IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ජනමතයක් හදන්න ඕනෑ ඡන්දයක් එනවිටයි

මහ මැතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘‘2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අතුරලියේ රතන හිමිය.

ප්‍රශ්නය:- යහපාලනයටත් විරුද්ධව සටන් කරපු රතන හාමුදුරුවෝ පොහොට්ටුවෙන් ඈත් වුණේ මොකද?
පිළිතුර:- පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වුණා. පාර්ලිමේන්තු නොගියත් වස විස නැති ගොවිතැන සම්බන්ධයෙන් අධිකාරියක් පිහිටුවලා එහි ප්‍රධාන උපදේශකයකු හැටියට කටයුතු කරන්න හිතුවා. එත් ගෝඨාභය ජනාධිපති වුණාට නිලධාරින් පත්කරද්දී හැමතැනම තියෙන්නේ මහින්ද, බී.ආර් ඒකාධිකාරියක්. රට ගැන හිතලා නිර්මාණාත්මකව වැඩක් කරන කිසි කෙනකුට ඉඩක් නෑ. ඊළඟට බලශක්තිය හා ඉඩම් සම්බන්ධයෙන් පොරොන්දු වූ පිළිවෙතින් පිට පැන්නා. ලෝකයේ ඉඩම් අර්බුදයත් සමග ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමක් අවශ්‍ය වෙලාවක ඡන්දයක් අස්සේ පවා මේ අය ප්‍රතිපත්ති හදන්නේ හිස්බුල්ලලාට විදේශීය සමාගම්වලට ඉඩම් ටික විකුණන්නයි. ඉතින් මම ඉවත් වුණා.

ප්‍රශ්නය:- සාකච්ඡාවෙන් සම්මුතියකට එන්න උත්සාහ නොකළේ ඇයි?
පිළිතුර:- පෙබරවාරියේ මේවා ගැන පිටු පහක දීර්ඝ ලිපියක් මම ලිව්වා. බිලියන ගාණක් වියදම් කරලා පොඩි පාරවල් හදන්නේ නැතිව ඒ මුදල් ගෙවතු වගාවට දාමු කියලා කල් තියලා කිව්වා. ඒක කළා නම් කොරෝනා එද්දි සැමනුයි පරිප්පුයි කන්න දෙන්න වෙන්නේ නෑ. ඊටපස්සෙ ප්‍රීමා කොම්පැනියට බදු සහන දුන්නා. විදේශ ආනයන භාණ්ඩවලට බදු සහන දුන්නා. අර යූ.එන්.පී කරපු වැඩ ඔක්කොම පටන්ගත්තා. මේ නිසා ඇතිවුණු විශාල කලකිරීම සමග රට ඇතුලේ ප්‍රතිපත්තිමය වශයෙන් හඬක් නැගිය යුතු යැයි මම හිතුවා.

ප්‍රශ්නය:- මද්‍රසා පාසල්, කාති උසාවි, බුර්කාව සතියක් ඇතුළත තහනම් කරන්නැයි අපේ ජන බල පක්ෂය ඉල්ලීමක් කළා. ආණ්ඩුව හෝ මුස්ලිම් නායකත්වයෙන් ඊට ලැබුණු ප්‍රතිචාරය මොකක්ද?   
පිළිතුර:- මේ අය මුස්ලිම් ඡන්ද බලාගෙන මේ සෙල්ලම තාමත් කරනවා. මද්‍රසා පාසල් ඇත්තටම නීතිවිරෝධියි. ඒක හෝඩියේ පංතියේ සිට 13 වසර දක්වා යන අධ්‍යාපන පද්ධතියක් මිස ඉරිදා ඉස්කෝලයක් නෙවෙයි. මේකෙන් හදන්නේ ආගමික පූජකයන් නෙවෙයි. සහරාන් මේ පාසල්වලට ගිහින් ආයුධ පුහුණුව දුන්නා කියලා ජනාධිපති කොමිසමේදි විදුහල්පතිම කටඋත්තරයක් දුන්නා. අඩු ගාණේ ඒ පාසල වහන්න තිබුණා. මේ සිංහල ජනතාවගේ හඬක්නෙ. හැබැයි අද වෙනකන් ආණ්ඩුව ඒ තීරණ අරගෙන නෑ. මේ හොර ගල් අහුලන්නේ ඇයි? අපේ ඉඩම් අක්කර දහස් ගණනක් දැනටම අරාබියට විකිණිලා ඉවරයි.

ප්‍රශ්නය:- ප්‍රධාන දේශපාලන පක්ෂ සුළු ජන ඡන්ද පදනම් ආමන්ත්‍රණය කරද්දී මෙවැනි කරුණු ඉදිරිපත් කරලා සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජයක් ලබන්න පක්ෂයට හැකි වේවිද?
පිළිතුර:- ඡන්දයක් ඉදිරියේ තමයි ජන මතයක් හදන්න ඕනෑ. සෞදි අරාබියෙන් දෙන තෑගි කියන්නේම සල්ලි. රජය මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව දිනාගන්න උත්සාහ කරනවා වෙනුවට දැන් ක්‍රියා කරන ආකාරය වැරැදියි. ජමියතුල් උලමා සංවිධානය වහබ්වාදය පිළිගන්නවාද නැද්ද බුර්කාවෙන් ඔළුව වැසීම පිළිගන්නවාද නැද්ද අහලා අපි ඔවුන්ට ලියුමක් යවනවා.

ප්‍රශ්නය:- නියම වියත් මග අපිත් එක්ක කියලයි ඔබවහන්සේ කියන්නේ. මේ විදියට වියත්තු ඉන්න තැන හොයන්න ගිහින් මිනිස්සු අතරමං වෙන්නැද්ද?
පිළිතුර:- ඒක ලැයිස්තු බැලුවාම පේනවනේ. පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයෝ කවුද? දාලා තියෙන්නේ වියත්තු ද? ගෝඨාභය ජනාධිපතිවරයාගේ වියත් මග කෝ? එක්කෙනකුට දෙන්නකුට නාමයෝජනා දීලා හැමතැනදිම ගහනවා. ඔවුන්ට ඡන්දයක් දෙන්නෙපා කියලා ඒ අයම ප්‍රචාරය කරනවා.

ප්‍රශ්නය:- ඒත් ජනාධිපතිවරයා සමග සිවිල් සංවිධාන රැසක් සිටිනවා නේද?
පිළිතුර:- ජනාධිපතිවරයාට පක්ෂ යාන්ත්‍රණයක් නෑ. ඔහුට ව්‍යවස්ථාදායකයේ තමන්ගේම පිරිසක් නෑ. දැනටමත් එතුමා සිරකරුවෙක් වෙලා ඉවරයි. ජනාධිපතිවරයා දෙන නියෝගය ක්‍රියාත්මක වෙනවා නම් එතුමා මුදල් අමාත්‍යාංශයේ අය ගෙන්නලා බනින්න ඕනෑ නෑනේ. මේ සමාජයේ ඉන්නේ අන්ධයෝ බීරෝ නෙවෙයි. එතුමාගේ හෘද සාක්ෂියට ගැළපෙන්නේ අපි වගේ අයද ලේ ඥාතිකමද කියලා ජනාධිපතිවරයා තීරණය කරන්න ඕනෑ. දේශපාලන සහෝදරකම කියන්නේ තමන් හා සමාන අදහස් තිබෙන අයටයි.

ප්‍රශ්නය:- ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ජනතාවගෙන් ඉල්ලනවා. ජනතාව ඊට සාවධාන නොවේවි යැයි ඔබවහන්සේ හිතනවද?
පිළිතුර:- මහින්ද මහත්තයටත් තුනෙන් දෙකක් තිබුණනෙ. තුනෙන් දෙකෙන් කරපු එකම ව්‍යවස්ථා සංශෝධනේ මැරෙනතුරු බලයේ ඉන්න වැඩ කරපු එක විතරනෙ. ඉතින් දැන් මොකක්ද කියන්නේ? බලය තිබුණු වෙලාවෙත් රටට ඕන දේ කළේ නෑනේ.

ප්‍රශ්නය:- අපේ ජන බල පක්ෂය ඡන්දපොළට යන ඡන්දදායකයාට මොකක්ද අවසාන වශයෙන් කියන්නේ?
පිළිතුර:- කොරෝනා වයිරසය එද්දිත් මුළු පෘථිවි තලයම මුහුණ දුන් අර්බුදයක් තිබුණා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම. මේ නිසා තෙල් හා ගල් අඟුරුවලින් තොර ලෝකයකට ගොස් විකල්ප සංවර්ධනයකට යන්න ඕනෑ කියන සාකච්ඡාවක් ආවා. එහෙත් අපේ ලංකාවේ මෙහෙම සාකච්ඡාවක් තාම නෑ. අපේ අසල්වැසි ඉන්දියාව සුළං හා සූර්ය බලය 40%කට යද්දී ගල් අඟුරු බලශක්තිය 70% සිට 20% දක්වා අඩු කරන බවට පොරොන්දු දීපු ආණ්ඩුවක් තවත් මෙගාවොට් 300 ක් අරන් 85% දක්වා ගල් අඟුරු වැඩිකරන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඇත්තටම මේ බොරු පූචානම් රඟපාන අපේ පාලකයෝ තමයි දැන් එම්.ජී.ආර්ලා ජයලලිතලා වගේ තමිල්නාඩු දේශපාලනය කරන්නේ. ඉතින් අපේ ජනබල පක්ෂයේ ප්‍රතිපත්තිය වන්නේ ස්වයංපෝෂිත සමබර ආර්ථිකයක් යන්නයි. ලංකාවේ පරිභෝජනයට ගන්න ඉඩම් අක්කර ලක්ෂ පනහෙන් ආනයන නැතිව අපි වගේ දෙගුණයකට කන්න දෙන්න පුළුවන්. වස විසෙන් තොර ගොවිතැන කියන්නේ නවීන තාක්ෂණය සමග ස්මාට් ගොවියකු බිහිකිරීම මිස හරක් දාලා කරන දෙයක් නෙවෙයි. හැබැයි මේ පාලකයන්ට ගොවියෝ ගැන අදහසක් නෑ. ගොවි කලාපවල 60% ක් ඉඩම් උකස් තියලා. ඉතින් මේ දේවල් ගැන ගැඹුරින් හිතලා තීරණය ගන්න කියලයි අපි කියන්නේ.

(***සාකච්ඡා කළේ - බිඟුන් මේනක ගමගේ)



අදහස් (0)

ජනමතයක් හදන්න ඕනෑ ඡන්දයක් එනවිටයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 664 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 546 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 445 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site