
(නිමල කොඩිතුවක්කු)
පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේ බදු අඩු කරන බවත් අයි එම් එෆ් සමග සාකච්ඡා කර ගිවිසුම වෙනස් කරන බව පැවසුවත් එය කිරීමට නොහැකි වී ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ජනතා පොරොන්දු ඉටුකිරීමට නොහැකි වු ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා නොදී සමගි ජන බලවේගයට බහුතරය ලබා දීම රටේ අවශ්‍යතාව වී ඇති බවත් කොලොන්නාවේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු කීවේය.
වත්මන් ආණ්ඩුව යටතේ අත්‍යාවශ්‍ය ආහාරවල හිගයක් ඇතිව පොල් සදහා පෝලිම් පවා ඇති බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා රටම අමාරුවෙ දමා 2028 සිට ණය ගෙවන්න පොරොනදු වී ඇති බවත් ඒ අනුව තවත් වසර හතරකින් ණය ගෙවීම ආරම්භ කිරිමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය.
රටේ පවතින ආර්ථිකයට මේ ණය ගෙවීම දරාගත නොහැකි බවත් ඒ සදහා සීග්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් මේ ආණ්ඩුවට ඒ සඳහා හැකියාවක් නැතැයිද ප්‍රේමදාස මහතා කීවේය.
මේ ණය කන්දරාව නැවත ගෙවීමට නම් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් රට 2028දීත් බංකොලොත් වන බවත් ඔහු පැවසීය.
අයි එම් එෆ් එකත් එක්ක සාකච්ඡා කර ජනතාවට ගැලපෙන ගිවිසුමක් අත්සන් කළ හැක්කේ සමගි ජන බලවේගයට බවත් පෝලිම් යුගය වෙනුවට සංවර්ධන යුගයක් නිර්මාණය කරන රටක් ගොඩනගන බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

COMMENTS
පර්මිටි මරික් කාරුත් ඇවිල්ලා... මේ පාර කාගානේ පර්මිට් ඉල්ලන්නද? අම්මෝ.. මෙන්න මේ විසබීජ වලින් තමයි පාර්ලිමේන්තුව සුද්ද කරලා දාන්න ඕනෑ....
බත්කන හරක් දැකලා තියෙනවද?
පළමුවෙන්ම බලන්න මොලේ තියෙන්නේ උඩද? යටද? කියලා. ජනාධිපති පත්වෙලා මාසයයි තාම ගතවුනේ. මොනවද මේ කියන්නේ? අවුරුදු 76 ක් තිස්සේ නිදාගෙනද සිටියේ...? හොඳ දොස්තර කෙනෙකුට කියලා මොලේ පරික්ෂා කරගත්තා නම් හොඳයි...!
තමුන්ගේ පොරොන්දු ගැන නම් කියලා වැඩක් නැහැ. පක්ෂයේ හිටපු සමහර අයටත් එපා වෙලා තියෙන්නේ, නිළියකුත් දුක කිය කියා නාහෙන් අඬනවාලු?
පොරොන්දු ඉටුකරපු ජනාධිපති කෙනෙක් කියන්න ලංකාවේ ඉන්නේ සජිත්.
එ වුණාට හොරකම් කරලාත් නෑ. හොරකම් වලට අත උස්සලාත් නෑ නේද?....
ඔය හොර නඩය නැවත පාර්ලිමේන්තු එවන්න, හිතුවාද රටේ බහුතරයක් ගොන්නු කියලා. අනේ මෙන්න...