවැසීය.
නිදහස් ජනතා සභාවේ පළමු ආසන බලමණ්ඩල රැස්වීම ලෙස කඹුරුපිටිය ආසන බල මණ්‍ඩල රැස්වීම පෙරේදා 20 වැනිදා මාතර තිහගොඩ සියෙලි උත්සව ශාලාවේදී පැවැත්වුණි.
එහිදී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවැසීය.
සියළු පරස්පරයන් පසෙකලා 2022 කොහොමද ප්‍රභූන් එකතුවුනේ. එකිනෙකාට හොරා කියාගන්නා නිල් පාට හොරු කොළපාට හොරු කියල බැනගත්තා හැබැයි මේ නිල්පාට, කොළ පාට, කුරහන් පාට හොරු ඔක්කොම එක දේශපාලන අරමුණක් වෙනුවෙන් එකතු වුණා. ඔවුන්ගේ අනාගතයට අනුව ඔවුන් නිවැරදියි. එහි ප්‍රතිඵලය වුනේ රට තුළ අත්තනෝමතික පාලනයක් ඇතිවීමයි.
ජාතික සම්පත්, ජාතික ආරක්ෂාවට බලපාන ටෙලිකොම් වැනි ආයතන විදේශකරණය කරන ආකාරය මෙහිදී කියවුණා. අසංවේදී අත්තනෝමතික රනිල් වික්‍රමසිංහ පාලනය පිටු දැකීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රීය බලවේග එක ධජයක් යටතේ ඒකරාශීවිය යුතුයි.
ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ආර්ථිකය මත පදනම් වෙච්ච දරුවන්ගේ අනාගතය අධ්‍යාපනය මත පදනම් වෙච්ච මොන වර්ණයේ දේශපාලන චෞරටන්ටවත් මේ බිම මිනිසුන් නැවත රවටන්න ඉඩ දෙන්නේ නැති පාලනයක් ඇති කළ යුතුයි.
හොරා කෑව කියල සෑම මැතිවරණයකම කෑගහල කියනවා. හොරා කාපු ධනය නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට ගේන ආකාරයේ ශිෂ්ටසම්පන්න නීතිගරුක රාජ්‍ය පාලනයක් සහිත දේශපාලන වාතාවරණයක් ගොඩ නැගිය යුතුයි. ඒක තනි පුද්ගලයකුට කණ්ඩායමකට කළ හැකි දෙයක් නොවෙයි. අප ගොඩනගන පුළුල් සංධානය ඇමතිකම්, නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් හෝ තනතුරු ගන්නා සංධානයක් නොවිය යුතුයි.
රට වෙනුවෙන් නිවැරදි සංධානයක් හදාගන්න අවශ්‍ය නම් අඩියක් දෙකක් පස්සට ගන්න අප සූදානම්. මේ රටේ අනාගතය වෙනුවෙන් අපි පාලම් බාස් උන්නැහෙගේ රාජකාරිය සූදානම්. වසර 75 ක් කාලකන්නි දේශපාලකයන් විසින් පැහැරගත් ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් නොකිලිටි දේශපාලනයක් මේ රටේ ස්ථාපිත කිරීමට අප කැපවෙනවා. නිල්වලාවේ ඓතිහාසික දේශපාලන මුද්‍රාව මේ රටේ පැළපදියම් කරන්නට ඒ වෙනුවෙන් පෙරගමන්කරුවන් කරන්නට ශක්තිය ලැබේවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත්, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වීරසුමන වීරසිංහ, කේ.පී.එස්. කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති, ලලිත් එල්ලාවල, වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුද සම්මේලනය ඇමැතූහ.
කිරින්ද, පුහුල්වැල්ල, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ සහ විශාල ජනතාවක් මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.
ඩලස් අලහප්පෙරුම සභාව ඇමැතූ අයුරු සහ සහභාගී වී සිටි පිරිසෙන් කොටසක් මෙහි වෙති.
සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් බවත් රටේ වගකීම බාර ගැනීමට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සූදානම් බවත් එහි මහ ලේකම් පාර්ලිමේන්ත
රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නි
රටක මුදල් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබන මුත් තමන් හෝ තම පක්ෂයේ කිසිවෙකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්ති
මේ රටේ අසංවේදී අත්තනෝමතික රනිල් වික්‍රමසිංහ පාලනය පිටු දැකීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක ධජයක් යටතේ ඒකරාශී විය යුතුයි. තක්කඩින්ගේ සහ චෞරයන
රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු යැයි ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුව
ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට ස
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
මෙම පාලනය පිටු දැකීමට හැමෝක එක් විය යුතුයි
pj Tuesday, 22 August 2023 05:50 AM
"අප ගොඩනගන පුළුල් සංධානය ඇමතිකම්, නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් හෝ තනතුරු ගන්නා සංධානයක් නොවිය යුතුයි." අර මොබයිල් ෆෝන් එකක් සමඟ සිටින කෙනා එදා JVP එකෙන් පැන්නෙ තනතුරු ගන්න නොවෙයිද? බලාගෙන !
LGP. JATHUNARACHCHI. Tuesday, 29 August 2023 09:19 PM
කා සමග ද?
ashok Wednesday, 30 August 2023 09:52 AM
Jvp එකත් එක්ක නම් ගමනක්ම නෑ. දැන්ම ඔබගේ ගමනට වැට කඩොලු දාගන්නෙ නැතුව ඒව ඉවකත්කර ගන්න.
Sampath Wednesday, 30 August 2023 07:10 PM
ඔබලා සමග ගමන් යෑමට වඩා මුහුදේ පැනීම හොඳ විය හැකියි
Hector Perera Thursday, 21 September 2023 12:37 AM
මේ ඩලස් මිනිහා 18 සහ 20 සංශෝධනවලට ඡන්දය දීලා දැන් ක්‍රමය වෙනස් කරන්න ඕනලු . මොන විහිළුවක්ද!