(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පළාත් පාලන මැතිවරණයේදි වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය අද (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එම අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කනංකේ කඩවීදිය ප්‍රදේශයේ ලදු කැලෑවක මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදීය.
සැකකරුවන් සන්තකයේ තිබී කසිප්පු මිලිලීටර් 20250ක් සීනි කරිඤ්ඤං මිලි ලීටර් 50000ක් කසිප්පු බැරල් දෙකක් හා කසිප්පු පෙරීමට ගන්නා දගරයක් ඇතුළු උපකරණ තොගයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
සැකකාර මැතිවරණ අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා හෙට දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡන්ද දායකයන්ට සංග්‍රහ කරන්න "ජෝන් වෝකර් " පොඩ්ඩක් හදන්න ඇති නේද?
මහරාජාගේ හා හිටන්ගේ ගෝලයෝ ඔහොම තමයි. දේශීය කර්මාන්ත ගැන සැහෙන්න උනන්දු වෙනවා.
නිවැරදි තේරීමක් .බොන අයට ඡන්දය දෙන්න එපා කිවමිසක් හොර මත්පැන් පෙරන අයට ඡන්දය දෙන්න එපා කිවේ නැහැනේද?
අගේ ඇති මිහරකෙකි.එබැවින් ඔබලාගේ "නොවටිනා ඡන්දය ලබාදී " මෙම අම්බරුවැව අදාල මඩවගුරට යැවීමට ඉඩ සලසා දෙනමෙන් ඔබ සියලු දෙනාටම මෙ මගින් " බලකර " සිටින්නෙමු.
හොඳයි කියන්න බලන්න අපිට මීට වඩා හොඳ අපේක්ෂකයෝ ඉන්නවද ? ඔක්කොම එකයි...! නරක අඩුම අපේක්ෂකයට ඡන්දෙ දෙමු.......
මහරජා සහ ගෝලයෝ ටිකට නැවතත් රට බාරදී අයිබෝවන් මහරජා සින්දුව කියමින් සතුටින් ඉමු.
දැනට ගැලපිල යන්නේ මේ වගේ අය
දුකට කාරණය නම් ප්‍රාදේශීය සභා වලට එන මන්ත්‍රීන් ඊළඟට පළාත් සභාවට තෙවනුව පාර්ලිමේන්තුවට, ඇමැතිකමට. හෝ ඊට වැඩි තනතුරකට. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න වෙලා තියෙන්නේ බෝක්කු උඩ හිටපු කසිප්පුකාරයින්ට. කතාවට කියනවා මාල හොරුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියල. ඉතින් රටක් හැදෙයි ද.
සුගතදාස ක්‍රීඩාංගනයේදී තිබ්බ සංදර්ශනයේදී දුන්න පොරොන්දුව ඉෂ්ටකරනවා නියමෙට ???
සිරි, සුගතදාස සංදර්ශනය තිබුනේ ඔය පක්ෂයේ නොවන බවවත් දන්නේ නැතිද.
මෙතන කොමෙන්ට් දාලා තියෙන්නේ.. හැමෝම මහින්ද මහත්තයටනේ බැනලා තියෙන්නේ.. මේක එක්සත් ජනතා නිදහස් සංධානයේ අමරවීරගේ ගොට්ටෙක්... තමයි.
මේක නිකන් පුස් වෙඩිල්ල වෙලා ගිහින්නේ !!
ඔය සමහරු තේරුම් අරන් නෙමෙයි කමෙන්ට් දාලා තියෙන්නේ... ඔය මහින්ද රාජපක්ෂ නම් හිටපු ජනාධිපතිගේ පක්ෂය වන පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් නොවේ. මතට තිත හා බොන අයට චන්දය දෙන්න එපා කියලා ජනතාවට කියූ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාලගේ පක්ෂයේ අපේක්ෂකයෙක් එ්ක තේරුම් ගෙන කමෙන්ට් කළොත් හොඳයි. නිකන් හාවා දිව්වා වගේ කමෙන්ට් නොදා පිරිසිදු නිකලැල් චරිත ඡන්දයට ඉදිරිපත් කලා කියලා අමරවීර කිව්වේ... දැන් කොහොමද නිකලැල් පිරිසිදු අයගේ වැඩ...
මිලානෝ දන්නා තරම
මුන් වගේ උන්ටද රට භාර දෙන්නෙ ?රටට වෙලා තියන නැස්පැත්තිය මේ දේශපාලුවෝ නිසයි
අරක්කු බොන අයට චන්දය දෙන්න එපා!! අරක්කු පෙරන අයට දෙන්න එපා!!
අරක්කු බොන අයට විතරයි ඡන්දෙ දෙන්න එපා කිව්වේ. කසිප්පු පෙරන අයට දෙන්න එපා කිව්වේ නැහැ.
යු .එන්.පී . එක උඩට ගන්න ජනාධිපති ගහපු තුරුම්පු තමයි මේ. මේ ගමේ ඉන්නවා හොද නම් දරපු ශ්‍රී ලංකා එකේ අය. එහෙම තියෙද්දී මේ අට වත් පස් නැති කසිප්පු කරයෙක්ගේ පුතෙක් මේ දාලා තියෙන්නේ. මේ කෙනා කොළඹ ඇවිල්ල ගේම් දිදී හිටියේ දැන් ගමේ ගිහිල්ල තාත්ත එක්ක කසිප්පු, කරිඤ්ඤං පෙරනවා. මොන එකකට මේක දැම්මද දන්නේ නෑ ඩීල් එකක් මිසක්.