IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


දවුල්දෙන මහනාහිමි පරමාදර්ශී චරිතයක් - සන්ධාන මහලේකම්

ජීවත් වූ එක මොහොතක් හෝ අපතේ නොහැර සමස්ත ලෝවාසීන්ගේ උන්නතිය උදෙසා දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියන් සිදුකළ කාර්ය භාරය ජීවත්වෙන සියලූ දෙනාටම පරමාදර්ශයකැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වේ.
අපවත් වී වදාල අමරපුර නිකායේ මහානායක, අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියන් පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වශයෙන් පළමුව මගේ ශෝකය පළ කරමි.

රටට, ජාතියට, බුදුසසුනට අතිමහත් සේවාවක් සිදුකළ උන්වහන්සේ තමන් ජීවත් වූ වසර 102 ක කාලය තුළ සිදුකළ සේවාව අමිලය. ජීවත් වන එක් මොහොතක් හෝ අපතේ නොහරිමින්, සමස්ත ලෝකවාසීන්ගේ උන්නතිය උදෙසා සිදුකළ කාර්යභාරය සැබැවින්ම ජීවත් වන සියලූ දෙනාට පරමාදර්ශි බව මගේ හැඟීමයි. සමහරු ජීවත් වුවත් මළවුන් මෙනි. එමෙන්ම තවත් සමහරු මරණයට පත්වුනත්, ඔවුහු අමරණීය පුද්ගලයින් සේ ජීවත් වන්නවුන් තුළ සදා මතකයේ පවතී. අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහානාහිිමියන් අයත් වන්නේ අපවත් වුවත් තමන් කළ අනුපමේය සේවාව නිසා සදා ජීවත්වන පුද්ගල ගොනුවටය. එමෙන්ම තමන් වියපත් වුවද සෑම විටම අප‍්‍රතිහත ධෛර්යයෙන් යුක්තව උන්වහන්සේ කටයුතු කළ ආකාරය සියලූ දෙනාට මහඟු ආදර්ශයකි.

පසුගිය වසරේ දිනෙක මා උන්වහන්සේ බැහැදැකීමට ගිය විට උන්වහන්සේ මා වෙත අතිශය කරුණාබර වදනින් උපදෙස් දුන් අයුරු මා හට කිසි දිනෙක අමතක නොවේ ”සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා” යන බුද්ධ වචනය අනුව යමින් සියලූ සත්වයන් කෙරේ මෛතී‍්‍ර පරවශ චිත්තයෙන් කටයුතු කළ උන්වහන්සේගේ අපවත්වීම අප රටට මහත් පාඩුවකි

එහෙත් බුද්ධ දර්ශනයට අනුව සියල්ල අනිත්‍යය පදනම් කර ගනිමින් පවතී. එම නිසා අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහානාහිමියන් ප‍්‍රාර්ථනා කළ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට හෝ පැමිණ සසර කෙළවර අමා මහා නිවන්සුව අත්වේවායි මම ප‍්‍රාර්ථනා කරමි.



අදහස් (0)

දවුල්දෙන මහනාහිමි පරමාදර්ශී චරිතයක් - සන්ධාන මහලේකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site