(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව බලයට පත්වෙද්දී රට ඉදිරියට ගෙනයා හැකි ශක්තිමත් අයෝමය නායකයකු සහිත පාලනයක් රටට ලැබී ඇති බවට ජනතාව විශ්වාස කළත් තීන්දු ගැනීමට නොහැකි බෙලහීන ආණ්ඩුවක් බවට අද වනවිට ආණ්ඩුව පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පැවසීය.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් රට දිනෙන් දින සෑම අතින්ම පරිහානියට පත්වෙමින් තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ අද(3) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා මෙසේද කීය.
“මේ ජනාධිපතිතුමා ඇතුළු රජය බලයට පත්වන විට ජනතාව තුළ බලාපොරොත්තු රාශියක් තිබුණා. තීරණ ගන්න පුළුවන් ශක්තිමත් අයෝමය නායකයෙක් රටට ලැබුණා කිව්වා. මේ රජය බලයට පත්වෙච්ච පාස්කු ප්‍රහාරය ගැනම තීන්දු ගන්න බැරි වෙච්ච බෙලහීන ආණ්ඩුවක් බවට අද වනවිට පත්වෙලා තියෙනවා. කාදිනල් තුමන් ඇතුළු කතෝලික සභාවෙන් මේ රජයට විශාල චෝදනාවක් එල්ල වෙලා තියෙනවා.
භූමදානයට අවසර ලබාදීම ගැනත් දැන් විශාල ගැටලු ඇති වෙලා තියෙනවා. එක එක ආගම් වල තියෙන ආගමික විශ්වාස වලට අපි ගරු කළ යුතුයි.
අවුරුද්දක් පුරා මුස්ලිම් මලමිනි ආදාහනය කිරීමෙන් විශාල අසහනයක් මුස්ලිම් ජනතාවට තිබුනා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා භූමදානයට අවසර ලබාදී තිබුණා. එම නිර්දේශ පිළිනොගත් එකම රට ලංකාව විතරයි.
භූමදානයට අවසර ලබා දෙමින් මුලින් මේ රජය ගැසට් නිවේදනයක් නිකුත් කළා. කාගෙදෝ බලපෑමකට එය අහෝසි කළා. මුස්ලිම් ජනතාවට මේ මානසික පීඩනය ලබාදීලා අවුරුද්දක් ගියාට පස්සේ දැන් තීරණය කරනවා භූමදානයට අවසර ලබා දෙන්න ඕනේ කියලා.
අයෝමය නායකත්වයක් රටට පත්වූ බව කිව්වට තීන්දු ගන්න හැකියාවක් නැහැ. ගහන ගැසට් එක සුමානයෙන් වෙනස් කරනවා. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එනකොට භූමදානයට අවසර දෙනවා කිව්වා. ඊට පස්සේ ඒ තීන්දුව තියාගෙන අදිනවා. දැන් මලසිරුරු ඒ දිවයිනට ගෙනියනවා මේ දිවයිනට ගෙනියනවා කියලා කල් මරමින් ඉන්නවා.’’
2025 දෙසැම්බර් මස 18
657
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද ආණ්ඩුව බෙලහීන වෙලා
Raveendra Wednesday, 03 March 2021 11:19 AM
අතීසාරය වැළඳුණු රෝගීන් අනිකාගේ බෙලහීනතාවය ගැන කතාකිරීම අරුමයකි.