IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දූෂිත දේශපාලකයන්ට එරෙහි අපූරු කතාවක් Raid 2

පිච්චැර් පිස්සා

 


 

මේ කාලයේ ලංකාවටත් බොහොම අදාළ යයි සැලකිය හැකි  බොලිවුඩ් චිත්‍රපටයක් ගැනයි අද මේ සටහන ලියන්නේ. ලංකාවේත් වංචා දූෂණ චෝදනා ලැබූ දේශපාලනඥයන් බුරුතු පිටින් දඬුවම්වලට ලක්වන හැටි මේ දවස්වල දැකගන්නට ලැබෙනවා. මේ චිත්‍රපටයත් දූෂිත දේශපාලනඥයන් හඹා යන අදායම් බදු නිලධාරියකු ගේ වික්‍රමයන් කේන්ද්‍ර කරගත් නිර්මාණයක්.

මෙහි නම Raid 2. මෙය 2018 වසරේ තිරගත වු Raid චිත්‍රපටයේ දෙවැනි කොටසයි. රාජ් කුමාර් ගුප්තා අධ්‍යක්ෂණය කළ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අජේ දෙව්ගන්.
අජේ දෙව්ගන් බොලිවුඩ් සිනමාවේ සුවිශේෂී අනන්‍යතාවක් ඇති නළුවකු ලෙස හඳුන්වන්න පුළුවන්. ටිකක් "සීරියස් පෙනුමක් " පළ කරන චරිතවලට අජේ විශේෂ දක්ෂතාවක් දක්වන බවත් පැවසිය හැකියි. Raid 2 චිත්‍රපටයේත් ඔහු රඟපාන්නේ එවැනි චරිතයක්.
වානි කපූර් සහ රිතේෂ් දේශ්මුක් මෙම චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
Raid 2 හි කතාව ආරම්භ වන්නේ අමායි පත්නායික් (අජේ දෙව්ගන්) නමැති අදායම් බදු නිලධාරියා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ භෝජ් නමැති ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබන අවස්ථාවකින්. ඒ අනුව ඔහු සිය බිරිඳ මාලිනි සහ කුඩා දියණිය සමග එම ප්‍රදේශය බලා යනවා. මෙම ස්ථාන මාරුව නිකම්ම ස්ථාන මාරුවක් නොවන බවත්, භෝජ් ප්‍රදේශයේ ඉතා ප්‍රබල, ධනවත්  සහ ඉතා දූෂිත දේශපාලනඥයකු කොටු කර ගැනීම සඳහා දුන් ස්ථාන මාරුවක් බවත් පසුව අනාවරණය වෙනවා.
මනෝහාර් ධන්කර් නමැති මෙම දේශපාලනඥයා කෙතරම් දූෂිතයකු වුවත් මතුපිටින් වෙනස්ම ප්‍රතිරූපයක් මවාගෙනයි සිටින්නේ. දුප්පතුන්ට උදව් කරන දැඩි මානව හිතවාදියකු ලෙසත්, පිරිසුදු සහ අවංක නායකයකු ලෙසත් පෙනී සිටින මනෝහාර්ට එම ප්‍රදේශයේ ජනතාව විශාල ආදරයක්, භක්තියක්, ගෞරවයක් දක්වනවා. නමුත් මෙම වෙස් මුහුණට යටින් සිටින අන්ත දූෂිත, ස්ත්‍රී දූෂක, කපටි වංචනිකයා හෙලිදරව් කිරීමටත්, ඔහුගේ සොරකම් අනාවරණය කරමින් ඔහු නීතිය හමුවට ගෙන ඒමටත් පත්නායික් නැමැති අවංක, දක්ෂ  සහ උපායශීලී නිලධාරියා ගන්නා උත්සාහයයි. Raid 2 චිත්‍රපටයට පසුබිම් වන්නේ.
මෙහි දී ඉතා බලවත්, ධනවත් සහ ජනතා ආදරයට පාත්‍ර වූ  පුද්ගලයකු වන මනෝහාර් ගෙන් එල්ලවන දැඩි අභියෝගත්, ඒවා ජය ගැනීමට පත්නායක් යොදන නොයෙකුත් උපායනුත් හරහා ඉතා නාටකීය කතාවක් මේ තුළ නිර්මාණය වෙනවා.
Raid 2 අයත් වන්නේ ඉන්දියාවේ ජනප්‍රිය සිනමා ධාරාවට යි. බොලිවුඩ් ජනප්‍රිය සිනමාව තුළ අපට බොහෝ විට දකින්නට ලැබෙන්නේ ප්‍රේමය, විවාහය, පවුල් සංස්ථාව ආදිය පසුබිම් කරගත් නිර්මාණ යි. ඊට අමතරව ඉන්දියානු ඉතිහාසය හා බැඳුණු සිදුවීම් හා වීරයන් පිළිබඳ කතා ඇතුළත් චිත්‍රපට ද නිතර නිර්මාණය වෙනවා. අපරාධ සහ විමර්ශන ඇසුරෙන් තැනෙන crime thriller ශානරයේ චිත්‍රපටත්, භීම (horror) චිත්‍රපටත් මේ කාලයේ බෙහෙවින් ජනප්‍රිය වනු දැකිය හැකියි.
ඒ අතර කාලීන  දේශපාලන සහ සමාජයීය ප්‍රශ්න  තේමා කරගත්  සිනමා කෘති ද ඉඳහිට  බොලිවුඩ් ජනප්‍රිය සිනමාව තුළ නිර්මාණය වනු දැකිය හැකියි. Raid 2 විශේෂත්වයක් ගන්නේ එය එවැනි සිනමා නිර්මාණයක් නිසා යි.
ඉන්දියානු ජනප්‍රිය සිනමාව කියන්නේ ආගම, ක්‍රිකට් ක්‍රීඩාව වැනි සංස්කෘතිකාංග වගේම එරට ජන ජීවිතය සමග  අති  සමීපව බැඳී තිබෙන්නක් බව රහසක් නොවෙයි. ඉතා විශාල ජනතාවක් වෙත ළඟාවීමේ,  ඔවුන්ට ආමන්ත්‍රණය කිරීමේ සහ ඔවුන්ට බලපෑමක් කිරීමේ හැකියාවක්  එරට ජනප්‍රිය සිනමාවට තිබෙනවා. මේ බව තේරුම් ගත් ඇතැම් සිනමාකරුවන් සහ නිෂ්පාදකයන් මේ සිනමාව  ප්‍රබල සමාජ මෙහෙවරක් උදෙසා ද යොදාගන්නා ආකාරය දැකගන්නට පිළිවන්. මෙහිදී ඔවුන් රටට ජනතාවට බලපාන කාලීන දේශපාලනික, සමාජයීය  කාරණා සම්බන්ධයෙන් ප්‍රේක්ෂක ප්‍රජාව සමග යම් සන්නිවේදනයක යෙදෙන  ආකාරය දැකගත හැකියි. මෙවැනි කාරණා පිළිබඳව ජනතාවගේ සවිඥානිකත්වය වර්ධනය කිරීමටත්, ඒවාට එරෙහිව සටන් කිරීමේ විභවයක් ඔවුන් තුළ රෝපණය කිරීමටත් මේ චිත්‍රපට සමත් වෙනවා.
Raid 2 චිත්‍රපටයත් මෙම මාදිලියේ  සිනමාපටවලට හොඳ  නිදසුනක්.



අදහස් (0)

දූෂිත දේශපාලකයන්ට එරෙහි අපූරු කතාවක් Raid 2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site