IMG-LOGO

‘ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ 20 පරාජය කරනවා’

(එම් .සුසිල් ප්‍රියන්ත) 

ප්‍රජාතන්ත්‍රවාදී සියලුම බලවේග ඒකරාශී කරගෙන විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය අපි පරාජය කරනවා. පාර්ලිමේන්තුවේ සිටින ප්‍රබල විපක්ෂය හැටියට අපිට ඒක කරන්න පුලුවන්.ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලුම දෙනා  අපිත් සමඟ එකතු වේවි යැයි සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (20) අම්බලන්ගොඩ පැවති ජන හමුවකදීය.   

එහිදී තවදුරටත් කතා කළ ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.        

‘මේ ආණ්ඩුවට ඕනෑ ජනතාවට සේවය කරන්න නෙමෙයි.ජනතාවගේ ප්‍රශ්න විසදන්නත් නෙමෙයි. විසි වැනි ව්‍යවස්ථා සංශෝදනයක්  ගෙනැල්ලා ඒ අයගේ බලය තරකර ගන්නයි. විසි වැනි සංශෝධනයට අපි විරුද්ධයි. ඒකේ කතා දෙකක් නැහැ. අපි මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එනවට කොහෙත්ම කැමති නැහැ.මේ ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට මෙන්ම රටට මර උගුලක්. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට එය මරු පහරක් වෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කප්පාදු වෙනවා.’      

‘මේ ව්‍යවස්ථා සංශෝධනයට නව සංශෝධන එකතු කරලත් සම්මත කර ගන්න හොඳ එකක් නෙමෙයි. අපි පැහැදිලිවම ඒක තේරුම් අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් ජනතාවත් දැනුම්වත් කරලා මේ රටේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී පිරිස්  ඒක රාශී කර ගෙන රටට, ජනතාවට විනයක් වූ මේ 20 වැනි සංශෝධනය පරාජය කිරීමට අපි කටයුතු කරනවා. රටේ විපක්ෂට හැටියට එය අපේ කාර්‍යභාරයක්. මේ රටට වින කරන කොඩි වින කරන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් පරාජය කරන්න අපි පෙරමුණ ගන්නවා.’



අදහස් (2)

‘ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ 20 පරාජය කරනවා’

Bamunuarachchi Sunday, 20 September 2020 02:07 PM

කටේ නරිවාදම නම් ගිහිල්ලා නැහැ.. අලුත් බලවේග හැදිලා නැහැ. ඔය තාමත් ඡන්දෙදී සහයෝගය දීපු බලවේගම තමයිපොහොට්ටුවට 2018 සිට ඡන්දෙ දීපු බලවේග පොහොට්ටුව සමගයි.

:       1       0

kamal Monday, 21 September 2020 05:23 AM

තනියම කරන්න බැරි නිසා නේද සියලුම බලවේග ඕන කරන්නේ.?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site