IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කරුණාට - තොණ්ඩමන්ලාට එක නීතියක්, අසරණ ජනතාවට තව නීතියක්

(*** නිමල කොඩිතුවක්කු)

වත්මන් රාජපක්ෂ පාලනය යටතේ කරුණා අම්මාන්, තොණ්ඩමන් වැනි බලවත් අයට එක නීතියකුත් අසරණ ජනතාවට තව නීතියකුත් ක්‍රියාත්මක වෙතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කොළඹදී පැවසීය.

රටේ හමුදා නිලධාරීන් තුන් දහසක් ඝාතනය කළ බව කියන කරුණා අම්මාන්ගේ ප්‍රකාශය එච්චර ගණන් ගන්න එපා යයි කියන මහින්ද රාජපක්ෂ මහතා රටේ පොඩි මිනිහගේ ගැටලු පිළිබඳ ඇස් කන් වසාගෙන සිටිතැයිද අජිත්. පී. පෙරේරා මහතා සඳහන් කළේය.

සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා මහතා මෙසේ ද කීවේය.

 “දැන් එන්න එන්නම කොරෝනා බිය පහවෙමින් මැතිවරණ උණුසුම වැඩිවෙමින් තිබෙනවා. අපේ සන්ධානය පිහිටුවා මාස තුනක් ඇතුළත රටේ ප්‍රධානතම දේශපාලන ප්‍රවාහය බවට පත්වීමට සමගි ජන බලවේගයට හැකි වුණා.

අද පොහොට්ටුවේ ප්‍රධාන තරඟකරුවා බවට සමගි ජන බලවේගය පත්ව තිබෙනවා. ඊළඟට රටේ බිහිවන්නේ සමගි ජන බලවේගයේ රජයක් කියා ලකුණු පහළ වෙලා. අප සන්ධානය බිහිකරද්දි සමහරුන් හිනාවුණා. ශක්තිමත් සන්ධානයක් ගොඩනඟන්න පුළුවන් කියා අප පෙන්නුවා.

දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා සජිත් ප්‍රේමදාස මහත්තයට බය වෙලා, නිතරම එතුමා ගැනම කියැවෙනවා. මහ රෑට හීනෙනුත් සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන එතුමා කියවනවලු‍.

රණවිරුවන් තුන් දහසක් ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගණන් ගන්න එපා කියා මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා. නීත්‍යනුකූල හමුදාවක සෙබළුන් ත්‍රස්තවාදී කණ්ඩායම විසින් ඝාතනය කළහම ඒ ත්‍රස්තවාදීන්ට සාපරාධි වගකීමක් පැවරෙනවා.

රටේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව අපරාධකරුවකුට සමාව දිය හැකි කරුණු දෙකක් තිබෙනවා. කිසිම අවස්ථාවක කරුණා අම්මාන්ට සමාවක් දී නැහැ. මිනීමැරුම් චෝදනාවකට කාලය ගතවීම කියන එක අදාළ නැහැ. මිනීමැරුම් නඩු අවුරුදු හතළිහකට පනහකට පසුවත් විභාග කරනවා.

ඒ අනුව කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මහින්ද රාජපක්ෂ වගේ නීතිඥ මහත්තයකු මේ වගේ ප්‍රකාශ කිරීම ගැන අපට බරපතළ කනගාටුවක් තිබෙනවා.

තොණ්ඩමාන්ගේ අවමඟු‍ලේදී නිරෝධායන නීතිය කඩකරමින් දස දහස් ගණන් පෙරහැර ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ඒකත් ගණන් ගන්න එපාලු. කරුණා, තොණ්ඩමාන් වගේ බලපුළුවන්කාරයින්ට එක නීතියක් පොඩි මිනිහට තව නීතියක් ක්‍රියාත්මකයි. මේක තමයි, මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවේ තරම.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පනවපු කාලයේ අසරණ ජනතාව කන්න දෙයක් හොයාගන්න පාරට බැස්සත් අත්අඩංගුවට ගත්තා. රටේ සාමාන්‍ය ජනතාව 50,000ක් විතර ඒ කාලයේදී අත්අඩංගුවට ගත්තා. මෙන්න මෙහෙම තමයි, අද රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ. මේ නීති හැම එකක්ම තිබෙන්නේ පොඩි මිනිහටයි.

ද ෆිනෑන්ස් ආයතනය රටේ පැරැණිතම මූල්‍ය ආයතනයක්. එය වසා දමා ඈවර කිරීමට රජය තීරණය කරලා. මේ හේතුවෙන් එහි ගනුදෙනුකරුවන් සහ සේවකයන් පන්දාහක් පමණ බරපතළ අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා.

ලක්ෂ 6ට වඩා අඩු ආයෝජකයන්ට පමණක් මුදල් දීමට රජය පියවර ගෙන තිබෙනවා. අනෙක් අය සම්බන්ධයෙන් නිශ්චිත පියවරක් ගෙන නැහැ. මේ නිසා අසාධාරණයට ලක් වූ විශාල පිරිසක් සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ අප ඒ සියලු‍ දෙනාට සාධාරණය ඉටු කිරීමට කැපවෙනවා.


කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා.
 “කරුණා අම්මාන්ගේ සිද්ධියේදී මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ ලොකු චිත්‍රය දකින්න පොඩි චිත්‍රය දකින්න එපාලු‍. අපේ හමුදාව තුන් දහසක් මරා දාපු එක අමතක කරන්න කිසිම දේශ ප්‍රේමියකුට පුළුවන්ද කියා අප අහනවා.

දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ මමයි. අරන්තලා භික්ෂූ ඝාතනය කළේ මමයි. මේ විදිහට කරුණා කිව්වොත් ඒකත් අමතක කරන්න කියලද අපට කියන්නේ? අද රාජපක්ෂ ආණ්ඩුවේ පිරිස බොරු දේශප්‍රේමි සළුවට මුවා වෙලා රෑ දනියෙල් දවල් මිගෙල් චරිත රඟපානවා.

එම්.සී.සී. ගිවිසුම ගැන බිල්ලො මැව්වා. රට ඇමරිකානු කොළනියක් වෙනවා කිව්වා. සෝමාවතියට යන්න විසා ගන්න වෙයි කිව්වා. හැට නව ලක්ෂයක් එම්.සී.සී. ගිවිසුමට එරෙහිව රාජපක්ෂවරුන්ට ඡන්දය දුන්නා. දැන් රාජපක්ෂවරුන් එම්.සී.සී. ගිවිසුම සලකා බලමින් හැට නව ලක්ෂයේ කලිසම ඔළුවෙන් ගලවන්න හදනවා. අපේ ආණ්ඩුවක් යටතේ එම්.සී.සී. ගිවිසුම අස්සන් කරන්නේ නැහැ  යයිද ඔහු පැවසීය.

 



අදහස් (2)

කරුණාට - තොණ්ඩමන්ලාට එක නීතියක්, අසරණ ජනතාවට තව නීතියක්

Raveendra Thursday, 02 July 2020 10:49 AM

ඔව් ඔව් පෙරේරා ඔයාට දැන් තමයි අහිංසක මහජනතාව මතක් වුනේ? ෆුට් නෝට් ලියල ලියලා අහිංසක මහජනතාවගේ සල්ලි ගත්තු සූත්තර පුංචාවයි, අර්ජුනවයි බේරන්න අතේ පැළෙන පට්ටපල් බොරු කියනකොට අහිංසක මහජනතාව මතක් වුනේ නැහැ නේද?... ඔයාලා වගේ අවස්ථාවාදීන් තාමත් ජීවතුන් අතර ඉන්නවනේ...

:       0       0

Raveendra Thursday, 02 July 2020 10:55 AM

සූත්තරයයි, අර්ජුනයි මහා බැංකුව කඩනකොට... ෆුට් නොට් දෙන්නව බේරන්න තමයි ප්ලෑන් එක ... දැන් මේ මොකද මහජනතාව ගැන දුක හිතිලද?

:       0       328

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28785 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18207 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11198 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 688 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 208 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site