
(යොහාන් භාසුර)
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව තිබීම රටේ අනාගතයට ඉතාම වැඳගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (21) පැවසීය.
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ටිල්වින් සිල්වා මහතා එසේ පැවසීය.
පළාත් පාලන ආයතනවල බලය වෙනත් පිරිසකට ගියහොත් ආණ්ඩුවේ වැඩ කලාකප්පල් කිරීමට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබෙන බවත් ආණ්ඩු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, ජනතා සේවයට මුදල් වෙන්කිරීම ආදි ආරම්භ කළ රටට වැඩදායි දේවල් සාර්ථකව ඉදිරියට ගෙන යෑමට පළාත් පාලන ආයතනවල බලය ඉතාම වැඳගත් බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
මාලිමාව ජනාධිපතිවරණය ජයගෙන, මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා ප්‍රබල තත්වයක පසුවීම නිසා පුංචි ඡන්දය ද ජයග්‍රහණය කරන්නේ යැයි හොඳ විහ්වාසයක් ඇති බව කී ටිල්වින් සිල්වා මහතා විපක්‍ෂය මීට මාස පහකට පෙර පරාජයට පත්ව දුර්වලවී නාමයෝජනා හෝ සකස් කරගැනීමට නොහැකි තත්වයක පසුවූ බව ද සඳහන් කළේය.
ඇතැම් පක්‍ෂ දෙකයිපනහටම වැටී දේශපාලන වශයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ඒවා බවත් ඒ හේතුවෙන් මාලිමාව මෙම මැතිවරණයේදී සියලුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන්නේ යැයි කිසිඳු සැකයක් නොමැති බවත් ඔහු පැවසීය.
මෙම පළාත් පාලන මැතිවරණය රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්‍ෂලා ප්‍රජාතන්ත්‍රවිරෝධීව නොපවත්වා කල්දැමූ ඡන්දයක් බවත් මෙම ඡන්දය නොපැවැත්වීමට කටයුතු කළ කණ්ඩයමක් නිසා ඔවුන්ට සදාචාරාත්මකව ඡන්දයට ඉදිරිපත්වීමට හෝ අයිතියක් නොමැති බවත් ඒ මහතා කීය.
මෙම මාධ්‍ය හමුවට ජාතික ජනබලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
COMMENTS
පළාත් පාලන ආයතන වල බලය මාලිමාවට දෙන්න කලින් දීපු බලයෙන් කෝ කියපුවා කරේ නැහැනේ... අර අම්බලන්ගොඩ නයිදු මරලා දැම්මා. මළමිනිය තියාගෙන මාසයක් විතර දේශපාලනය කළා. නලින් කිව්ව ඝාතකයා මේ ළඟ ළඟම ඉන්නවා කියලා. කෝ දැන් සද්දයක් වත් නැහැනේ. ඒ සහෝදරයා ඉස්පිරිතාලෙත් ඉඳගෙන හිටියේ කකුල්වලට මාංචු දාලා. ඒ ඡායාරූපය තවමත් ඒ ගෙදර තියෙනවා. කෝ මේවා ගැන සද්දයක්වත් නැතිව දැන් තවත් ඡන්දයකට බලය ඉල්ලන්නේ මොකද? ඕනෑම දෙයක සදාචාරයක් තියෙනවා. ගත්තු ණය ගෙවලා තමයි තවත් ණයක් ඉල්ලන්න ඕනෑ. ටිකක් මේ ගැන හිතන්න. පහසුවෙන් කරන්න පුළුවන් දේවල් වත් නොකරන එකයි දුක...
මෙයා හිතාගෙන ඉන්නේ එයා ලංකාවේ හෝ චි මින් කියලා. මේ 2025 ටිල්වින් සීයේ, පරණ තියරි හරියන්නේත් නෑ බොරු කියලා බේරෙන්නත් බෑ. තාක්ෂණයත් දියුණුයි. සමාජ මාධ්‍ය එමටයි...
බලය තාවකාලිකයි සහෝදරයා. ඒකට පුරුදු වෙන්න.
මම ලිපි ගණනාවක් එව්වා ආණ්ඩුකාරයාට අම්බලන්ගොඩ තානායම ගැනයි, අම්බලන්ගොඩ ධම්මකුසල විදුහලේ තිබුණු බිල්ඩින් එකක් නගර සභාවේ හිටපු උප නගරාධිපති අනවසරයෙන් කඩාගෙන ගිය එකයි ගැන කොමිසමක් ඉල්ලලා... මේ මනුස්සයා අදටත් මට ලිපියක් වත් එවලා නැහැ. ඉතිං තව ඡන්දේ ඉල්ලන්නේ මේවාට පිළිතුරු නැතිවද? ආණ්ඩුකාර කාර්යාලයේ දුරකථනය නිතරම උස්සලා තියෙන්නේ. බොරුවෙන් ජය ගන්න බැහැ ටිල්වින්. බලන්නකෝ නගර සභාවට වෙන දේ. නගර සභාව නොවෙයි ඔය ගොල්ලෝ පළාත් සභාවත් පරදිනවා...
ගමේ බලයත් මාලිමාවට දුන්නොත් මේ උද්දච්ච ආණ්ඩුවෙන් මොකුත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ උද්දච්ච ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ගමේ බලය වෙනත් පාර්ශවයකට ලබා දිය යුතුයි. එහෙම උනොත් කියපු පොරොන්දු ඉටු නොකර ඉදිරියට පැවැත්මක් නැති බව මොවුන් වටහා ගනීවී.
ඔක්කොමලා බොරු නේ බන් කියන්නේ, කරනවා කියපුවා කෝ දැන්...?
බල්ලෝ බිරුවාට කඳු පවත්වන්නේ නැහැ කියලා කියමනක් තිබෙනවා අහලා තියෙනවාද?.. මාලිමාව එකේන්ම දිනනවා, මේ ටික දවසකට කරපු හරිය කරන්න පසුගිය ආණ්ඩුවලට අවුරුදු 20 කට අධික කාලයක් ගත වුණා. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා මාලිමාවට පළාත් පාලන ආයතනවල බලය අනිවාර්යයෙන්ම ලබාදීම පිළිබඳව කව්රුත් කිසිම සැකයක් තියාගන්න එපා...
ඔව් ඔව්. මාලිමාවටම ඒ මන්ත්‍රී තනතුරු ටිකත් දෙන්න. එතකොට එයාලට හම්බවෙන දීමනාවලුත් අපේ පක්ෂයේ අරමුදලට දාගන්න පුළුවන් වෙයි.
පළාත් සභාවත් රංවල වගේ මාලිමා උගතුන්ගෙන් පුරවලා උගන්ඩාවේ සල්ලි ලංකාවට ගේන්න සහාය දෙමුද?
මොනවා කීවත් රටේ පුංචි ඡන්දෙ බලයත්... මාලිමාවටම තමයි, මෙතැන පුංචි දේවල් ඇදගෙන අඬන්නේ මාලිමාවට ඡන්දෙ දීපු අය නොවෙයි, ඒක නොදන්න අපි බබාලා නෙවෙයි, ඒ වගේම මෙතැන වරදට කමන්ට් දාන්නේ හිටපු අයගේ කුලී බළකාය බවත් පේනවා... ඔහොම කියව කියව ඉන්න, රටේ ජනතාව මාලිමාව සමගයි. මොකද මේ වෙනස වෙනකවුරුවත් කරන්නේ නැහැ.
මිතුරනි, මාලිමාවට වෙඩි තියන්න පෙර නුඹලා සියවරක් සිතිය යුතු යමක් කියමි. උඹලා වෙඩි තියන්නේ නුඹලාටමයි. එනිසා පරිස්සම් විය යුතුයි. නුඹලා පරාජය කළේ ලොව පාදඩම අපරාධකාර දේශපාලන කල්ලියක් බව අමතකද? ඒ සාපරාධී අපරාධ වල සුල මුල දැන් හෙළිවෙමින් පවතින හැටි උඹලා දකිමින් තිබේ. එහෙත් උඹලාට ඇත්තේ අමුතු හදිසියකි. ඔබලා ආණ්ඩුවක් පිහිට වූ බව ඇත්තකි. ඒ ආණ්ඩුව අදූෂිතයි. එහෙත් රාජ්‍ය තවමත් දූෂිතයි. මේ තියෙන්නේ ඔබලා එදා බැණ වැදුණු පොලිසියමයි. රාජ්‍ය සේවයමයි. ආණ්ඩුව වෙනස් වූ සැනින් දශක ගණනක් පුරා මුල් බැසගත් රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් වන්නේ නැත. ඒ ආයතන තුළ ඉන්නේ කවුද? ඔබලාගේ මිතුරන්ය, නෑදෑයින්ය, අසලවැසියන්ය. දූෂිත රාජ්‍ය යනු ඒ සියල්ලේ එකතුවකි. එය වෙනස් කිරීම බර වැඩකි.. ආකල්ප හදමින් සහ නීතිය යළි බලාත්මක කරමින් කළ යුතු වැඩකි. මාලිමාවට ජන්දය දුන් පමණින් ඔවුන් නීතිගරුක නැත. කාර්යක්ෂම නැත. අවංක නැත. මාලිමාවට ආණ්ඩු බලය ලැබුණ ද රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සෙමින් සිදුවන්නේ එබැවිනි. පොලිස්පති අත්අඩංගුවට ගන්නට ආණ්ඩුවට කොන්දක් නැතැයි උඹලා කියති. ආණ්ඩුව පොලිසියට සියලු අවසර දී තිබේ. මෙහෙයවමින් තිබේ..
අනේ පලයන් ටිලා යන්න...
බොරු එපා... මේ පාර පුංචි ඡන්දය දිනන්නේ පොහොට්ටුව. එහෙම වුනේ නැත්තං මම සුද්දියෙක් බැඳලා ඇමරිකාවේ පදිංචියට යන්න ලැබේවා...!
ඇයි අප එහෙම කළ යුත්තේ? තමුන්නාන්සේලා ආවා කියලා වුණු දෙයක් නැහැ. මිණීමැරුම් නම් වැඩිවෙලා තියෙනවා. දුප්පතුන්ට බඩේ පාර වැදුණා.. අපට ඕනෑ හිඟමන් නෙවෙයි, අපට තියෙන සල්ලි අප උපයන සල්ලි වියදම් කරලා පාඩුවේ ඉන්න ඕනෑ.. අධික බදු, වාහන බදු මේවා වැඩිම බලපෑමක් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට, ධනපතියන්ට නෙවෙයි. ඉතින් ධනපතින්ට විතරක් වාසි තියෙන ආණ්ඩුවක් මේක. එහෙව් ආණ්ඩුවක් ආයේ පත් කරන්න තරම් පිස්සුවක් තවම නැහැ.
රිළවුන් සහ වඳුරන් ගැන ගැන ඉන්නද අවුරුදු 5ක්...
අනිවාර්යයෙන්ම අම්බලන්ගොඩ නෛදුගේ ප්‍රශ්නේ අමතක කරන්න බැහැ. තානායම කඩාගෙන ගිය හොරු තවම නිදැල්ලේ, ඔයගොල්ලන් ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණු දේවල් ඉටු කරලා පෙන්වන්න. එතකොට පළාත්සභා ඡන්දෙදී සලකලා බලන්න පුළුවන්. මේ ඡන්දෙදී ඔබලගේ අම්බලන්ගොඩ ඡන්ද ප්‍රතිශතය කොහොමත් බහිනවා..
පසුගිය මැතිවරණ දෙකේදීම චන්දේ දීල තමා බලන් හිටියේ. දැන්නම් ජීවත් වෙන එකත් අමාරු වැඩක්. රෝද තුනේ වහනයක් ගන්න සිහින මවාගෙන හිටියත් අද රෝද දෙකේ වාහනයක් වත් ගන්න එකත් මේ ආර් ත්මේ සිහිනයක් වෙලා. පළාත් පාලන ආයතන නැතුව මොකුත් කරන්න බැරිද?
මොනවා උනත් මහින්ද මහත්තය රජයේ සේවකයන් බොහෝ දෙනෙකුට රුපියල් 50000 ක් වැනි අඩු මුදලකට මොටෝ බෛසිකල් දුන්න නිසා එයාලට මොටෝ බයිසිකල් එකකටවත් හිමිකමක් ලබන්න පුළුවන් උනා. කරපු හොද වැඩ අතුරෙන් එකක් තමා.
ඔය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉන්න පට්ට පරණ ඇඩ්මිෂන් සෙට් එක ගෙදර යවනකම් කවදාවත් මාලිමාවට ඡන්ද දෙන්නේ නැත. ඔය අය තනිකර කරන්නේ පුළුවන් තාක් පරක්කු කරමින් රජය පෙරළන්න උත්සාහ කිරීම පමණි.
වෙන මුකුත් එපාද?