IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පසුගිය වසර 20 දුර්වලතා ගැන වජිර අබේවර්ධන කියයි

(නිමල කොඩිතුවක්කු)

දේශපාලන  ආර්ථික පොදු න්‍යාය පත‍්‍රයේ  සිටින විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට, පක්ෂයට පිටින් පැමිණි කණ්ඩායම සහ පක්ෂයේ දීර්ඝ කාලීනව  නොසිටි පිරිස්  අවබෝධයකින් තොරව පක්ෂයේ නායකයාට පහරදීම පසුගිය වසර 20 තුළ  පක්ෂයේ සිදුවූ ප‍්‍රධානතම දුර්වලකම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. 

පක්ෂය ආරක්ෂා කර බෙදිමකින් තොරව එකමුතුව  ඉදිරියට ගෙනයාමට පක්ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට වගකීමක්  සහ යුතුකමක් ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන කතා කිරීම නතර කර සියලූ බලවේග ඒකරාශී කරගනිමින් ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීමට සැලසුම් කළ යුතු බවත් සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද(15) එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

‘‘කුමන ආකාරයටද  අපේ පක්ෂයේ තියෙන යම් යම් මතවාද විසඳගන්නේ කියලා වර්තමානයේ සියලූ දෙනා අවදියෙන් සිටිනවා. පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ  නායකත්වය පත් කිරීම  පක්ෂ මහා සම්මේලනයෙන් සිදුකරලා තියෙනවා.  අපේ පක්ෂයේ කුමන මතවාද අදහස් තිබුණත් අපි අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. 

සියලූ දෙනාගේ ඒකමතික තීරණය අනුව වර්ථමානයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට  රනිල් වික‍්‍රමසිංහ මහතා  පත් කරගෙන තිබෙනවා. මේ ගැන බෙදීමක් ඇතිකර නොගත යුතුයි කියලා  මම විශ්වාස කරනවා.  

බෙදීම් ඇති වූ අවස්ථා ඉතිහාසයේ  ඕනෑතරම් තිබෙනවා.  ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි එක්සත් ජාතික පක්ෂ  ප‍්‍රධානීන්,  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන්  පක්ෂ සාමාජිකයන්  ලක්ෂ 10ක් මේ පක්ෂයෙන් ඉවත් කිරීමට දිවංගත රණසිංහ  පේ‍්‍රමදාස මහතා ක‍්‍රියාකර තිබෙනවා. ඒ ක‍්‍රියාකළේ  පක්ෂයට විනයක් අවශ්‍ය නිසයි.

පක්ෂයෙන් ලක්ෂ 10ක් ඉවත් කලාට පසු  1994 දී  රජයක් පිහිටුවීමට එක පාර්ලිමේන්තු අසුනයි අහිමි වෙන්නේ. පසුකාලීනව  අපේ පක්ෂයේ හිටපු නායක ඞී.  බී විජේතුංග ජනාධිපතිතුමා සියලූ දෙනා එකට එකතු  කරගෙන නැවත එක්සත්  ජාතික පක්ෂය ඉදිරියට ගෙනත් තියෙනවා.
මේ පක්ෂය ආරක්ෂා කරලා  බෙදිමකින් තොරව එකමුතුව  ඉදිරියට ගෙනයාමේ වගකීම  පක්ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට වගකීමක්  යුතුකමක් තියෙනවා. එතුමන්ට  මේ පක්ෂය විනාශ කරන  නායකයා හැටියට සනිටුහන් වෙන්න බැහැ.  

පක්ෂයක නායකත්වය කියන එක  අපේ පක්ෂයේත් අනෙක් දේශපාලන පක්ෂවලත් ලෝක දේශපාලන පක්ෂවලත් ව්‍යවස්තාවට  අනුව එකවගේම ක‍්‍රියා කරලා තියෙනවා.  උදාහරණයක්  විදියට බණ්ඩාරනායක මහතා මියගියාට පස්සේ  බණ්ඩාරනායක මැතිනිය වසර 60කට ආසන්න කාළයක්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරුවා.  එතුමියගේ ප‍්‍රජා  අයිතිය අහෝසි කරලා තිබියදීත්  ලේනුසුවක් කටේ බැදගෙන පක්ෂ  නායිකාව විදියට වේදිකාවේ අසුන් ගත්තා. එතුමිය  පක්ෂ නායකත්වය දැරීම  චන්දු‍්‍රිකා මැතිනියට ජනාධිපතිවීම සදහා නුසුදුසුකමක් වුණේ නැහැ. 

අනික් පක්ෂ ගත්තත් දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් මහතා  අවුරුදු 89ක් වෙලත් ඒ පක්ෂයට නායකත්වය දෙනවා. සියලූ දෙනා  මී මැසි පොදිය වගේ එකට එකතුවෙලා කියනවා  අපේ නායකයා සම්බන්ධන් කියළා. 

වාසුදේව නානායක්කාර වෙන්න පුලූවන් විජේවීර වෙන්න පුලූවන්  අනුර කුමාර වෙන්න පුලූවන් පිලිගත්තත් නැතත්  ඒ පක්ෂවලට ආවේනික වූ නායකත්වය කියන එක වෙනම කාරණයක්.  උදාහරණයක් විදියට ගත්තොත් මහින්ද  රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකයා. හැබැයි  ගෝඨාභය රාජපක්ෂ මහතාට  රටේ ජනාධිපතිවෙන්න ඒක නුසුදුසු කමක් වුනේ නැහැ.  ඒ නිසා ගෝඨාභය  රාජපක්ෂ මහතාට පොහොට්ටුවේ නායකත්වය ඉල්ල ඉල්ල  පොර කකා කෑ ගැසීමේ අවශ්‍යතාවයක් පැන නැගුනේ නැහැ.

අපේ සියලූ බලවේග එකට එකතුවෙලා අපේ දේශපාලන  ආර්ථික පොදු නයාය පත‍්‍රයේ  සිටින විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට පක්ෂ නායකයාට පහරදුන්නා. එය  පහුගිය අවුරුදු 20 කට ආසන්න කාළයක් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානතම දුර්වලකමක් විදියට අපි දකිනවා. 

විශේෂයෙන් අපේ පක්ෂයට පිටින් පැමිණි කණ්ඩායම සහ අපේ පක්ෂයේ දීර්ඝ කාලීනව  නොහිටපු මේ පිළිබද  අවබෝධය අඩු කණ්ඩායම ඉන්න නායකයන්ට  පහරදීම තමයි මේ කාළය තුළ සිදුකලේ.

රනිල් වික‍්‍රමසිංහ  මහතා පැන්නිය යුතුයි කියලා 2012 දීත් ඔය කියන කණාඩායම  ක‍්‍රියා කළා. 2014 සිංහල අවුරුද්දටත්  පක්ෂයේ නායකයා පන්නනවා කිව්වා. සිංහල අවුරුද්දට  කලින් මහින්ද රාජපක්ෂ මහතා පන්නන්න  පෙලගැහෙමු කියලා මේ කණ්ඩායම කියනවා මම කිසිම අවස්ථාවක දැකලා නැහැ.

2014 ඔක්තොම්බර් මාසයේදී මේ පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක  මහතාත් පැනලා යනකොට රනිල් වික‍්‍රමසිංහ  මහතා ඒ අභියෝගය බාරගෙන රාජපක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කළා. එතනදි මාදුලූවාවේ සොභිත හිමියන් ප‍්‍රමුඛ බෞද්ධ බලවේග එක්ක එතුමා කටයුතු කළා.

එතනදි රනිල් වික‍්‍රමසිංහ මහතා  පරාජයට පත්කරලා  එලවනවා කියපු කන්ඩායමට  මැති ඇමතිකම් දුන්නට පස්සේ ඔවුන් ඒ බලය පාවිච්චි කරලා රාජපක්ෂ පරාජය කිරීම වෙනුවට  රනිල් වික‍්‍රමසිංහ මහතා  පරාජය කරන්න නැවත උත්සාහ කළා. පක්ෂ නායකයාට පහරදීමෙන් සිදුවන්නේ  පක්ෂ නායකයා සහ අනික් කණ්ඩායම දුක්විදිම පමණයි’’  යැයිද ඔහු එහිදී පැවැසීය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වජිර අබේවර්ධන  මහතා :
ප‍්‍රශ්නය : පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට  නොලැබුනොත් වෙනම පක්ෂයකින් තරඟ කරනවා කියලා කියනවා.

පිළිතුර : එහෙම හදන්නත් තහනම්. එහෙම ක‍්‍රියා කරන්නත් තහනම්.

ප‍්‍රශ්නය : රනිල් වික‍්‍රමසිංහ මහතා අවුරුදු විසිගණනක් නායකයා ලෙස  කටයුතු කළා. ජයග‍්‍රහණ වලට වඩා පරාජයන් එහිදි  අතිවිදින්න වුණා. වෙනසක්  වෙන්න  ඕන කියලා ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද?

පිළිතුර : මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. එවැනි තින්දුවක් ගත්තොත් එක්සත්  ජාතික පක්ෂයට  තව අවුරුදු විස්සකටවත් බලයට එන්න ලැබෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය : රනිල්  වික‍්‍රමසිංහ මහතා දිගටම නායකත්වයේ  හිටියොත් ඊළඟ මහමැතිවරණයටතරඟ කරන්නේ නැහැ කියලා  ඇතැම් මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කර තිබෙනවා?

පිළිතුර : ඒක ඒ අයගේ පෞද්ගලික  අදහස්. ඒක නරක නැහැ ඒකත් හොදයි.

 ( ඡායාරූප-  ජයමාල් චන්ද්‍රසිරි) 



අදහස් (4)

පසුගිය වසර 20 දුර්වලතා ගැන වජිර අබේවර්ධන කියයි

Nimal Thursday, 16 January 2020 09:06 AM

අපි දන්නවාගේ හේතුව මොකකක්ද කියලා. ඩීල් ඩීල් සහ ඩීල්.

:       0       1

Bamunuarachchi Thursday, 16 January 2020 01:24 PM

හලෝ ඔබලාට තිබෙන ලොකුම දුර්වලකම තමයි රට බාරගන්න තරම් රාජ්‍ය නායකයෙක් නැතිකම... මේ අය රාජ්‍ය නායකයින්ද හලෝ...? රට ගැන, තමන් ගැන අභිමානයකින් හිතන්න මේවගේ මිනිස්සු අපි අපේ නායකයෝ කර ගන්නවාද? කියලා. මම ඔහෙලව තුට්ටුවකට මායිම් කරන්නේ නැත.

:       0       1

Tissa Weerasingha Thursday, 16 January 2020 02:26 PM

එතුමා කියන කතාව ඇත්ත. පක්ෂය කැඩී බිදී ගියේ හිටපු ජනාදිපති ප්‍රේමදාස මහතාගේ කාලයේ. ඒ කාලයේ රනිල් මොකද කෙරේ ? නායකත්වයට ගරු කර කැඩී ගිය කොටස් වලට එකතු වුනේ නැහැ. ඔහුට බාරගන්න වුනේ කැඩීගිය පක්ෂයක්. රනිල් මෙපමණ දුරක් පක්ෂය ගෙනාවට පාක්ෂිකයන් ඔහුට ණයගැති. පක්ෂය විනාශ කරන්නේ බල තණ්හාව ඇති කණ්ඩායමක්. පක්ෂට ආපු ගමන් ඉගිල්ලෙන යන උදවිය.

:       1       1

karu Monday, 20 January 2020 03:48 PM

කරුණා කරලා පක්ෂය අරගෙන හරි දේශපාලනයෙන් තොලොංචි වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17659 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site