IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘භික්ෂුන් වහන්සේලා නිහඬ කිරිමේ උත්සහයක ආණ්ඩුව නිරතවෙනවා’


 
 
(නිමල කොඩිතුවක්කු)
 
රටට එරෙහිව ආණ්ඩුව සිදුකරන කුමන්ත‍්‍රණ සහ විවිධ ව්‍යාපෘති වලට එරෙහිව හඬක් නගන භික්ෂුන් වහන්සේලා මර්දනය කිරීමේ සහ නිහඬ කිරීමේ උත්සාහයක  ආණ්ඩුව දිගින් දිගටම නිරත වෙමින් සිටින බව මව්බිම සුරැකිමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී  අද (9) පැවසූහ.


රටට ද්‍රෝහි ආණ්ඩුවේ කටයුතු වලට එරෙහිව භික්ෂුන් වහන්සේ පෙළගැසෙන කාළය වැඩි ඈතක නොවන බවද ආනන්ද හිමියෝ සදහන් කළහ.


මවුබිම සුරැකිමේ ජාතික සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.


මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මව්බිම සුරැකිමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.


 ‘‘රටට එරෙහිව ආණ්ඩුව සිදුකරන කුමන්ත‍්‍රණ, ව්‍යාපෘති වලට එරෙහිව හඬක් නගන  භික්ෂුන්  වහන්සේලා මර්දනය කිරීමට, භික්ෂුන්  වහන්සේලා නිහඬ කිරීමට ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් සිටිනවා.


අපි ආණ්ඩුවට කියන්න කැමතියි අපි නිහඬ නැහැ කියලා. ඒ වගේම අපි නිහඬ කිරිමටත් මේ අයට හැකියාවක් නැහැ.  අපි හැම  වෙලාවෙම සටන් පෙරමුණේ සිටිනවා. 


භික්ෂුන් වහන්සේට පුලූවන් තරම්  පළතුරු දෙන්න, අටපිකරිකර දෙන්න,  දාන දෙන්න ඔවුන් කටයුතු කරාවි.  නමුත් ප‍්‍රබුද්ධ භික්ෂුන් වහන්සේලා  දානයටවත්, අටපිරිකරටවත්,  පලතුරු වට්ටියටවත් නැමෙන්නේ නැහැ කියලා අපි මේ  අපි ආණ්ඩුවට කියනවා.


අපි තවම එළියට බැස්සේ නැහැ.  අපි තවම මේ ආණ්ඩුවට කාළය දෙනවා. ආණ්ඩුව දෙන ආයුධ මුවහත් කරමින් අපි ඉදිරි කාලයේදී එළියට බැහැලා ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් පෙළ ගැහෙනවා කියලා අපි ආණ්ඩුවට කියනවා.



අදහස් (1)

‘භික්ෂුන් වහන්සේලා නිහඬ කිරිමේ උත්සහයක ආණ්ඩුව නිරතවෙනවා’

Chanak Los angeles Tuesday, 14 August 2018 07:35 AM

මේ වගේ සඟයන්ට කරන්න ඕනේ මොනවද කියල ජෝන් කොතලාවල නම් කියලා තිබුණා ..

:       0       344

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site