(සුජිත් හේවාජූලිගේ)
ඇමරිකාවේ මනදොළ පිනවීමට ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කරදීමට ආණ්ඩුව සූදානම් වන බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද(11) පැවැසීය.
ත්‍රිකුණාමලට වරාය හා කොළඹ වරාය යාකරමින් මෙම ආර්ථික කොරිඩෝව නිර්මාණය කෙරෙන බව කී වීරවංශ මහතා ආර්ථික කොරිඩෝව අවසානයේදී ඇමරිකානු ආයෝජකයන්ට බාරදීමට සැලසුම් කර තිබෙන බවද ප්‍රකාශ කළේය.
වීරවංශ මහතා මේ බව පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
වීරවංශ මහතා මෙසේද කීය.
“ආණ්ඩුව ත්‍රිකුණාමලය වරායේ තෙල් සැපයුම දැනටමත් ඉන්දියාවට භාරදීලා ඉවරයි. මත්තල ගුවන් තොටුපලේ කොටසකුත් පලාලි ගුවන් තොටුපල ඉන්දියාවට විකුණන්නත් කටයුතු කරගෙන යනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd