IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ආසියාවේ රටවල් ඉදිරියට යනවා : අපි එකතැන පල්වෙනවා

පටු ජාති ආගම් බේද කරපින්නාගෙන ගහ මරාගත්තොත් අනාගතයක් නෑ


‘‘ආසියාවේ රටවල් ඉදිරියට යන විට ශ්‍රී ලංකාව එක තැන පල්වීමට හේතුව පටු ජාති ආගම් බේද කරපින්නාගෙන ගහ මරා ගැනීම යැයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමින් කොළඹදී පැවසීය.
‘‘සාම්ප‍්‍රදායික වැඩ පමණක් නොව අලූතින් කල්පනා කර නව වැඩසටහන් සැකසීමේ වගකීම ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයට පැවරී තිබෙන බවද’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.


කොළඹ x 04, ඩුප්ලිකේෂන් පාර, අංක 492 දරණ ස්ථානයේදී ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය ගොඩනැගිල්ල විවෘත කෙරිණි.
උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
‘‘ගමෙන් පැමිණි පී. හැරිසන් ඇමතිතුමාට ගමේ ආර්ථිකය දියුණු කිරීමේ වගකීම මා භාර කළා. වර්තමානයේ ගමේ ආර්ථිකය ශීඝ‍්‍රයෙන් පිරිහී යනවා. ගමේ ආර්ථිකයට වඩා ජනතාව නාගරික හෝ අර්ධ නාගරික හෝ ආර්ථිකයට ඇදී යනවා. නැතිනම් මැද පෙරදිග ආර්ථිකයට ගමන් කරනවා. නැතිනම් ඉතාලි ආර්ථිකයට යනවා. මැලේසියාව, සිංගප්පූරුව, කොරියාව ආදී ආර්ථිකවලට ගමන් කරනවා. එහි පාඩුව දැනෙන්නේද ගමේ ආර්ථිකයටයි.
ගමේ නවීකරණය ඇති කරන්නේ කෙසේද? ඒ සඳහා ගම පිළිබඳ දැනුමක් ඇති හොඳ කථිකත්වයක් තිබෙන උපාධිධාරියකුවන හැරිසන් ඇමතිතුමාට වගකීම බාරදී වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා.
මේ ගොඩනැගිල්ලට ගෙවැදීමට පෙර සිංහල නක්ෂත‍්‍රය ගැන බලන්නැයි මා හැරිසන් ඇමතිතුමාට උපදෙස් දුන්නා. සෑම කොටසක් දෙසම බලන්න. උතුර - දකුණ ඔක්කොම බලන්න. පත්තිනි දෙවියන්ගෙන් මෙන්ම හැම දෙවියෙකුගෙන්ම ආශිර්වාදය ගන්න. දෙමළ ක‍්‍රමවේදය දෙසත් බලන්න. වාස්තු විද්‍යාව ගැනත් බලන්න.
මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, චීනය, ජපානය යන රටවල ක‍්‍රම ගැනත් බලන්න. එසේ බලා ඉතා හොඳ තැනක් අමාත්‍යාංශයට වෙන්කර ගන්න. මින් පසු නැවත හාල් ගැන අර්බුදයක් ඇති නොවන පරිදි ගොඩනැගිල්ල තෝරා ගන්නැයි මා උපදෙස් දුන්නා.
ගමේ ආර්ථිකය දියුණු කරනවිට පශු සම්පත් ක්ෂේත‍්‍රය ඉතා වැදගත් වන බව කිව යුතුයි. බොහෝවිට ගවයන් සිටියත් අපට අවශ්‍ය කටයුතු වන්නේ නැහැ. ඒ නිසා හොඳ ගවයන් දීමට, ගව පට්ටි පවත්වාගෙන යාම සඳහා උපකාර කිරීමට, කිරි නිෂ්පාදනය දියුණු කිරීමට කටයුතු කළ යුතුයි.
ගමේ කිරි නිෂ්පාදනය දියුණු කරනවා නම් ගම තුළම අලෙවිය ඇති කිරීමට කටයුතු කරන්නම්. ගමේ කුඩා දරුවන් සඳහා වසර 5 ක් යනතුරු කිරි දිය යුතුයි. බොහෝවිට දැන් දරුවන්ට දෙන්නේ පිටිකළ කිරි බව කිව යුතුයි. ඒ දරුවන්ට එළකිරි දිය හැකිදැයි කල්පනා කළා. අප ඒ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්නේ ගැමි දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහායි.
එමෙන්ම කුකුළු කර්මාන්තය අපනයන කර්මාන්තය බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උසස් කුකුළු වර්ග සිටිනවා. නමුත් අපේ මිල වැඩියි. අමු ද්‍රව්‍ය මිල වැඩියි. ඒ නිසා ලංකාවේ අමු ද්‍රව්‍ය ගන්නවාද, පිටින් ගෙන්වනවාද යන්න තීරණය කළ යුතුයි. අපට මේ ප‍්‍රශ්නවලට මුහුණදීමට තිබෙනවා. එයින් විශාල වෙළෙඳපොළක් අල්ලා ගැනීමට හැකියාව තිබෙනවා.
ග‍්‍රාමීය ආර්ථිකයේ අංශ කිහිපයක් නවීකරණය කර ඉදිරියට යාම අපේ අරමුණයි. ඒ සමගම ගමේ තරුණ තරුණියන්ට අලෙවිකරණ ශක්තිය දිය යුතුයි. ඒ සඳහා ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය හොඳ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඒ වැඩසටහන සමඟ එක්ව කටයුතු කරන ලෙස සියලූදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.


ආර්ථිකය පිළිබඳව අලූතින් සිතිය යුතුයි. රුපියල් කෝටි හාර ලක්ෂ අසූ දෙදහසක විදේශ ණය කන්දක් රාජපක්ෂ රජය විසින් අපට උරුම කර දුන්නා. ඒ ණය වසර 10 ක් ඇතුළත ගෙවා දැමිය යුතුයි. දේශීය ණය ප‍්‍රමාණය මීට දෙගුණයකටත් වඩා වැඩියි. රටේ ආදායම ණය ගෙවීමට වැය වෙනවා. ඒ නිසා අලූත් ආදායම් මාර්ග සොයාගත යුතුයි. රැුකියා අවස්ථා විදේශ ආයෝජන මෙන්ම දේශීය ආයෝජනද අවශ්‍යයි.
ඉදිරියට ගමන් කිරීමට නම් තරඟකාරී ආර්ථිකය අත්‍යවශ්‍යයි. මා විටින් විට සිංගප්පූරුවට යනවිට සිංගප්පූරුවේ ඉගෙන ගන්න තිබෙන්නේ කුමක්දැයි බොහෝ අය කෑගැසුවා. හිටපු ජනාධිපතිතුමා නම් ඉගෙන ගත්තේ ස්වාසිලන්තය, උගන්ඩාව ආදී රටවල් වලිනුයි. ප‍්‍රශ්නයක් නැහැ.  ඕනෑ තැනකින් ඉගෙන ගන්න අයිතිය තිබෙනවා.
මෙවර  ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයට ගොස් නැවත ශ්‍රී ලංකාවට එන අතරතුර සිංගප්පූරු අගමැතිතුමා සමඟ රාත‍්‍රී ආහාරය ගැනීමට මට අවස්ථාව ලැබුණා. එහිදී සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයාත් මුණ ගැසුණා. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාත් සිංගප්පූරුවෙන් අද පිටවී යාමට නියමිත බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මා සමඟ පැවසුවා.
එකම ගුවන් යානයේදී ඔහු හමුවේවි යයි මා කල්පනා කළා. එසේ හමුවුවහොත් ස්වාසිලන්ත සහ උගන්ඩා ක‍්‍රමය අතහැර සිංගප්පූරු ක‍්‍රමයට පැමිණීම ගැන ප‍්‍රශංසා කිරීමට මා කල්පනා කළා. අවාසනාවකට හිටපු ජනාධිපතිතුමා මා ගමන් කළ ගුවන් යානයට පැමිණියේ නැහැ. ඔහු පැමිණ ඇත්තේ ඊට පසු ගුවන් යානයටයි.
පාර්ලිමේන්තුවේදී මේ ගැන අසන්නම් යයි මා සිතාගත්තා. අප අලූතින් සිතන්න පුරුදු විය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාත්, අලූතින් සිතනවා නම් හොඳයි. එය රටටත් හොඳයි. එක තැනක සිරවී පරණ අදහස් සමඟ ඉදිරියට යන්න බැහැ. ඉතින් අපි අලූත් අදහස් සමග ඉදිරියට යමු.


අලූත් අදහස් නිසා චීනය වෙනස් වුණා. ජපානය, කොරියාව, වියට්නාමය, තායිලන්තය,මැලේසියාව,ඉන්දුනීසියාව සිංගප්පූරුව වෙනස්කම්වලට ලක්වුණා. බංගලාදේශය ටිකින් ටික වෙනස් වෙනවා. මේ හැම රටකටම වඩා මුලින්ම වෙනස් වීමට කල්පනා කළේ ශ්‍රී ලංකාවයි. 
යුද්ධය අවසන් වූ පසුවත් එකතැන අප හිරවී සිටියේ ඇයි? ඊට හේතුව කුමක්ද? අප පළමුවෙන්ම ජාතික සමගිය ආරක්ෂා කර ගත යුතුයි. නිකරුණේ ගහ මරා ගැනීමෙන් පලක් වන්නේ නැහැ.


ශ්‍රී ලංකාවේ අද රැුඳී ඉන්නේ වෙනත් රටකට යෑමට හැකියාවක් තිබුණත් නොයන මෙරටට ආදරය කරන පිරිසක්. මෙරට දෙමළ දරුවන් ශ්‍රී ලංකා මාතා, අප ශ්‍රී ලංකා යනුවෙන් දෙමළ බසින් පැවසීම කොතරම් හොඳ දෙයක්ද? එක මවකගේ දරුවන් වශයෙන් අර්ථ දැක්වීම කොතරම් හොඳ දෙයක්ද? දන්න දෙමළ භාෂාවෙන් ඔවුන්ට ජාතික ගීය ගයන්න ඉඩ දෙනවාද? නැතිනම් කටවහගෙන ඉන්නැයි කියනවාද?
අප දෙමළ දන්න අයට දෙමළ බසිනුත් සිංහල අයට සිංහල බසිනුත් ජාතික ගීය ගැයීමට අවස්ථාව දුන්නා. දැන් සියලූම ශ්‍රී ලාංකිකයන් ජාතික ධජයට ආචාර කරනවා. මේ අයුරින් ජාතික සමගිය ස්ථාපිත කර රට දියුණුවට පත්කර ඉදිරියට යා යුතුයි.
සාම්ප‍්‍රදායික වැඩ පමණක් නොව අලූතින් කල්පනා කර නව වැඩසටහන් සැකසීමේ වගකීම ග‍්‍රාමීය කටයුතු අමාත්‍යාංශයට පැවරෙනවා. ජාතික කෘෂිකර්ම අලෙවි අධිකාරිය මගින් පෞද්ගලික අංශයේ අලෙවි ක‍්‍රමය දියුණු කර අවශ්‍ය තැන්වලදී අපේ ගොවීන්ට සහාය දැක්වීමට කටයුතු කරනවා. මේ වසර අවසන් වනවිට ඒ සඳහා වැඩසටහන් සකස් කරන්නම්.
අනාගතයේදී අඩුපාඩුකම් නැති ආකාරයට ආහාර නිෂ්පාදනය කර අපනයනය කිරීමට හැකි තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා යයිද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.
ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා:
‘‘ජනතාවට කළ යුතු සේවය උපරිම අයුරින් ඉටු කිරීම අපේ අරමුණයි. මේ අමාත්‍යාංශය යටතේ පශු සම්පත් අමාත්‍යාංශය, වී අලෙවි මණ්ඩලය, ආර්ථික මධ්‍යස්ථාන පවතිනවා. මේ ආයතන වෙනුවෙන් අවශ්‍ය පරිදි මුදල් ප‍්‍රතිපාදන දීම ගැන මුදල් අමාත්‍යවරයාට ස්තුති විය යුතුයි.
අද මාධ්‍ය විශාල නිදහසක් ලබනවා. උදේ සිට ? වනතුරු ඇසෙන්නේ විවේචන පමණයි. සංවර්ධනය ගැන කතා කරන්නේ නැහැ. මේ දිනවල සෙනසුරු ලබලාදැයි මා මුදල් ඇමැතිතුමාගෙන් ඇසුවා. වැඩිපුරම බැනුම් අහන්නේ එතුමායි. ඔහු රජය ඉදිරියට ගෙනයාම සඳහා වෙහෙසෙන ඇමැතිවරයකු බව කිව යුතුයි.
කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අප පෞද්ගලික අංශයේ දායකත්වය ගෙන තිබෙනවා. ඔවුන්ගේ ලොකු උනන්දුවක් තිබෙනවා. ඒ තුළින් 2020 දී අපගේ ඉලක්ක සපුරා ගන්න හැකිවේවි.


බිත්තර පරිභෝජනය අතින් අප දැන් ස්වයංපෝෂිතයි. කුකුළු මස් ප‍්‍රමාණවත් අයුරින් තිබෙනවා. තව වසර කිහිපයක් යන්න පෙර කිරි නිෂ්පාදනයත් වර්ධනය කළ හැකියි. මේ වනවිට සියයට 15 කින් කිරි නිෂ්පාදනය වැඩිවෙලා.
ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල පිරිසකට අතදීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථානය තුළින් ගොවීන් හා වෙළෙඳුන් අතර සබඳතාවය ගොඩනගා ඒ අයගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් දීමට හැකිවී තිබෙනවා.
ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක මහත්මියද අදහස් දැක්වූවාය.මේ අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුද සහභාගිවී සිටියහ.

(අංජුල මහික වීරරත්න)



අදහස් (0)

ආසියාවේ රටවල් ඉදිරියට යනවා : අපි එකතැන පල්වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 232 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 942 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1190 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 355 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site