IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


මොරගහකන්දට ජලය දෙන රක්ෂිතයක් අල්ලාගෙන

 

 

මොරගහකන්ද ජලාශය පෝෂණය වන ජල උල්පත් පිහිටි නාවුල ඕපල්ගල මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන වැටවල් ගසා කොටුකර ගන්නා බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. 


මුහුදු සීමාවේ සිට අඩි 3000 ට වඩා ඉහළ කඳු පන්තියක් මත මේ රක්ෂිතය පිහිටා තිබේ. 


නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕපල්ගල ගම්මානයේ සිට පාගමනින් කිලෝමීටර් පහක් පමණ විශාල වනයක් මැදින් කඳු තරණය කිරීමේදී මෙම ජල උල්පත් පිහිටි ස්ථානය හමුවන බවත් කිසිදු අයෙකුගේ නෙත නොගැටෙන ආකාරයෙන් සූක්ෂ්ම ලෙස අක්කර පන්සියයකට වැඩි ප්‍රමාණයක් මේවනවිටත් පෞද්ගලික අයකු විසින් තමන්ගේ ඉඩමක හිමිකම බව පවසමින් අත්පත් කරගෙන ස්ථිර වැටවල් ගැසීම සඳහා විශාල භූමි ප්‍රමාණයක පිහිටි අති දුර්ලභ ශාක රැසක් විනාශ කොට ඇතැයි හබරණ ඕපල්ගල රක්ෂිතය සුරැකීමේ සංවිධානය චෝදනා කර සිටී. 


ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි ඕපල්ගල ගමේ සිට මෙම රක්ෂිතය හරහා කඳු මුදුනට කිලෝමීටර් 6ක පමණ පා ගමනින් අපිද පිටත් වුණෙමු. 


ඉතා අපහසු මාර්ගයක් ඔස්සේ රක්ෂිතය තරණය කරද්දී දිය ඇලි ගල්පර රූක්ෂ ගස් වැල් අතරින් දැක ගැනීමට හැකියාව ලැබුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බව කියන මායිම් සලකුණු සහිත ගල් තිබියදී අලුතින් පෞද්ගලික වැට සැකසීම සඳහා කොන්ක්‍රීට් කණු අතිවිශාල ප්‍රමාණයක් රක්ෂිතය මැද විශාල පාරවල් කපා තැන තැන දමා ඇති ආකාරයයි. 


අප සමඟ ගමනට එක් වූ ගම්මුන් කියා සිටියේ මෙම රක්ෂිතයේ සිංහරාජ වනාන්තරයේ මෙන්ම වියළි කලාපයේ වැවෙන ශාකයන් අනාදිමත් කාලයක සිට පවතින බවය. 
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම රමණීය වූ කඳු ශිඛරය හීන් ගඟ අඹන් ගඟ පෝෂණය කරන එකම ජල මූලාශ්‍රය බවත් මෙයාකාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ගහකොළ විනාශ වුවහොත් සිදුවන්නේ මොරගහකන්ද ජලාශයට විශාල හානියක් බවත් තම ගම්මානයේ ජනතාව සියලු ජල අවශ්‍යතාවයන් සපුරා ගන්නා ඇළමාර්ග ජලමාර්ග සියල්ල විනාශ වන බවත් ජනතාව කියති. 

 

 


මෙම කඳු මුදුනට ගිය විට එක් පසෙකින් රූපවාහිනී ගුවන්විදුලි තරංගමාලා රට පුරා විකාශනය වන කරගහතැන්න විදුලි සංඥා කුලුනු එක් පසෙකින් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිකරන ලද මොරගහකන්ද ජලාශය අනිත් පසින්ද බෝවතැන්න ජලාශය තවත් පසෙකින්ද ඉතා මනරම් වන වියනක් ද දන්නට ලැබේ. 


එම කඳු සිඛර මැද ද මේ වනවිටත් කොන්ක්‍රීට් කණු සිටුවා ඉඩම් අත්පත් කරගෙන ඇති ආකාරය ගම්වාසීහු අපට පෙන්වා දුන්හ. 


එම ස්ථානයේ සිටම ඔවුන් කියා සිටියේ මෙම ක්‍රියාවලිය සිදු වුවහොත් මොරගහකන්ද ජලාශයට විශාල හානියක් සිදුවන බව ය. 


මෙම ඉඩම් අත්පත් කරගන්නා පුද්ගලයන් පුද්ගලික ඉඩම් ඔප්පුවක් ඇති බව පවසමින් මෙයාකාරයෙන් රාජ්‍ය නිලධාරීන් සහ විවිධ දේශපාලන අධිකාරිය ඒකරාශී කරගෙන ඕපල්ගල රක්ෂිතය මෙයාකාරයෙන් කොටුකර ගැනීම ව්‍යාපාරික ස්ථාන ආරම්භ කිරීමට සූදානමක් පවතින බව ජනතාව පෙන්වා දෙති. 


ඔපල්ගල ගම්මානයේ ජනතාව පමණක් දැන සිටි මෙම සුන්දර වන වියන සහ ජල මූලාශ්‍රය මේ වන විට දිවයිනේ සුන්දරතම ස්ථානයක් විය හැකි බවත්ය. මෙය ජාතික උරුමයක් ලෙස නම් කරන ලෙස ප්‍රදේශවාසීහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් ද කර සිටිති. 


ඕපල්ගල ගම්වැසියෝ මෙම ඉදිකිරීම් සහ ඉඩම් අත්පත් කර ගැනීම් සඳහා දැඩි විරෝධය ප්‍රකාශ කරමින් සිටිති. ඔවුන් කියා සිටින්නේ තමන්ගේ මළකඳන් මතින් මෙය සිදුකළ යුතු බව ය. එමෙන්ම දේශපාලන අධිකාරියද දැඩි ලෙස ඔවුහු විවේචනය කරන්නට වූහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ගම්මුන් ඉල්ලා සිටිනු ලබන්නේ වහාම ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් හැර මෙම සුන්දර වන වියන සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට නොහැකි වන බව ය. එමෙන්ම ජනාධිපතිතුමා මොරගහකන්ද ජලාශය ජාතික උරුමයක් බවට පත්ව තිබියදී එම ජාතික උරුමය විනාශ කිරීම කිසිසේත් ඉඩ ලබා නොදිය හැකි බව ද ගම්මුන් කියති. 

 

 


මෙම ගමනට එක්වූ ඕපල්ගල ගමේ පදිංචි ඩබ්ලිව්. එම්. රම්බණ්ඩා මහතා : “පුංචි කාලේ ඉඳලා මේවා මහා වනාන්තර. අපේ මව්පියෝ අඩුම තරමේ මේවට අතක්වත් තියන්න දුන්නේ නැහැ. එහෙම තමයි මේක ආරක්ෂා කළේ. මොකද අපේ කුඹුරු අක්කර 500ක් විතර දෙකන්නෙම වැඩ කරන්නේ මේ කන්ද මුදුනෙන් එන වතුරෙන්. ඒ විතරක් නෙවෙයි, අපි නාන්නේ කන්නේ බොන්නේ ඔක්කොම ඒ වතුර. දැන් කොහොමද මේ ඉඩම් පිට මිනිස්සුන්ගේ වෙන්නේ. මේකේ එක්දහස් අටසිය ගණන්වල වතු පාලනයක් තිබිලා තියනවා එක කොටසක. ඒ කොටස සුද්දෙක්ගේ කියල නං දන්නවා. හැබැයි ඒ කොටස අයින් කරත් විශාල ප්‍රමාණයක් මහා ජල උල්පත් තමයි මේ අය අල්ලගෙන වැටගහලා තියෙන්නේ.” 


පී. ජී. සුනිල් ශාන්ත ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන නාඋල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා :  ‘‘මොරගහකන්ද ජලාශය හැදෙනකොට අපි ඊට සහයෝගය දුන්නා. අපේ පුරාණ ගම් බිම් ගේදොර වතුපිටි මේ සියල්ල අපි පූජා කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ ඒ සංකල්පයට අපි ගරු කළා. මොකද වැවක් හදනවා කියන්නේ රටට සම්පතක් නිසා. ඒ ජාතියේ සම්පත අද විනාශ වෙන්න යන්නේ. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මොරගහකන්ද ජලාශය රොන්මඩින් පිරිලා වැහෙනවා බලන්න ඕන්නං මේ කැලේ විනාශ කරන්න ඉඩ දෙන්න. ගම්මාන ගණනාවක මිනිස්සු ජල පිපාසාවෙන් ආහාර හිඟයෙන් මැරෙන්න යනවා බලන්න ඕනනම් මේ වනාන්තරය පෞද්ගලික මිනිහෙකුට දෙන්න. එහෙම නැත්නම් වහාම මේ පිළිබඳව සොයලා බලලා මේ ඉන්න මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරන්න. පරිසරය ගහකොළ සතා සිවුපාවා සියල්ල මේ කැලේ ඉන්නවා. ඊට අමතරව මොරගහකන්ද ජලාශය හීන් ගඟ අඹන් ගඟ පෝෂණය වෙන සියලු ජල උල්පත් ටික තමයි මෙතන තියෙන්නේ. හරියටම මොරගහකන්දේ හදවතට ගහනවා වගේ වැඩක් තමයි මේ කරන්නේ.” 


එක්සත් ජාතික පක්ෂ නාඋල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමල් හේරත් මහතා : “​ෙම් මහා පරිසර විනාශයේ දී ජල විනාශයේ දී අපි දේශපාලන පක්ෂ පාට භේද බලන්නේ නෑ. අපි සියලු දෙනාම එකතු වෙලා මේ මොරගහකන්ද ජලාශය ආරක්ෂා කරගන්න සටන් කරනවා. මොකද මේ ඉඩකඩම් සතා සිව්පාවා ගහකොළ දිය උල්පත් ඔය කිසිම කෙනෙක් හදපු ගෙනාපුවාවත් නෙවෙයි මේවා ස්වභාවධර්මයෙන් මේ රටට දායාද වෙච්ච සුන්දර දේවල්. මේ මිනිස්සුන්ගේ සතුන්ගේ ජීවත් වෙන්න නිර්මාණය කරපු දේවල්. අද ඒ සියල්ල ව්‍යාපාරිකයෙකුගේ බූදලයක් බවට පත්වෙන්නේ කොහොමද? මේවා හෙණ ගහන අපරාධ. එනිසා අපි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ඇමැතිවරුන්ට කියනවා කරුණාකරලා මේ පව්කාර වැඩේට අත තියන්න එපා කියලා.” 


‘‘​ෙම් වන විටත් කඳු මුදුනේ විශාල පාරවල් කපලා ගස් කොළන් විනාශ කරලා තියෙනවා. මේවට අපි කිසිසේත් ඉඩ තියන්නේ නෑ. මොරගහකන්ද ජලාශය හිඳෙනකං බලන් ඉන්න කැමති අයට මේකට අත උස්සන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් මොරගහකන්ද ජලාශයට මේ කන්දෙන් හිරිහැරයක් නෑ කියලා ඒ කෙනා පැහැදිලිව ඉදිරියට ඇවිල්ලා කියන්න ඕන. 


‘‘රජයේ නිලධාරීන් කොච්චර කිව්වත් ඒක පිළිගන්නෙ නෑ. ඒ සියලු දෙනා බොහෝ දෙනෙක් මුදලට ගිජු වෙලා හමාරයි. දේශපාලන අධිකාරියත් සල්ලිවලට යටවෙලා. අපි ජනාධිපතිතුමාට කියන්නේ මොරගහකන්ද ජලාශය ආරක්ෂා කරගන්න අවශ්‍යනම් පරිසර ඇමතිවරයා හැටියටත් මේ පරිසරය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලයි. ඔබතුමාට අපි ආරාධනා කරනවා ඕපල්ගල ගමට ඇවිල්ලා අපිත් එක්ක මේ කන්දට යන්න එන්න කියලා. අපි පෙන්වන්නන් වෙලා තියෙන අපරාදේ.’’ 

 

 


ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු වූ ටී. ජී. තිලකරත්න බණ්ඩා මහතා : ‘‘අපි දැනගෙන හිටියෙ නෑ මේ වගේ විනාශයක් සිද්ධ වෙනවා කියලා. කන්ද උඩට ගියාම අපේ බඩ පපුව දනවා. මේවා රාවණා පරපුරේ ඉඳලා පැවත එන ගම්මාන. මේ කඳු උඩ මහා මාලිගා පවා තිබුණු සලකුණු තියෙනවා. පරම්පරා ගණනාවක් පැවති ගස් ඒ වගේම විශාල වැල් කපලා දාලා තියෙනවා. තැනින් තැන පාරවල් කපලා වැටවල් ගහලා විනාශ කරල තියෙන්නේ. කොහොමවත් මේක විනාශ කරන්න අපි ගමේ අය ඉඩ දෙන්නේ නෑ. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා මෙයට විසඳුමක් දෙන්න කියලා. මොකද වෙන කියන්න කෙනෙක් නෑ. කියන්න තියෙන හැමෝටම කියලා තියෙන්නේ. ඒ අය සියලු සල්ලිවලට නිලතලවලට යටවෙනවා. 


අපි දන්නවා ජනාධිපතිතුමා සල්ලිවලට යට වෙන්නෙ නෑ කියලා. ඒ නිසා මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරලා මේ ප්‍රදේශය ජාතික උරුමයක් බවට පත් කරලා සංරක්ෂණය කරන්න කියලයි අපි ඉල්ලන්නේ.” 


අපි මේ පිළිබඳව නාඋල අඩවි වන නිලධාරී එම්. ජී. යූ. ජයකොඩි මහතාගෙන් විමසීමක් කළෙමු. 


 ‘‘මේ ප්‍රදේශයේ ජනතාව අපිට ඇවිල්ල කිව්වා. අපි ගිහින් බැලුවා. පෞද්ගලික ඉඩමක ඔප්පුවක් පෙන්නලා තමයි ඒ මහත්තුරු ඉඩම මැනල තියෙන්නේ. හැබැයි ඒ මැනුම් පිළිබඳව අපි සොයා බැලුවම ඊට වඩා විශාල රජයේ ඉඩම් අත්පත් කරගෙන තියෙනවා කියලා තමයි තේරෙන්නේ. අතීතයේ මේ ස්ථාන රක්ෂිත හැටියට නම් කරලා නැතත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැනුම් කරලා ගල් සිටුවා තියෙන ආකාරය දකින්න පුළුවන්. මොකද මේක මහා විශාල වනාන්තරයක්. ඒ නිසා අපි මාතලේ මැනුම් අධිකාරිවරයාට දැනුම් දීලා තියෙනව. පෞද්ගලික ඉඩම සහ රජයේ ඉඩම් ටික වෙන් කරල දෙන්න කියලා. එහෙම වුණොත් මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වේවි. එතකන් අපි මේක ඉදිකිරීම් වැට ගැසීම් සියල්ල නවත්තන්න අවශ්‍ය පියවර ගන්නම්.

 

 

සටහන - ඡායාරූප : දඹුල්ල 
කාංචන කුමාර ආරියදාස



අදහස් (0)

මොරගහකන්දට ජලය දෙන රක්ෂිතයක් අල්ලාගෙන

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 392 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16222 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7923 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2812 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5254 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3962 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 837 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2039 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site