IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජෝ ඉල්ලගෙන කරපු එකම චරිතෙ

පිච්චැර් පිස්සා

 

ජෝගෙ ඇක්ටින් අද තරුණ පරපුරත් රස විඳිනවා. මං හිතන්නෙ ජෝ අබේවික්‍රමයන් කරපු චිත්‍රපට 162 අතරින් වැඩි දෙනෙක් කැමති ම චරිතෙ වැලිකතර ෆිල්ම් එකෙ ගෝරිං මුදලාලි වෙන්න ඕනෑ.

ගෝරිං මුදලාලි ලාංකේය සිනමාවෙ එතෙක් මෙතෙක් හමුවන අද්විතීය ම චරිතයක්. Unique Personality එකක් කිව්වත් හරි. අදටත් ඒ චරිතය රසිකයන්ට අමතක කරන්න බැරි ජෝ ඒ චරිතයට ගෙනාපු අනන්‍ය හැඩතල එක්කයි. හැබැයි ඔය චරිතය මුලින්ම ලිව්වෙ ජෝ වෙනුවෙන් නම් නෙවෙයි. ගෝරිං මුදලාලි කියන්නෙ ජෝ ඉල්ලගෙන කරපු එකම චරිතය කියලයි කියන්නෙ.

කතාව වෙන්නෙ මෙහෙමයි. වැලිකතර ලිව්ව තිස්ස අබේසේකර මහත්මයා වැලිකතරට කලින් ජෝ එක්ක කරන්න කතා කරගෙන හිටපු ෆිල්ම් එක තමයි කාපිරි ජෝසප්. දෙවැනි ලෝක සංග්‍රාමයේදි එක එක රටවල්වලට ගිහිල්ලන් මොළේ විකෘති වෙච්චි මිනිහෙක් ගැන කතාවක් ඒක.හැබැයි මේ කතාව කරන්න ප්‍රොඩියුසර් කැමැති වෙන්නෑ. ඒ අනුව තමයි වැලිකතර කෙරෙන්නෙ. හැබැයි ඒකෙ ජෝට චරිතයක් තිබ්බෙ නෑ.

ජෝ ඒ කාලේ ගොඩක් ම ඇක්ට් කළේ කොමඩි ෆිල්ම්වල. නිහාල්සිංහ මහත්තයා වැලිකතරට ජෝට ආරාධනා නොකරන්නත් හේතුව මෙන්න මේක. ජෝ හදන් ඉන්න ඉමේජ් එක බින්දා කියල හිතන නිසා.

පළවෙනි ලෝක යුද්දේ කාලෙ ජර්මනියට අයිති නැවක් තිබුණා ඇම්ඩන් කියලා. මේ නැව ගිය ගිය තැන  විනාශයි. වෙඩි තියලා ඉවරයක් කරන්න බැරි නැවක් ඇම්ඩන් නැව. 

ඇම්ඩන් කියන එක හැදුණේ නැව ප්‍රබලයි ගිය ගිය තැන විනාශයි කියන අදහසින්.

"ඕක ගිය තැන ඉවරයි. ඕක හරි ඇම්ඩන්"

"ඒ වගේ තමයි ගෝරිං කියන්නෙත්.  හිට්ලර්ගේ ඇමතියෙක් නොවෑ ගෝරිං, ගෝරින් රණ්ඩුකාරයා, අපිට ඔය නම එන්නේ එහොම"

ජෝගේ රඟපෑමේ ලොකු වෙනසක් වුණේ  වැලිකතරෙන්.' වැලිකතර'  කළේ ඩී.බී නිහාල් සිංහ.ඊට ඉස්සෙල්ලා වැලිකතර නොවේ කරන්න හිටියේ. කාපිරි ජෝසප් කියලා කතාවක් තමයි තිස්ස අබේසේකර ලිව්වේ,

දෙවැනි ලෝක සංග්‍රාමයේදී එක එක රටවල ගිහිල්ලා මොළේ විකෘති වෙච්ච මිනිහෙක්. යුනිෆෝම් එක ඇඳගෙන පාරේ යනවා. බෙලෙක් තහඩු ගහගෙන. කාපිරි ජෝසප්.

" දැන් සේරම කතා කරලා තිබ්බේ. හැබැයි ලියවිලි අත්සන් කළේ නෑ. මෙන්න ඔහොම ඉන්නකොට තිස්සා අබේසේකර කතා කළා"

"මචං හරි වැඩේනේ,අර චිත්‍රපටය කරන්නේ නෑ. ප්‍රඩියුසර්. එයා වෙන කතාවක් අහලා ඒකට කැමති වුණා. උඹට ඒකෙ චරිතයක් නෑනේ."

තිස්ස අබේසේකරයි භාර්යාවයි ළමයි දෙන්නයි හිටියේ ගංගොඩවිල.කැලේ වගේ හරියක . ජෝ දවසක් යනවා. මොකද වුණේ කියලා  අහන්න.කැලේ ළිඳක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා දෙන්න අඩියක් ගහලා කතාව පටන් ගත්තා.

"තිස්සට පුළුවන්ද ඔය කතාව මට කියන්ඩ"

අලුත් කතාව. ඒකෙ නම එතකොට මරු කතර.

තිස්ස කතාව කියනවා. ඕකේ තියෙනවා ගෝරිං මුදලාලි කියලා  චරිතයක්. ජෝගෙ හිත ගත්තා ඒ චරිතෙ.

"ඔය ගෝරිං මුදලාලි මට අරන් දෙන්න පුළුවන්ද?"

ජෝ චරිත ඉල්ලගෙන ගිහින් නෑ ඔය ඉල්ලගෙන ගිය එකම එක.

"මට ගෝරිං මුදලාලි අරන් දෙන්ඩ"

තිස්ස නිහාල්සිංහට කතා කළා . විස්තරේ කිව්වා. නිහාල් සිංහ ජෝට කතා කළා.

"මචං මම කැමතියි උඹ මේක කරනවානම්. මං උඹට කතා කළේ නැත්තේ උඹ මේ නිකන් එඩී ජයමාන්න ගේ වැඩනෙ කරන්නේ. උඹ හදාගෙන තියෙන ඉමේජ් එක මං බින්දා කියලා හිතයි. උඹට කරන්න පුළුවන් නම් මම දෙන්නං"

ජෝ මෙතන්දි ගන්නෙ අභියෝගයක්. !

ජෝ කියන්නෙ සමාජය ඇසුරෙන්ම රංගනය ඉගෙන ගත්ත නළුවෙක්.ගෝරිං චරිතය කරනකොට ඔහුට මුණ ගැසුනු හමුවුණු මිනිස්සුගෙන්ගෙන් ආභාසය අරන් ඔහු මේ චරිතය ගොඩනගන තිබුණා.ඒ  චරිතය එච්චර සාර්ථක වෙන්නෙත් ජෝගෙ ඒ තිබුණු සමාජ බුද්ධිය නිසාමයි. 
ජෝ මේ චරිතය ගැන පසු කාලිනව මතක් කරද්දි මෙහෙම කියනවා.
' කොහොම වුණත් අපි හැම කෙනෙක් තුළම ගෝරිං මුදලාලි කෙනෙක් හැංගිලා ඇති' 

එදා වැලි කතර බලලා සැෆයර් හෝල් එකෙන් පහළට බැහැලා යන ඩී.බී.ධනපාල මහත්මයා, භාෂා විශාරදයා ජෝගෙ අත තදින් අල්ලන් ඉඳලා මෙහෙම කියනවා. 

"යකෝ උඹ"

එච්චරයි ප්‍රතිචාරය. ඒ ඔහුටත් සතුට විස්තර කරගන්න බැරුව. ඔව් ඒකෙ පුදුමයක් නෑ අදටත් අපි ගෝරිං මුදලාලි බලලා පුදුම වෙනවා.

(සටහන ආරියරත්න ඇතුගලගේ ජෝ: සිනමාරණ්‍යයේ මහා රංගධරයාණෝ කෘතිය ඇසුරෙන්)

 

 



අදහස් (0)

ජෝ ඉල්ලගෙන කරපු එකම චරිතෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site