IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජේම්ස් බොන්ඩ් චරිතයට නළුවකු ඕනෑ කර තිබේ !

පිච්චැර් පිස්සා

 



ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ගැන උනන්දුව දක්වන සිනමාලෝලීන් මේ දිනවල සිටින්නේ තරමක කුතුහලයෙන්. මීළඟ බොන්ඩ් චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ් ගේ චරිතයට පණ දෙන නළුවා කවුරුන් වනු ඇත් ද යන කුතුහලයක් මේ බොහෝ දෙනා තුළ තිබෙන බව පෙනෙනවා. එයට හේතුව පසුගිය කාලයේ මෙම චරිතය නිරූපණය කළ රංගන ශිල්පියා  එම චරිතයෙන් සමු ගැනීම යි.

2006 වසරේ සිට 2021 දක්වා කාලය තුළ බොන්ඩ් ගේ චරිතය රඟපෑවේ බටහිර සිනමාවේ දක්ෂ නළුවකු වන ඩැනියෙල් ක්‍රේග්. චිත්‍රපට පහක එම චරිතය රඟපෑමෙන් පසු ඔහු 2021 වසරේ එම චරිතයට සමු දුන්නා. ඒ, No Time To Die නමැති සිනමාපටයේ රඟපෑමෙන් පසුවයි.
ජේම්ස් බොන්ඩ් චරිතය ඉතා සාර්ථක ලෙස රඟපාමින්, ඊට සුවිශේෂී හැඩයක් ලබා දුන් නළුවකු ලෙස ක්‍රේග් ගෞරවයට පාත්‍ර වෙනවා.
ඩැනියෙල් ක්‍රේග් බොන්ඩ් චිත්‍රපට ඉතිහාසය තුළ එම චරිතය නිරූපණය කළ සයවැනි නළුවා යි. සිනමා ලෝකයේ ප්‍රසිද්ධම සහ ජනප්‍රියම චරිතයක් වන බොන්ඩ් ගේ චරිතය රඟපෑමට ලැබීම  නළුවකු ලබන ලොකු ගෞරවයක් හැටියටයි සැලකෙන්නේ.
ඩැනියෙල්ට කලින් මෙම චරිතය රඟපෑ නළුවන් වන්නේ  ෂෝන් කොනරි, ජෝර්ජ් ලැසෙන්බි, රොජර් මුවර්, තිමති ඩෝල්ටන්, පියර්ස් බ්‍රොස්නන් යන අය යි. 1962 වසරේ තිරගත වූ පළමු බොන්ඩ් චිත්‍රපටය වන Dr. No චිත්‍රපටයේ එම චරිතය රඟපෑවේ ෂෝන් කොනරි. ඔහු මේ චරිතය නිසා සුවිසල් ජනප්‍රියත්වයක් දිනා ගත්තා.
ඩැනියෙල් ක්‍රේග් ගෙන් පසු බොන්ඩ් චරිතය රඟපෑමට වරම් හිමි කරගන්නා නළුවා  කවුරුන් වනු ඇත් ද යන්න ගැන සිනමාලෝලීන් තුළ උනන්දුවක්, කුතුහලයක් ඇති වන්නේ සිනමා චරිත අතර මෙම චරිතයට හිමි වන සුවිශේෂී ස්ථානය නිසාම බව කිව හැකියි.
මෙම චරිතය රඟපෑම සඳහා බටහිර ඕනෑම නළුවකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජේම්ස් බොන්ඩ්  චරිතය සඳහා තෝරා ගැනෙන්නේ එක්සත් රාජධානියේ නළුවන් පමණයි.
කවුරුන් මීළඟ ජේම්ස් බොන්ඩ්  වනු ඇත් ද යන කුතුහලය මේ වනවිට බොන්ඩ් රසිකයන් තුළ ඇති වෙමින්  ඇත්තේ අලුත් බොන්ඩ් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා දැන් මූලික කටයුතු සූදානම් වෙමින් තිබීම නිස යි. මේ ආකාරයෙන් අලුත් බොන්ඩ් සිනමාපටයක් නිර්මාණය වීමට යන්නේ වසර 4 කට පසුව යි.
බොන්ඩ් චිත්‍රපට ඉතිහාසය තුළ හැමදාමත් මෙම චරිතය සඳහා තෝරාගෙන ඇත්තේ සුදු ජාතික නළුවන්. මෙම තත්වය තුළ ඉදිරියේදී පළමු වතාවට කළු ජාතික නළුවකු බොන්ඩ් චරිතය සඳහා තෝරා ගැනීමට ඉඩ ඇති බවට කතාවකුත් පසුගිය කාලයේ පැතිරෙමින් තිබුණා. දක්ෂ සහ ජනප්‍රිය නළුවකු වන ඉද්‍රිස් එල්බා ගේ නම මෙයට අදාළව නිතරම  වාගේ කියැවෙනුත් දකින්නට ලැබුණා. නමුත් මේ වනවිට නම් ඒ කතාව තරමක් යට ගිහින් ඇති ආකාරයකුයි පෙනෙන්නේ.
බොන්ඩ් චරිතය රඟපෑම සඳහා එල්බා සුදුසු බවට පසුගිය  කාලයේ  සිනමා ක්ෂේත්‍රයේම ඇතැමුන් අදහස් දක්වා  තිබුණා.  සමාජ මාධ්‍ය තුළත් ඔහුට යම් සහායක් පළවීමට පටන් ගත්තා. නමුත් මේ ආකාරයෙන් ඔහුගේ නම ඉදිරියට එන්නට පටන් ගනිද්දී ඇතැම් පාර්ශ්ව  ඊට එරෙහිව වර්ගවාදී ආකාරයෙන් අදහස් දක්වන්නට පටන්ගෙන තිබුණා.
මේ නිසා එල්බා දැඩි කලකිරීමට පත්ව සිටි ආකාරයකුත් දැකිය හැකි වුණා. බොන්ඩ් චරිතය ලැබුණත් එය භාර නොගෙන  සිටින්නට ඔහු තීරණය කර ඇති ආකාරයකුයි පෙනෙන්නට තිබුණේ.
මීළඟ ජේම්ස් බොන්ඩ් විය හැකි යයි අනුමාන කෙරෙන නළුවන් කිහිප දෙනෙකු ගැන මේ වෙද්දී මාධ්‍ය තුළ අවධානය යොමු වෙනවා. ඒරන් ටේලර්- ජොන්සන්, හෙන්රි කැවිල් වැනි නළුවන් ගේ නම් මෙහිදී වැඩි වශයෙන් සඳහන් වනු දැකිය හැකියි.
කලින් ද සඳහන් කළ ලෙසම මේ වනවිට අලුත් බොන්ඩ් චිත්‍රපටයක් සඳහා මූලික කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. එහි අධ්‍යක්ෂවරයා සහ තිරනාටක රචකයා මේ වනවිට තෝරාගෙන ඇති බව පසුගිය දිනවල වාර්තා වුණා. දක්ෂ අධ්‍යක්ෂවරයකු වන ඩෙනිස් විල්නව් මෙය අධ්‍යක්ෂණය කරනු ඇති අතර ස්ටීවන් නයිට් තිරනාටකය ලියනු ඇති බව සඳහන්.
මෙහි රූපගත කිරීම් ලබන වසරේ මුල් භාගයේ ආරම්භ කෙරෙනු ඇති බවටත්  තොරතුරු පළ වෙනවා.
බොන්ඩ් නවකතාවල මෙන්ම බොන්ඩ් චිත්‍රපටවලත් ආරම්භය සිදු වූයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ සෝවියට් සංගමය අතර සීතල යුද්ධය පැවති කාලයේ යි. මේ නිසා එකල ඒවායේ දුෂ්ටයන් බොහෝ විට සෝවියට් දේශයට, කොමියුනිස්ට්වාදයට සම්බන්ධතා ඇති අය වුණා. ජේම්ස් බොන්ඩ් නමැති වීරයා සටන් කළේ මේ දුෂ්ටයන්ට විරුද්ධව යි. මේ නිසා මෙම නිර්මාණ වක්‍රව බටහිර කඳවුරේ වුවමනාවන් හා සමපාත වූ  නිර්මාණ ලෙස සැලකිය හැකියි.
බොන්ඩ් නවකතා රචනා කළ ඉයන් ෆ්ලෙමින් දෙවැනි ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය නාවුක හමුදා බුද්ධි අංශයේ සේවය කළ කෙනෙක්.  ඔහු ජේම්ස් බොන්ඩ් නවකතා රචනා කර තිබුණේ එහි දී ලැබූ අත්දැකීම්  ද පදනම් කරගෙන යි. ජේම්ස් බොන්ඩ්  කියන්නේත් බ්‍රිතාන්‍ය බුද්ධි සේවා වෙනුවෙන් කටයුතු කරන  දක්ෂ සහ උපායශීලී රහස් ඔත්තු නිලධාරියෙක්.
ලෝකයේ භූ දේශපාලන තත්වයන් වෙනස් වෙද්දී  සහ බටහිර රටවලට  අලුත් සතුරන් ඇති වෙද්දී ඊට අනුකූලව ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල කතන්දරත් සියුම් වෙනස්කම්වලට ලක් වුණා.

 



අදහස් (0)

ජේම්ස් බොන්ඩ් චරිතයට නළුවකු ඕනෑ කර තිබේ !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site