IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ගැන තීරණය තනි මතයට ගත්තාට ටෙලෝ සංවිධානයේ අප්‍රසාදය

(එෆ්.අස්ලම්)
 
 
ඉලංකයි තමිල් අරසු පක්ෂයේ තනි මතයට අනුව ගෙන තිබෙන දෙමළ ජාතික සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳ තීරණයට අප්‍රසාදය පළ කරන බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන  ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.
 
මේ ආකාරයේ තීරණ දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ ත්‍රිත්වයේම අදහස් වලට අනුකූලව ගතයුතු බවත් එහෙත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය හෝ තමිල් අරසු පක්ෂය එසේ නොකළ බවත්  හෙතෙම සඳහන් කළේය.
 
දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත්කළ තවරාසා කලයිඅරසන් මහතාගේ පත්කිරීම ස්ථිර කරමින් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ත්‍රීකුණාමලයේ දී රැස්වී ගනු ලැබූ තීරණය පිළිබඳ ටෙලෝ සංවිධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් අඩෙයිකලනාදන් මහතා මේ බව කියා සිටියේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අඩෙයිකලනාදන් මහතා මෙසේද කීය.
 
අපෙත් එක්ක කතා කරල තිබුණා අපි සිටින ස්ථාවරය කියනවා.අපේ ස්ථාවරය තමයි දෙමළ ජාතික සන්ධානයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය දෙවසරක කාලයක් මාවෙයි සේනාධිරාජා මහතාට ලබාදී ඉතිරි වසර තුන අම්පාර දිස්ත්‍රික්කයටත් ලබාදිය යුතුයි කියන එක. එහෙත් අපෙන් අහන්නේ නැතිවයි දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ ඉලංගයි තමිල් අරසු පක්ෂය ඒ පිළිබඳ තීරණය ගනු ලැබුවේ.
 
තවදුරටත් මේ ආකාරයේ තනි තීරණ ගැනීමේ ක්‍රමවේදයක් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය ගෙන  යන්නේ නම් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් විදිහට අපට තීරණයක් ගැනිමට සිදුවන තැනට තල්ලු වනු ඇති. 
 
දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරිමේ උත්සහායක් අපි ගෙන යනවා. තනි පක්ෂ වශයෙන් තීරණ ගන්නේ නම් ජනතාව අපෙන් දුරස් වනු ඇති යැයි ද අඩෙයිකලනාදන් මහතා සඳහන් කළේය.
 
 



අදහස් (1)

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ගැන තීරණය තනි මතයට ගත්තාට ටෙලෝ සංවිධානයේ අප්‍රසාදය

N. Perera Sunday, 23 August 2020 04:27 PM

එතකොට පර්මිට් එකට ලැබෙන අධිසුඛෝපබෝගී වාහනය දෙකට කඩලා බෙදාගන්නවද , එසේත් නැත්නම් ජනතා මුදල් කාබාසිනියා කරමින් පර්මිට් දෙකක් දෙනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17579 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site