

දකුණු ඉන්දියානු ජනප්‍රිය සිනමාවේ දක්ෂ නළුවකු වන ධනුෂ් ශ්‍රී ලංකාවේ සිනමාලෝලීන් ගේ ද ආකර්ශනය දිනාගත් රංගන ශිල්පියකු බව රහසක් නොවෙයි. සැබැවින්ම ඔහු නළුවකු හැටියට පමණක් නොව ගායකයකු හැටියටත් බොහෝ දෙනා ගේ ආදරයට පාත්‍ර වී සිටිනවා. ධනුෂ් කලෙකට පෙර ගායනා කළ "කොලවරි ඩි" වැනි ගීත මෙරට රසික රසිකාවියන් තුළ ද උන්මාදයක් ඇති කිරීමට සමත් වූ බව රහසක් නොවෙයි.

ඔහු රඟපෑ අලුත්ම සිනමාපටයක් පසුගිය දිනවල ප්‍රේක්ෂක විචාරක අවධානය දිනාගනිමින් තිරගත වුණා. ජුනි අග භාගයේ ප්‍රේක්ෂකයන් වෙත පැමිණි මේ චිත්‍රපටයේ නම "කුබේරා". මෙහි ධනුෂ් රඟපෑවේ මහ මග සිඟාකෑමෙන් ජීවත් වන යාචකයකු ගේ චරිතයක්.
ධනුෂ්ට අමතරව තවත් ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙක්ම මෙහි රඟපෑවා. තෙලිගු සිනමාවේ ප්‍රකට නළුනිළි දෙපළක් වන නාගර්ජුන සහ රශ්මිකා මන්දනාත් "කුබේරා" චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා.
ශේකර් කමුලා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ සිනමාපටය තෙලිඟු සහ දෙමළ යන භාෂා දෙකෙන්ම නිෂ්පාදනය කෙරුණා.
කූඨ දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් එක්ව සිදු කරන වංචා දූෂණ සහ ඉන්දියාවේ ඇති- නැති පරතරය හෙවත් ආර්ථික විසමතා පසුබිම් කරගත් කතාවක් රැගත් "කුබේරා" ආරම්භ වන්නේ දකුණු ඉන්දියාව ආසන්න මුහුදේ කරනු ලබන කැණීමකින් ඛණිජ තෙල් නිධියක් සොයා ගන්නා අවස්ථාවකින්.
අති විශාල තෙල් ප්‍රමාණයක් ඇති මෙම තෙල් නිධිය තම සමාගම සතු කර ගැනීමට නීරාජ් මිත්‍රා නමැති ඉතා ධනවත් ව්‍යාපාරිකයකු තුළ තණ්හාවක් ඇති වෙනවා. මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා ඔහු සිද්දප්පා නමැති ප්‍රබල ඇමැතිවරයකු සමග එක්ව කුමන්ත්‍රණයක් දියත් කරනවා. සිද්දප්පා යනු ඛණිජ තෙල් කටයුතු පිළිබඳ ඇමැතිවරයා යි.
ඛණිජ තෙල් නිධිය පෞද්ගලිකකරණය කිරීම සඳහා නීරාජ් ඇමැතිවරයා එකඟකරවා ගන්නවා. සිද්දප්පා මේ සඳහා එකඟවන්නේ ඊට හිලව්වට අති විශාල මුදලක් ඉල්ලා සිටිමින්. එම මුදල ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂයක් හෙවත් බිලියන 1,000 ක්.
නීරාජ් සමග පවත්වන රහස් සාකච්ඡාවක දී සිද්දප්පා පවසන්නේ මෙම මුදල සෙසු කැබිනට් ඇමැතිවරුන් අතර ද බෙදී යන බව යි. එපමණක් නොව මාධ්‍යකරුවන්ට සහ විපක්ෂයේ දේශපාලනඥයන්ට ද ඉන් කොටසක් ලබා දිය යුතු බව ඔහු පවසනවා. මෙය වර්තමාන සමාජය තුළ වංචාව, දූෂණය පැතිරී ඇති වපසරිය ගැන කදිමට කියා පාන ප්‍රකාශයක්. පෞද්ගලිකකරණය සඳහා විපක්ෂයේ දේශපාලනඥයන්ගේ සහය ලබා ගැනීමටත්, මාධ්‍ය තුළින් ඊට පක්ෂව ප්‍රචාරය ලබා ගැනීමටත් එම මුදල් යෙදවෙනු ඇති බව අපට සිතෙනවා.
කෙසේ හෝ වේවා, තෙල් නිධියෙන් ඉපැයිය හැකි අති විශාල ලාභය ගැන සලකන විට මේ මුදල ගෙවීම නීරාජ්ට කිසිදු ප්‍රශ්නයක් වන්නේ නැහැ.
ඇමැති සිද්දප්පා පවසන්නේ මේ මුදලින් කොටසක් සුදු සල්ලි හැටියට ද, ඉතිරිය කළු සල්ලි හැටියට ද ලබා දෙන ලෙස යි. නීරාජ් මේ සඳහාත් එකඟ වෙනවා.
ඊළඟට නීරාජ්ට මතු වන ප්‍රශ්නය වන්නේ මේ අති විශාල මුදල් ප්‍රමාණය ගෙවන ආකාරය පිළිබඳ ප්‍රශ්නය යි. එය සෘජුව තම සමාගමේ ගිණුම් හරහා ගෙවීමට ඔහුගේ අදහසක් නැහැ. ඒ එහි ඇති අනතුරුදායක බව නිස යි. ඒ නිසා ඔහු සහ ඔහුගේ පියා තීරණය කරන්නේ තමුන්ට කිසිදු සම්බන්ධයක් නැති සමාගම් කිහිපයක් වෙනත් අය ගේ නම්වලින් ආරම්භ කර ඒ හරහා, විදේශීය බැංකු ඔස්සේ අර මුදල් ගෙවීමට යි. මේ ගණුදෙනු ආරක්ෂිත ආකාරයෙන් කිරීම සඳහා ඔහු දීපක් නැමැති හිටපු රහස් පොලිස් නිලධාරියකු ගේ සහය ලබා ගන්නවා. නාගර්ජුන රඟපාන්නේ මෙම චරිතය යි.
ඊළඟට ප්‍රශ්නය වන්නේ අර බොරු සමාගම් ආරම්භ කරන්නේ කාගේ නම්වලින් ද යන්නයි. ඒ සඳහා ඉතා විශ්වාසවන්ත, තමුන්ව පාවා නොදෙන පුද්ගලයන් යොදා ගත යුතු බව නීරාජ් දන්නවා. මෙතැන දී දීපක් අපූරු අදහසක් ඉදිරිපත් කරනවා. ඔහු යෝජනා කරන්නේ මහ මග සිඟාකමින් සිටින, නූගත්, අහිංසක යාචකයන් සිව් දෙනෙකු මේ සඳහා යොදා ගැනීමට යි. මෙය ඉතා අපූරු අදහසක් ලෙස නීරාජ් ද පිලිගන්නවා.
දේවා යනු මේ යාචකයන් සිව් දෙනාගෙන් එක් කෙනෙක්. මේ චරිතය තමයි ධනුෂ් රඟපාන්නේ.
නීරාජ් සහ දීපක් එක්ව යාචකයන් සිව් දෙනෙකු තෝරාගෙන ඔවුන් ව්‍යාපාරිකයන් ලෙස වෙස් ගන්වා සිය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යාමේ දී සිදුවන නාටකීය සිදුවීම් පෙලක් ඔස්සේයි "කුබේරා" හි කතාව ඉදිරියට යන්නේ.
මේ චිත්‍රපටය තුළ අපට සමාජයේ අන්ත දෙකක ජීවත්වන පුද්ගලයන් හඳුනා ගන්නට ලැබෙනවා. නීරාජ් අයත් වන්නේ සියලු සැප සම්පත් භුක්ති විඳින ඉන්දියාවේ සුපිරි බිලියනපති පෙලැන්තියට යි. දේවා ඇතුළු යාචක පිරිස සමාජයේ අනෙක් අන්තයේ ජීවත් වන අන්ත දිළිඳු, අවවරප්‍රසාදිත සමාජ පන්තිය නියෝජනය කරනවා. "කුබේරා" ඉදිරියට යන්නේ මේ පන්ති දෙක අතර දෝලනය වෙමිනු යි. ඒ හරහා කාලීන සමාජය පිළිබඳ විවිධ අරුත් මවන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙනවා.
මූලික වශයෙන්ම ඔහුගේ අදහස ලෙස පෙනී යන්නේ රටේ පහළ ස්ථරවල ජන කොටස් අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් තුළ ගිලී, තිරිසන් සතුන්ටත් අන්ත තත්වයක දිවි ගෙවද් දී ආර්ථික සහ දේශපාලනමය බලය හිමි සුළුතරයක් රටට ජනතාවට හිමි විය යුතු සම්පත් සිය සුඛ විහරණය සඳහා සූරාකන ආකාරය පිළිබඳ අදහසක් ඇති කිරීම යි.
එහිදී පීඩිත ජනතාවගේ ප්‍රශ්න සහ ඔවුන්ගේ ජීවිත පිළිබඳව මේ සුපිරි පැලැන්තිය අසංවේදී වන සැටි, තම වුවමනාවන් වෙනුවෙන් මේ ජනතාවගේ නූගත්කම සහ අසරණකම ප්‍රයෝජනයට ගන්නා සැටි ආදිය ගැනත් මේ සිනමාපටයේ රාමුව තුළ යම් චිත්‍රයක් අඳින්නට ඔහු උත්සාහ ගන්නවා.
"කුබේරා" චිත්‍රපටය සිනමාත්මක බව පිළිබඳ පිළිගත් මිනුම් දඬුවලින් මැන්නොත් එතරම් විශිෂ්ට කෘතියක් ලෙස සැලකිය හැක්කක් නොවෙයි. එය සැලකිය හැක්කේ ඉන්දියාවේ වාණිජ සිනමාවේ සීමාවන් පුළුල් කරන්නට උත්සාහ දරන චිත්‍රපටයක් හැටියට යි. ඉන්දියානු වාණිජ සිනමාවේ සීමාවන් පුළුල් කරමින් අලුත් තේමාවන්, කතා කීමේ අලුත් ස්වරූපයන් හඳුන්වා දෙන්නට උත්සාහ කරන, එමෙන්ම බහුතර ප්‍රේක්ෂකයාගේ සමාජ විඥානය පුළුල් කරන්නට වැර දරන සිනමාපට මේ කාලයේ විශාල වශයෙන් නිර්මාණය වෙනවා. විශේෂයෙන් දකුණු ඉන්දියානු සිනමාව තුළ මෙවැනි නිර්මාණ වැඩි වශයෙන් දැකගත හැකියි.
ශේකර් කමුලා අධ්‍යක්ෂණය කළ "කුබේරා" ත් මෙම සිනමා මෙහෙයුමට අයත් සිනමාපටයක් ලෙස සලකන්න පිළිවන්.

2025 ඔක්තෝබර් මස 08
1612
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1388
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
493
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කුබේරා