IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි

(පද්මසිරි ගාර්දියවසම් සහ රචන්ද්‍රසේන ගමගේ)

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහෙත් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන සමහර යෝජනාවලට සමහර ප්‍රතිපත්තිවලට අපි එකග වෙන්නේ නැතැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  පැවසීය .

තංගල්ල නගරයේ පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය අමතමින් ඔහු මෙම අදහස් පළකළේය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දිස්ත්‍රික් සමුලුවට පක්ෂ සභාපති  උතුරාවල ධම්මරතන හිමිපාණන් ඇතුලු මහා සංඝරත්නය ,අන්‍යාගමික පූජකවරු , පවිත්‍රා දේවී වන්නිආරච්චි ,කාංචන විජේසේකර යන කැබිනට් අමාත්‍යවරු ඇතුළු මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ .

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය .

පසුගිය කාලයේ මත්තල ගුවන් තොටුපොළ විජාතික කරණය කිරීමට එරෙහිව අපි උද්ඝෝෂණය කළා . මමත් ඩී.වී. චානක ,ප්‍රසන්න රණවීර ඇමැති තුමාළත් එක්ක මේ දිස්ත්‍රික්කයේ එකසිය ගණනක් හිරේ ගියා. දේශීය ආර්ථිකය නංවාලන්න මේ රටේ ජාතික සම්පත් රැකගන්න ඕන කියා අපි විශ්වාස කරනවා. වර්තමානයේ මත්තල ගුවන් තොටුපොළ පුද්ගලීකරණය කරන්න සාකච්ඡාවක් යනවා .ආයෝජකයන් ගෙනඒම පිළිබඳව අපේ විරුද්ධත්වයක් නැහැ .ඒත් ඒ අයගේ පසුබිම සහ ඔවුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව රටටත් ජනතාවටත් අවබෝධයක් ලබා දෙන්න ඕන.

 



අදහස් (6)

පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි

චතුරි Monday, 01 April 2024 05:51 AM

කඳුලු ගෑස් ගහන්න ඕනෑ මේ පුටුවල ඉඳන් ඉන්න අයට මොලේ කියලා දෙයක් නැත්ද? නැතිනම් බලෙන් අරන් ආවාද? පාර හදලා දෙන්න මිසක් මේ ඉඳන් ඉන්න අය වෙනුවෙන්ම නෙවෙයි.

:       16       36

පිටරටවැසියා Wednesday, 03 April 2024 12:01 AM

රටක ඉන්න ඕන රටට ආදරේ කරන මිනිස්සු. හරක් ඉන්න ඕනෑ ගව පට්ටි වල... පක්ෂ, පාට බදාගෙන රැස්වීම්, සම්මේලනවලට යන අය අද ඉන්න තත්වෙයි, වසර 76 ක් රට පාලනය කරපු දේශපාලුවෝ අද ඉන්න තත්වෙයි අතර තියෙන පරතරය ගැන නිකමටවත් හිතන්න මොවුන්ට මොළේ කළඳක් හෝ පහළ වේවා...!!!

:       6       22

Asintha Wednesday, 03 April 2024 12:26 PM

බත් කන හරක් ටික පුටුවල වාඩිවෙලා ඉන්නවා.

:       8       23

Lelwala Saturday, 06 April 2024 09:51 AM

සිංහලයා යනු බොහෝම ඉක්මනින් කළගුණ අමතක වන ජාතියක්... මෙතුමා නැත්නම් අදටත් අපි බයෙන් සැකෙන් තමයි පාරවල්වල යන්න වෙන්නේ. ඒ කාලේ ජෙප්පන් කොහේද හිටියේ...?

:       23       6

චතුරිSunday, 07 April 2024 05:32 AM

රටේ නායකයෙක් වුණාම යුද්ධයක් තියෙන කොට රට බේරගන්න ඕනෑ. යුද්දේ ඉවර වුණාට පස්සේ රට ස්වයංපෝෂිත කරන්නේ නැතිව මොන හරකාද රටේ මුදල් ගෑනිටයි, දරුවන්ටයි වටේ ඉන්න අයට හොරෙන් දෙන්නේ ජනතාවගේ දේවල්. එකපවුලක් කාලා හරියනවාද? යුද්ධය කාලේට වැඩිය දරුණුයි... දැන් ගෙදර ඉන්නත් නැහැ මරනවා, කොටවනවා. ගොබ්බ රැල පාතාලෙන් වැඩ ගන්න නිසා. මොනවා කෙරුවත් ප්‍රභාකරන් තම ජාතිය කෙටෙව්වේ නැහැ...

:       3       18

fairoos Monday, 08 April 2024 04:29 PM

ලංකාවේ බයියෝ ටික ඉන්නකම් රටට අබ සරණයි.

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1321 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site