IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


එජාපය යළි නැගිටින්න පුළුල් ප්‍රතිසංවිධානයක් ඕනෑ

(***අංජුල මහික වීරරත්න)

‘එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන සහ ප්‍රති ව්‍යූහකරණ ක්‍රියාවලිය සඳහා මේ වන විටත් පක්ෂයේ සියලුම දෙනා පොදු එකඟතාවකට පැමිණ ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය.

මහ මැතිවරණයේදී ලැබූ තීරණාත්මක පසුබෑම හමුවේ දේශපාලන පක්ෂයක් ලෙස නැවත ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාව වෙනුවෙන් පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මෙන්ම තමාගේ ද පෞද්ගලික අදහස බවත් රුවන් විජයවර්ධන මහතා තවදුරටත් සඳහන් කළේය.

 මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ කීවේය.

රට තුළ තනි දැවැන්තම දේශපාලන පක්ෂය වෙමින් මෙරටට නිදහස උරුම කර දීම වෙනුවෙන් ඇප කැප වූ එක්සත් ජාතික පක්ෂය අද වන විට තීරණාත්මක මොහොතක් පසු කරමින් සිටින බව පැහැදිලියි.

පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ තීරණාත්මක පසුබෑම හමුවේ දේශපාලන පක්ෂයක් ලෙස නැවත ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාවක් ඒ වෙනුවෙන් පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යම වී ඇති බවත් සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මෙන්ම පෞද්ගලිකව මාගේ ද අදහසයි.

ඒ වෙනුවෙන් නව නායකයකු යටතේ ප්‍රතිසංවිධාන සහ ප්‍රතිව්‍යූහකරණ ක්‍රියාවලිය කිරීම සඳහා මේ වන විටත් පක්ෂයේ සියලු දෙනාම පොදු එකඟතාවකට පැමිණ සිටිනවා.

 මේ තුළ විවිධ වගකීම් වෙනුවෙන් විවිධ නම් යෝජනා වී ඇති අතර ඒ සඳහා මේ වන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් අතර සියුම් තරගයක් ද නිර්මාණය වී ඇති බව පෙනෙනවා.

 එක්සත් ජාතික පක්ෂය යනු මෙරට දේශපාලනය තුළ වරින් වර බිහි වූ පවුල් පක්ෂයක ආකෘතියක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති පිළිගන්නා, නව අදහස්වලින් යුත් ජනතා ආදරය දිනා ගත් දක්ෂ නායකයන්. අතීතයේ සිට වර්තමානය දක්වාම නායකත්වයේ සිට පහළට පක්ෂයේ විවිධ තනතුරු දරා තිබෙනවා.

වර්තමානයේ ද පක්ෂයේ වගකීම් දැරීමට ඉදිරිපත් වන නායකයන්ගේ හිඟයක් නැහැ. එබැවින් මේ තීරණාත්මක මොහොතේ සියලුම නායකයන් සහ පාක්ෂිකයන් එක්සත්ව කටයුතු කරමින් පක්ෂය යළි ජයග්‍රහණය කරා ගෙන යාම වෙනුවෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමට ද මා මෙය අවස්ථාව කර ගන්නවා.

අතීතයේ දී විවිධ දේශපාලන අභියෝග හමුවේ දුර්වල වෙමින් නැවතත් මහා ශක්තියකින් යුතුව නැගී සිටිමින් දේශපාලන පක්ෂයක් ලෙස ජයග්‍රහණ සහ විජයග්‍රහණ අත්පත් කර ගත්තේ ද එකාවන්ව සිට පක්ෂයත්, නායකත්වයත්. පාක්ෂිකයාත් ආරක්ෂා කර ගනිමිනි.
 මේ තීරණාත්මක අවස්ථාවේ ද අප නව නායකත්වයක් යටතේ පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක්  සිදුකර පක්ෂයේ විජයග්‍රහණය වෙනුවෙන් කැප වීමට අදිටන් කර ගනිමු.

එමෙන්ම විසම්මුතික මතවාද බැහැර කරමින් සම්මුතිවාදී තීරණවලට එළැඹීමේ අවශ්‍යතාවක් රටත්, ජාතියත්, පක්ෂයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමත් සියලුම දෙනාටම නැවතත් සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නවා යැයි ද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

එජාපය යළි නැගිටින්න පුළුල් ප්‍රතිසංවිධානයක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 416 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 862 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site