IMG-LOGO

බලය ලැබුණොත් ජනාධිපති රනිල් සමග වැඩ කරන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි

(අශන්ති වරුණසූරිය)

පළාත් පාලන මැතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකවර තැබීම වඩා යෝග්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.  එසේම මැතිවරණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ස්ථාවරය සහ ජනපති රනිල් සමඟ ඔවුන් එකතු වෙන්නේ කෙසේද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා සමඟ සිදුකළ සාකච්චාවකි මේ.

 

පුංචි ජන්දේ තියයිද ? නැත්ද ?
පොතේ හැටියට එන්න ඕන. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ජන්දේ එනකල්. 

ඔබලා මැතිවරණයකට සූදානම් ?
ඔව් අපි සූදානම් 

මේ අවස්ථාවේ අවශ්‍ය පළාත් පාලන මැතිවරණයක් ද ? මහ මැතිවරණයක් ද ?
මාර්තු මාසෙන් පසු ජනාධිපතිට හැකියාවක් තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න. ජනතාවගේ ප්‍රසාදය තියෙන රජයක් පිහිටුවා ගැනීමේ හැකියාව මාර්තු මාසෙන් පසු තියෙනවා. මේ ජන්ද දෙකම එක දවසේ තිබිය යුතු බවයි මගේ අදහස.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තිබූ සමීප ඇසුර දැන් ගිලිහිලා ද ?
පුද්ගලිකව කිසිඳු ගැටළුවක් නැහැ. අපිට තියෙන්නේ දේශපලනාත්මක මත භේදයක්. ආර්ථික ප්‍රතිසංස්කරණ කවුරු කළත්  අපිට කමක් නැහැ, රටට අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද වෙනස්කම් සිදුවෙනවා නම්. රාජපක්ෂලා සමඟ මේක රනිල්ට කරන්න බැහැ 

ඉදිරියේදීවත් ජනාධිපති සමඟ එකතු වෙන්න අදහසක් නැත්ද ?
අපිට ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ. ඔහුට තව වසර දෙකක් ධුරයෙ සිටිය හැකියි.  ව්‍යවස්ථාවෙන් පිට ජනාධිපතිව ඉවත් කරන්නත් අපිට අවශ්‍ය නැහැ. අපි ව්‍යවස්ථාව තුල වැඩ කරන පක්ෂයක්. මැතිවරණයකින් අපිට බලය ලැබුණොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියේදී වැඩ කරන එක අපිට ප්‍රශ්නයක් නැහැ. 

ඒ කියන්නේ ඔබ ජනපති රනිල් සමඟ වැඩ කරන්න කැමතියි?
ජනතාවට අපි අපේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. ජනතාවට අවස්ථාවක් දෙන්න. ජනතාව ඒ වෙලේට කියන දේට අපි සුදානම්.

පුංචි ජන්දෙට බොහෝ සංධාන දේශපාලන කරළියට අවතීර්ණ වෙලා. ඔබලා එකතු වන අනෙක් පක්ෂ මොනවා ද ?
සමගි ජන සංධානය සමඟ නොයෙකුත් අනෙක් පක්ෂ තියෙනවා. මේ දින සාකච්ඡා යනවා. ඉදිරියේදී බලමු. 

ඔබ ආර්ථික ප්‍රවීණයෙක් විදිහට වැඩි වන විදුලි බිලට විසඳුමක් දෙන්න ?

දූෂණය වංචාව නැති කරලා මුලින්ම ඇත්ත පිරිවැය තීරණය කළ යුතුයි. එසේ කරන විට විදුලි දරිද්‍රතාවයට අඩු අදායම් ලාබී පුද්ගලයාව වැටෙන්න නොදී අයවැය හරහා ඔවුන්ට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ලබා දිය යුතුයි. දේශපාලනික කාරණා වලින් බැහැරව යුක්ති සහගත රජයක් ලෙස මේවාට විසඳුම් සෙවිය යුතුයි.  

දැනෙන ප්‍රශ්න අතර උඩු දුවන තවත් එක් ප්‍රශ්නයක් තමයි බිත්තරේ ප්‍රශ්නේ ?
බිත්තරේ ප්‍රශ්නෙට මුල ගෝඨාභය රාජපක්‍ෂ. පොහොර තහනම් කිරීමෙන් කුකුල් කෑම නැති වුණා. එකෙන් බිත්තරේ මිල ඉහළ ගියා.වෙළෙඳපොලට ඇඟිලි ගැහුවම, අකර්මන්‍ය වෙනවා. බිත්තර දාන්නේ නැත්නම් දේශපාලඥයින්ට බැහැ බිත්තරේ මිල තීරණය කරන්න. අපි යථාර්තවාදී විය යුතුයි.

මේ ආර්ථික අඝාදයෙන් ගොඩ එන්න එකම විසඳුම IMF ද ?
මේකට යන්න තිබ්බේ 2020 මුල. දැනට තියෙන ප්‍රශ්න හත් මාළුවක් වෙලා. IMF එකෙන් දැන් ගොඩ එන්න බැහැ.. ළමයෙක්ට බොන්න කිරි ටිකක් නැහැ. රාජපක්ෂලා ඒ තැනට විනාශ කළ ගෝඨාභය ඩුබායි ගිහිං.කොටින්ට කිරි පොවනවා.
මේක සංකීර්ණ ප්‍රශ්නයක්. අපි කාරණා 10කින් ආර්ථිකය ගොඩදාන විදිය ගැන පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන්නේ. ඒ වැඩ පිළිවෙල අපි ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා.


Rathu Katta with Ashanthi Warunasuriya / මිනිත්තු 5
 YouTube link - https://youtu.be/uxwAeOaW970



අදහස් (2)

බලය ලැබුණොත් ජනාධිපති රනිල් සමග වැඩ කරන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි

AB Sunday, 15 January 2023 06:35 PM

දැනෙන ප්‍රශ්න අතර උඩු දුවන තවත් එක් ප්‍රශ්නයක් තමයි බිත්තරේ ප්‍රශ්නේ? බිත්තරේ ප්‍රශ්නෙට මුල ගෝඨාභය රාජපක්‍ෂ... බිත්තර දාන්නේ නැත්නම් දේශපාලඥයින්ට බැහැ බිත්තරේ මිල තීරණය කරන්න. හර්ෂ ද සිල්වා බිත්තරේ ප්‍රශ්නේට පිළිතුරු හෝ විසඳුමක් ඉදිරිපත් කළේද? මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන්න එකම විසඳුම IMFද? මේකට යන්න තිබ්බේ 2020 මුල... දැනට තියෙන ප්‍රශ්න හත් මාළුවක් වෙලා. IMF එකෙන් දැන් ගොඩ එන්න බැහැ.. ළමයෙක්ට බොන්න කිරි ටිකක් නැහැ. රාජපක්ෂලා ඒ තැනට විනාශ කළ ගෝඨාභය ඩුබායි ගිහිං කොටින්ට කිරි පොවනවා. මේක සංකීර්ණ ප්‍රශ්නයක් බව මිලියන 22.5 ජනතාවම දනී. ඒ තැනට විනාශ කළ බව රාජපක්ෂලාට හෝ ගෝඨාභයට චෝදනා කිරීමෙන් ඵලක් නොමැත. ඔවුන් මේ වනවිට බලයේ නොමැත. අතීතය ගැන කතා නොකර ඉදිරියේදී ඔබලා බලයට පැමිණියහොත් විසඳුම් පැහැදිලි කරන්න. රටේ පුරවැසියන් දන්නා සියලු කරුණු සග ගැටළු ඔවුන් වෙතම ඉදිරිපත් කරමින් විවේචනය හැර ගැටළු විසඳීම, අවශ්‍ය විසඳුම් පිළිබඳව පිළිතුරු ජනතාවට පැහැදිලි කරන්න...

:       10       8

fairoosMonday, 30 January 2023 12:51 PM

අනේ අම්මපා රටට මෙච්චර වෙලත් තාම වහල්කම අතහැරලා නැහැ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 312 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site