IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘

(ගයාන් සූරියආරච්චි)

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි.  නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවගේ පැත්තේ සිට ගෙන තීන්දු තීරණ ගැනීමට පැකිළෙන්නේ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

අමාත්‍යවරයා මෙසේ ද කීය.

මෙවර අයවැයෙන් වකුගඩු රෝග පාලනය වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් වෙන්කර තිබෙනවා. පොලොන්නරුව වකුගඩු රෝහලේ අඩු පාඩු සම්පූර්ණ කරගැනීමට චීන සමූහාණ්ඩුවත් සමග සාකච්ඡා කළා.

සෞඛ්‍ය ඇමැති ලෙස පත්වූ පසු එකම සංගමයක උත්සව දෙකකට සහභාගිවූ අවස්ථාව මෙය බවත් කී අමාත්‍යවරයා  රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ කවර සංවිධානයක වුවද බලාපොරොත්තුව අපේ රටේ සෑම පුරවැසියකුටම යහපත් ජීවිතයක් ලබාදීමයි.

රජය හැටියට ආණ්ඩුව වියදම්ක රනුයේ ජනතාව ගෙවන බදු මුදල්. භාණ්ඩාගාරයට එකතු කරන සෑම බදු රුපියලකටම අවශ්‍ය ඉහළම වටිනාකම ලබාදීමට රජයක් හැටියට බලාපොරොත්තු වෙනවා. 

පසුගිය මාස තුනහමාර ඇතුළත දේශපාලඥයන් වෙනුවෙන් කළ වියදම් සැලකිය යුතු මට්ටමකට අඩු කළා. මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් බිලියන 604 ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කිරීමට කටයුතු කළා යැයි අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවැසූවේ ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින්  කොළඹ නව නගර ශාලාවේ සංවිධානය කර තිබූ සැමරුම් උළෙලට සහභාගි වෙමිනි.

(ඡායා ඉසුරු පෙරේරා)

 

;



අදහස් (7)

‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘

රම්බොඩ Friday, 14 March 2025 12:04 AM

ඉස්සර වර්ජන රැළි මෙහෙයවපු අය බලයට ආවම ඒවාගේ ආනිසංස ගැන දැනිලා. කිසිම රජයකට ඔළුව උස්සන්න බැරි තරමට වර්ජන රැළි පවත්වපු අය තමයි මේ. මින් මතු හෝ හැදෙනව නම් හොඳයි. නමුත් එහෙම වෙන්නෙ නෑ

:       11       36

swene Friday, 14 March 2025 05:58 AM

සෞඛ්‍ය අමාත්‍යාංශය හෝදන්න අමාරුයි. GMOA එකට අවශ්‍ය විධියට සෞඛ්‍ය පද්ධතියම දුවවන්න හදනවා අමාත්‍යංශයේ සියලු විද්‍යාත්මක සහ තාක්ෂණික නිලධාරින් වෛද්‍ය වරුන්ට යට වියයුතුයි. ඒ වුනාට වෛද්‍ය වරු වූ පමණින් හොඳ පරිපාලකයින් වන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාලයට තේරුණු දවසේ ඉඳන් මහන්තත්ත්වය ආරුඩ කරගන්නවා. දැන් මම සියලු දුෂ්කරතා විඳ ගෙන කඩයිම පසුකරා. මට සියල්ල ලබියයුතුයි කියලා මතයක තමයි ඉන්නේ. බටහිර රටවල වගේ සමානාත්මතාවය ගෑවිලා වත් නැහැ මෙම ආකල්ප වෙනස් කලයුතුයි.

:       0       20

බකල ජයා Friday, 14 March 2025 09:10 AM

එහෙනං අපි ඉඳගන්නද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිතුමෝ? කකුලුත් රිදෙනවා.

:       3       22

රුවන් Friday, 14 March 2025 11:37 AM

ඒ වුණාට අපේ සීයා මුත්තා කාලේ ඉඳන්ම දොස්තරලා තමන්ගේ බඩ ගෝස්තරය හදාගත්තා මිස දුප්පත් රෝගීන්ට සැලකුවේ නෑ. හැමදාම සල්ලි තියෙන එකා ජීවත් වෙලා දුප්පත් රෝගීන් මරපු එක තමයි වුනේ. ගිය සතියේ වර්ජනයට රෝගීන් 10-20ක් මැරුණා කියලා ආරංචියි. සිංගප්පූරුවේ ඔහොම වුණා නම් දොස්තරලාට මරණ දඬුවම දීලා...

:       1       12

de silva Friday, 14 March 2025 12:11 PM

අපි සමග හිටගෙන නොවේ අපේ කරේත් නැගලා ඉන්නේ... ඒක අපිට ඇඟට හොඳින් දැනෙනවා.. ඒක නිසා තමා පිටරටින් එන හාල්වලට තිබෙන බදුවලට අමතරව තව රුපියල් 65 බද්දකුත් ගහලා ඔක්කෝම බදු රුපියල් 80ක් විතර ගහලා හාල් කිලෝ එක 250 පැනලා තිබෙන්නේ? අද සාමාන්‍ය මනුෂ්‍යාගේ වාහනේ වන ත්‍රිරෝද රථයටත් බදු ගහලා එකත් ලක්ෂ 20 පමණවෙලා, ඔබතුමා කියන විදිහට ජනතාවට විරුද්ධ පැත්තේ හිටගෙන හිටිය දේශපාලුවන් රට පාලනය කරනකොට මෙහෙම බරක් නැහැනේ? කරුණාකර ඔයගොල්ලෝ අපේ කරෙන් බහින්න.. බැහැලා ඕනේ තැනක හිටගෙන බැරි නම් වැඩිවෙලා හරි ඉන්න...

:       6       20

Nandana Friday, 14 March 2025 06:23 PM

මෙයා දීපු බෙහෙතකුත් නෑ. හොඳ වෙච්චි කෙනෙකුත් නැහැ.

:       2       22

Sarath Monday, 17 March 2025 10:48 AM

හිටගනින් ඔලුවෙන් .දැන් අපි හිටගෙන නෙමෙයි බන් ඉන්නේ .එල්ලාගෙන ඉන්නේ

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31133 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13262 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10952 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site