(රවී ලියනගේ)
ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව පෙරළන්න ගෙනෙන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට සහයෝගය ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ගාල්ල නගර සභාවේදී පැවැති පොදු ජන පෙරමුණේ ප්‍රගති සමාලෝචන රැස්වීමකින් පසුව මාධ්‍යවේදීන් අමතමිනි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.
‘‘අද ඒකාබද්ධ විපක්ෂය සහ විපක්ෂය හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න තමන්ගේ රාජකාරියෙන් එහාට ගිහිල්ල ඒ ඒ දෙපාර්තමේන්තුවලට, ආයතනවලට, ත්‍රිවිධ හමුදාවට, ජනාධිපතිවරයාට, ආණ්ඩුවට උදව් කරල තියෙනවා. අද ආණ්ඩුවට කරගන්න බැරිවෙච්ච දේ විපක්ෂය කළාම ඒකට ඊර්ෂයා කරනව, වෛර කරනව, මඩ ගහනව.
බොරුවට මඩ ගැහුව කියල මේ ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. පාසලක් ළග බෝම්බයක් තිබිල අහුවුනා කියල විපක්ෂය හංවඩු ගැහුවට මේ ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. මේකෙ සුළමුල හොයන්න ඕන ආණ්ඩුව. මොකක්ද කරන්නේ මේකේ යථාර්තය හංගන්න ඇත්ත කතාව වහගන්න නැවත වතාවක් ආණ්ඩුව අපට ඇගිල්ල දික්කරනව.
හැබැයි අපි ආණ්ඩුවට කියන්නේ ඔබතුමාලා ඔය කරන ජරා වැඩෙන් මහජනතාව තමයි බය වෙන්නේ. මහ ජනතාවගේ එදිනෙදා ජීවිතය කඩාකප්පල් වෙන්නේ. ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනව. ඒනිසා දැන්වත් ඔබතුමාලගේ නොහැකියාව සහ ජාතික ආරක්ෂාව මග හැරපු නිසා ජීවිත 350ක් නැතිවුණා. දැන්වත් ඔය බොරුව, වංචාව, විහිලු කිරීම නවත්තල ජීවිත ආරක්ෂා කරගත යුතුය කියන යෝජනාව අපි කරනවා.
ආණ්ඩුවට එරෙහිව ගේන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට අපි සහයෝගය දෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයි. අද ආණ්ඩුව රිසාඩ් බදුඋද්දීන් ඇමතිවරයාට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාව කල් දාන්න උත්සාහ කරනවා.
ජනතා විමුක්ති පෙරමුණ මුලින් කිව්වේ මොකක් ද, ආණ්ඩුව විසුරුවන්න යෝජනාවක් ගේනව කියල. හැබැයි පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගෙනාපු ජනතා විමුක්ති පෙරමුණ දැන් විශ්වාසභංගයක් ගෙනැල්ලා.
හැබැයි ඒ විශ්වාසභංග ගෙන ඒම පිළිබඳව නොවේ අපිට ප්‍රශ්නය තියෙන්නේ. ඒකේ යටි අරමුණක් තියෙනවද කියන එකයි. මොන අරමුණ තිබුනත් මේ ආණ්ඩුව පෙරළන්න ඕනැම දෙයකට අපේ සහයෝගය අපි දෙනව. මොකද මේ රටට හෙන ගහල තියෙන්නේ මේ රට විනාශ වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා නිසා.
ඒ නිසා මේක වෙනස් කරන්න හැකි පළමු අවස්ථාවේ අපි දෙපාරක් හිතන්නේ නැති බව අපි මතක් කරන්න ඕන. ඒ වගේම අපි ජනතාවට කියන්නේ අවදියෙන් ඉන්න කියලා.‘‘
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘ආණ්ඩුව පෙරළන්න ගේන ඕනෑම විශ්වාසභංගයකට සහය දෙනවා‘‘