
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මාස අටකදී රටේ නීතියත් ආර්ථිකයත් කඩා බිද දැමූ වත්මන් පාලකයින්ට බහුතර බලයක් දුන්නොත් මොනවායින් මොනවා වෙයිද දන්නේ නැහැ. මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට පමණක්යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා අද (26) මීරිගම බෝතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.
මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර චාමින්ද විතාන මහතාගේ සංවිධායකත්වයෙන් පැවැති මෙම ජනහමුවේදී විජයවර්ධන මහතා මෙසේද කීය.
‘‘මගේ පවුල හා බැදුණු ගම්මානයක් වන බෝතලේ ග්‍රාමයට පැමිණ ජනතාව හමුවන්න ලැබීම මහත් සතුටක්. කොරෝනා බියත් එක්ක ඡන්දය දමන්න නොයා ජීවිතය බේර ගන්න ගෙදර ඉමු කියා හිතන අයගෙන් මට අද කරන්න තියෙන එකම ඉල්ලීම මෙවර මැතිවරණයේදී සියලු දෙනාගේම ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.
අද වනවිට රටේ අනාගතය ආර්ථිකය විනාශ වෙලා ඉවරයි. රට අර්බුදයකින් බේරෙන අන්දම ගැන අපිට හිතන්න වෙනවා. ආණ්ඩව පත්වෙලා මාස අටක් ඉවරයි.
සහන දෙන්න කියලා බදු අඩු කළා. රජයට ආදායම අඩුවුණා. රජයට මුදල් නැහැ. කොරෝනා නිසා ඇතිවූ තත්ත්වයට මුහුණ දෙන්න රජයට ශක්තියක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා ඇතිවෙද්දී දේශපාලනය පැත්තක තියලා අපි එක්වී රටක් විදියට මුහුණ දෙමුයි කිව්වේ රට අවදානමෙන් මුදවා ගන්නයි.
එතුමා ඇතිවිය හැකි අවදානම දැක්කා. මැතිවරණය කල්දාමු කිව්වාට රජය ඇහුම්කන් දුන්නේ නැහැ. ජනතාවට වයිරසය ගියාට කමක් නැහැ අපිට බලය දෙන්න කියලයි රජය කිව්වේ. අදටත් මේ ගැන කිසිදු සැලැස්මක් නැහැ. තුනෙන් දෙක දෙන්න කියනවා විතරයි.
රට පුර කර්මාන්ත ශාලා එකින් එක වැහෙනවා. මේ තත්ත්වයට විසඳුම් දෙන වගකීම ආණ්ඩුව ගන්නේ නැහැ. තරුණයින්ට රැකියා එකින් එක නැති වෙනවා. රැකියා නැතිවීම සමාජයට බලපානවා.
මේ ආණ්ඩුව ඉන්ධන සහනය ජනතාවට ලබා දුන්නේ නැහැ. ඒ මදිවට මාස තුන හතරක විදුලි බිල එකවර ගෙවන්න කියනවා. කොරෝනා සමඟ අවතැන්වූ ජනතාව ජීවත්වුනේ ඔවුන්ගේ රන් බඩු උගස් කරලයි.
ඒ තත්ත්වය වෙනස් කර ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට ඕනකමක් නැහැ. තුනෙන් දෙක ගන්න හදනවා විතරයි. මෙහෙම දිගටම ගියොත් රටකට ආර්ථිකයක් ඉතුරු වෙයිද, ආර්ථිකයක් නැති රටකට මොකක් වෙයිද.
ජනතා ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැති මේ අයට තවදුරටත් බලයක් දිය යුතුද, ඔවුන් කෙරෙහි විශ්වාසය බිදී ගිහින්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කියනදේ කරන පක්ෂයක් බව සිහිපත් කරන්න ඕනෑ.
ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා බලයට ආවේ එක රටක් එක නීතියක් ඇති කරන බව කියමින් වුවත් අද වනවිට අහිංසක ජනතාවට නීතිය ක්‍රියාත්මක වුවත් පාලකයන්ට නීතියක් නැහැ. ඒ බව කුරුණෑගල සිද්ධියෙන් පැහැදිලි වුණා. පුරා විද්‍යා නීති වෙනස් කර තමන්ගේ නගරාධිපතිවරයා බේරාගන්න උත්සාහ ගන්න හදනවා.
නීතියත් ආර්ථිකයත් කඩා බිද දැමූ මේ අයට බහුතර බලයක් දුන්නොත් මොනවායින් මොනවා වෙයිද දන්නේ නැහැ. මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න නම් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ඕනෑ.
ගතවූ වසර හතර හමාරේ අපේ අතිනුත් අඩුපාඩු තිබුණා. ඒ ගැන මම කණගාටු වෙනවා. මෙහෙම තිබියදීත් රට වෙනුවෙන් මහත් සේවාවක් කරන්නට අපිට පුලුවන් වුණා. මේ රජයට ආර්ථික කලමනාකරණ හැකියාවක් නැහැ. රජය ඉල්ලන බලය දෙන්න නම් එපා.
ආර්ථිකය ගොඩ ගෙන ජනතා ප්‍රශ්න විසදන්න පුලුවන් අපේ රජයක් යටතේ පමණයි. මහ මැතිවරණයේදී ජනතාව ඡන්දය දෙන්නේ නායකයෙක් පලවා හරින්නවත් මූලස්ථාන අල්ලන්නවත් නොවෙයි.‘‘යයි රුවන් විජයවර්ධන මහතා පැවසීය
මීරිගම ආසන සංවිධායක ඒ.ආර්. තිලක් අශෝක, ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ, මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර චාමින්ද විතාන , මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෙනෙවි ඊෂණ යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

2025 දෙසැම්බර් මස 04
664
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
546
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් එජාපයේ ආණ්ඩුවකට පමණයි‘‘
thilak Monday, 27 July 2020 10:57 AM
කඩාවැටුණු ආර්ථිකය ගොඩ ගන්නේ රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, වොක්ස්වැගන් කර්මාන්ත ශාලා ඇතිකිරීම වැනි දෙයින්ද?