
(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති කරනවා. ඒ සදහා සියල්ල සූදානම් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
රට රකින ජන පවුර " තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට එක් වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසිය. ගම්පහ නගර සභා පිටියේ දී මෙම රැස්වීම පැවැත්විණි.
අද දේශපාලඥයන්ගේ දිනය නොවේ වැඩ කරන ජනතාවගේ දවසයි . ඇවිත් ඉන්නේ පක්ෂය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ජීවිතය පුද කරන්න කැමති පිරිසක්. පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගියාම වැරදියි විජේදාස රාජපක්ෂ අපි ගත්ත එක හරිද අහනවා. එතුමා ආවේ ඇමතිකම් බල්ලට දාලයි. ජනතාව ඉන්නේ අපි එක්කයි. අපි අලුත් වැඩපිළිවෙළකට යන්න ඕන. ඒකට අපි අද මුල්ගල තිබ්බා . ඕන කෙනෙක් ඕන කෙනකුට හේත්තු වෙන්න පුලුවන් ඒ වුණාට පක්ෂය එක එක් කෙනාට ඕන විදියට හේත්තු කරන්න දෙන්න බැහැ.
අද පක්ෂය බාර දිය යුත්තේ කාටද ඉවත දැමිය යුත්තේ කවුද කියා ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. දූගි භාවය තුරන් කරන වැඩ පිළිවෙළ අපි හදලා ඉවරයි. ඉදිරි මැතිවරණය දිනන්න පුළුල් ශක්තිමත් වැඩ පිළිවෙලක් හදනවා. ජනතාවගේ අමාරුකම් අත්දැකීමෙන් දන්නවා. සුඛිත මුදිත රටක් හදන්න ජනතාව ඉන්නේ පක්ෂය එක්කයි කියන එක අද මෙි රැළියෙන් පෙන්නුම් කරනවා.

COMMENTS
ඔහු කතා කරන්නේ කොහෙන්ද?
පේනවා.. පේනවා. ඔක්කොම වෙන තැන්වලට ගිහින් යන්තම් හාල් කැලි ටිකක් ඉතුරු වෙලා ඉන්නවා
සමහර මළ ගෙවල්වලට මීට වඩා සෙනග ඉන්නවා
නිකම් බොරුවැඩ නොකර ඉන්න. ඔබලාට මේ කපේදිවත් ජනතා බලයක් ලබාගන්න අමාරුයි. මෛත්‍රීපාල ජනතා විශ්වාසය පලුදුකල කෙනෙක්. ඒ නිසා මේ කරන්නේ අසර්ථක ක්‍රියාවක්.
නරි වාදන්
ජනතාව ඉන්නෙ කොහෙද කියල අපිටත් පේනවා..ඉන්නෙ ටෙන්ට් එක ඇතුලෙනෙ
අධිකරණයෙන් විශාල දඩයක් ගහපු ,ජනතාව ප්‍රතික්ෂේප කරපු,නීතියෙන් මහ පුටුව තහනම් කරපු ,ශ්‍රිලංකාවේ පරිණතම සහ බලවත් පක්ෂයක් වන ශ්‍රීලංකා නිදහස් පක්ෂය බලෙන් උරුම කරගන්න දන්න හැම දහන් ගැටයක් ගහන මේ පොළොන්නරු "හිටන්ට" අමු කැවිලද නැත්නම් දවල් හීන පේනවද කියා දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවේවා... අපි හැමදාමත් ශ්‍රීලනිපය සමඟයි...
ජනතාව කෙසේ වෙතත් එහෙට මෙහෙට පැනපු දේසපාලුවෝ නම් ඉන්නේ කරකියා ගන්ඩ දෙයක් නැතිව අන්දමන්ද වෙලා?
ජනතාව දැන් ඉන්නෙ. ඔබලාව එළවන්නේ කොයි වෙලේද කියලා බලන් ප්‍රතිපල කියනකොට. ඔය සරම මැදට නූලක් ඇද්ලා තියා ගන්න දුවන්න බලන්...