IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


පොල් ගෙඩියේ අලකලංචිය

 

පොල්වල මිල ගණන් ඇසූ සැණින් පාරි​භෝගිකයාට එලොව පොල් පෙනෙන තරමට පොල් මිල ඉහළ ගොසිනි. මෑත කාලීනව රුපියල් 60-70 වැනි මිලකට වෙළෙඳපොළේ අලෙවි වූ පොල් ගෙඩියකට වත්මන් වටිනාකම රුපියල් 120-130 අතර මිලකට පරිවර්තනය වී තිබේ. පොල් ත්‍රිකෝණයකින් පවා සන්නද්ධ අපේ රටේ පොල් මිල මේ වන විට විශේෂනේම ගෘහස්ථ පාරිභෝගිකයාට කිසිසේත්ම දැරිය නොහැකි තැනකට ඇදවැටිණි.

   
පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ඉන්දියාව වැනි පොල් වගාව යහමින් කෙරෙන ලෝකයේ රටවල් අතරේ ශ්‍රී ලංකාව පසු වන්නේ හතර වැනි ස්ථානයේය. සාමාන්‍යයෙන් නොවැම්බර්, දෙසැම්බර් යන මාසවල අඩාලවන පොල් අස්වැන්න පෙබරවාරි මැද වන විට යථා තත්ත්වයට පත්වීම අපේ රටේ සාමාන්‍ය සම්ප්‍රදායයි. සාමාන්‍යයෙන් මෙරට පොල් අස්වැන්නෙන් සියයට 60 ක පමණ ප්‍රමාණයක් වෙන් වන්නේ ගෘහස්ථ පාරිභෝජනයටය. ඉතිරි සියයට 40 ​පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්ට හා කර්මාන්ත සඳහා වෙන් වෙයි. නිදහසින් පසු පොල් ආශ්‍රිත නිෂ්පාදන අතර පොල් තෙල් නිෂ්පාදනය මූලික වූ අතර පසුකාලීනව ​චොක්ලට් හා බිස්කට් වැනි කර්මාන්ත සඳහා අවශ්‍ය කෙරෙන ‘දිසිදි’ පොල් හෙවත් ‘ඩෙසිකේටඩ් කොකනට්’ වෙනුවෙන් පොල් අස්වැන්නෙන් වැඩි කොටසක් වෙන්විය. පසුකාලීනව පොල්තෙල් නිෂ්පාදනය දෙවැනි තැනට පත් වෙමින් දිසිදි පොල් නිෂ්පාදනය පළමු තැනට පත් විය. ඒ හේතුව නිසාම දේශීය වශයෙන් ගුණාත්මක පොල් තෙල් නිෂ්පාදනය කණකොකා හඬවමින් පාම් ඔයිල් නිෂ්පාදනය මෙරට හිස එසවිය. ඒ අතරේ අපනයන ආදායම වැඩි කර ගැනීම ඉලක්ක කර ගනිමින් දිසිදි පොල් නිෂ්පාදනයට සමස්ත පොල් අස්වැන්නෙන් වැඩි ඉඩක් වෙන් වූ අතර 2000 වසරෙන් පසු මෙරට පොල් ආශ්‍රිතව නිෂ්පාදන රැසක් බිහි වූයේය. පිටි කළ පොල් කිරි, පොල් ක්‍රීම්, වර්ජින් කොකනට් ඔයිල් වෙළෙඳපොළ ආක්‍රමණය කළේය. මීට අමතරව පුත්තලම ප්‍රදේශය මූලිකව ඩුබායි, පාකිස්ථානය හා බංගලිදේශය වැනි රටවලට පොල් ගෙඩි වශයෙන් අපනයනය කිරීම ද යහමින් සිදු විය. ඒ අනුව මෙරට පොල් කර්මාන්තය තුළ විවිධ කර්මාන්ත රැසක් බිහිවූයේය.   
කෙසේ වුවද සිරිමාවෝ බණ්ඩාරනායක රජයෙන් මෙපිට පත් වූ කිසිම රජයක් පොල් කර්මාන්තය වෙනුවෙන් වැඩි සැලකිල්ලක් නොදක්වූ බව පැහැදිලි කරුණක්ය. එලෙස රජයෙන්ගේ සෘජු මැදිහත්වීමක් මේ කර්මාන්තය වෙනුවෙන් සිදුවූයේ නම් අද මෙවන් ඛේදජනක ඉරණමකට මෙරට පොල් කර්මාන්තය පත්වන්නේ නැති බව පැහැදිලි කරුණක්ය. රටට කප් රුකක් බඳු පොල් ගස රැකගැනීම වෙනුවෙන් පත් වූ වැවිලි කර්මාන්ත අමාත්‍යවරු මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ද සැලකිය යුතු සේවාවක් ඉටු නොවුණ බව මෙම ක්ෂේත්‍රයේ නියැළෙන පොල් වගාකරුවන්ගේ පොදු මතයයි. ඒ ඒ රජයන් රටට මේ කර්මාන්තය හරහා ඩොලර් ගේන්නට උත්සාහ කළා මිස කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් යහපත් සැලසුම් දියත් නොවීය. රජය සතු පොල් ඉඩම්වල නඩත්තුව ද ඇල්මැරුණු ස්වභාවයක් ගත්තේය. වගාවට අවශ්‍ය පොහොර පවා නිසි කලට නිසි අයුරින් නොලැබීම නිසාම මෙරට පොල් අස්වැන්න සැලකිය යුතු අන්දමින් පහත වැටිණි. විවිධ රජයන් මාරු වුවද ඒ කිසිදු රජයකින් මෙම කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ජාතික සැලැස්මක් නිර්මාණය නොවීම කැපී පෙනුණි.   


සුද්දා මෙරටට හඳුන්වා දුන්නේ තේ හා රබර් පමණි. ඔවුන් ඒවා හඳුන්වා දෙන විටත් මෙරට පොල් කර්මාන්තය යහපත් තැනක තිබිණි. රටේ දේශීය අවශ්‍යතාවලට සරිලන තරමේ පොල් අස්වැන්නක් රට තුළ ව්‍යාප්ත වූ අතරම පොල් ත්‍රි​කෝණය ද මෙරට පොල් නිෂ්පාදනයට ඉතාම හිතකර වූයේය. ඒවා නිසි ලෙස නඩත්තු වූයේ නම් අද වෙළෙඳ පොළේ පවතින රුපියල් 100 - 130 තත්ත්වයට පොල් ගෙඩිය පත්වන්නේ නැත. අපේ රටේ මේ ආකාරයෙන් පොල් මිල ඉහළ ගිය ද තායිලන්තය, මැලේසියාව හා ජපානය වැනි රටවල දේශීයව නිපදවන පොල් ගෙඩියක මිල නියතයක්ම පවතී.  
අපේ රටේ පොල් කර්මාන්තයට කණ කොකා හැඬුවේ පොල් මිල පහත වැටිමත් සමග පොල් වතු ඉඩම් කට්ටි කර විකුණන සමාගම්වලට පොල් වගාකරුවන් පෙළඹීමත් සමගය. පොල් වතු නඩත්තු කරනවාට වඩා එය ලාබදායක බව පොල් වගාකරුවන් කල්පනා කළේය. එහි අනිසි ඵල විපාක අද මුළු රටටම විඳින්නට සිදු වී තිබේ. අද වන තුරු පොල් ගස් කැපීම තහනම් කෙරෙන සම්මතයක් පාර්ලිමේන්තුව තුළ ගැසට් නොවීම ද කනගාටුවට කරුණක් බව බොහෝ දෙනාගේ මතයයි.   


අපේ රටේ සමහර පොල් වතුවලට අවුරුදු 18-20 අතර කාලයක් පොහොර, ​ වතුර පවා නොයොදා ඇති බව මේ කර්මාන්තය කෙරෙහි අවධානයෙන් පසුවන්නන්ගේ අදහසයි. ඒ නිසා මේ කර්මාන්තයේ අර්බුදය පවතින්නේ කොතැනදැයි මීට අදාළ බලධාරින්ගේ අවධානයට පාත්‍ර විය යුතුය. පොල් වතු කප්පාදු කර පොල් අස්වැන්න හිඟ වූ පසු පොල් පිටරටින් ගෙන ඒමට කල්පනා කිරීම විශාල අනුවණකමකි. කිසිදු ප්‍රතිපත්තියකින් තොරව බහුජාතික සමාගම් පොල් ආශ්‍රිතව කර්මාන්තශාලා ඇරැඹීමෙන් මේ කර්මාන්තයට කණ කොකා හැඬීය. දේශීයව ගෘහස්ථ පරිභෝජනය සඳහා තිබෙන පොල් ගෙඩියද ඒ කර්මාන්තශාලා වෙත ඇදී යන්නට පටන් ගත්තේය. ඒ නිසා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය මෙන්ම පොල් පර්යේෂණායතනයට ආදී ආයතන එක්ව මේ සඳහා විධිමත් සැලසුම් සකස් කිරීමක අවශ්‍යතාව දැන් දැන් මතු වී තිබේ.   
අද පොල් නිෂ්පාදන අතරේ අංක එකට පත් වී ඇත්තේ පිටිකළ පොල් කිරි කර්මාන්තයයි. බහුජාතික සමාගම් පොල් කිරි නිෂ්පාදනය කළ ද දේශීය පොල් වගාව ගැන සොයා බලන්නට සැලකිල්ලක් දක්වන්නට පෙළඹෙන්නේ නැත. මුඩු ඉඩම්වල වගාව දියුණු කර අස්වැන්න වැඩිකර ගැනීමට රජය හා ඒකාබද්ධව කටයුතු කිරීමට ඔවුනට හැකියාව ඇතත් ඔවුන් ඒ සඳහා පෙළඹෙන්නේ නැත.   


සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ පොල් දිසිදි පොල් නිෂ්පාදනයට යොදාගත් අතර කුඩා ගෙඩි කොප්පරා නිෂ්පාදනයට යොදාගැනීම සාමාන්‍ය සිරිත වුවද ඒවා සඳහා ඉල්ලුම වැඩිවෙත්ම ගෘහස්ථ පාරිභෝජනයට ඇති පොල් ගෙඩිය පවා ඒ වෙත ඇදී ගියේය. අද වන විට ජාත්‍යන්තර වෙළෙඳපොලේ පොල් වතුරවලට පවා විශාල ඉල්ලුමක් පවතින බැවින් මේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගැළපෙන තීන්දු තීරණ ගැනීම බලධාරීන්ගේ වගකීමකි.   
අද මෙරට බහුජාතික සමාගමේ පොල් ගෙඩි කි​ලෝ ගණනකට මිලදී ගැනීමට පෙළඹී සිටිති. එලෙස මිලදී ගැනීම ප්‍රධාන වශයෙන් සිදු වන්නේ පිටිකළ පොල් කිරි නිෂ්පාදකයන් අතරය. හලාවත, නාත්තණ්ඩිය, මාරවිල, මීගමුව, දිවුලපිටිය හා කුරුණෑගල යන ප්‍රදේශ ආශ්‍රිතව මෙලෙස පොල් ගෙඩි කිලෝ ගණනින් අලෙවි කිරීම සිදු වෙයි. මේ කටයුත්ත මෙරට තුළ වසර 20 ක් වැනි දිගු කාලයක සිට සිදුවන්නකි. පොල් කිලෝවක් රුපියල් 130 වන්නේ නම් පොල් ගෙඩියක් වන්නේ රුපියල් 78 ය.  
 සියට ගත්තේ නම් ගෙඩියක් 70 ක් පමණ වේ. විශේෂයෙන්ම වැවිලි සමාගම් සිදු කරනුයේ පොල් වෙන්දේසියේ දැමීමයි. පොල් ගෙඩි 5000 ක ප්‍රමාණයක සාමාන්‍යයෙන් කිලෝ 3000 ක් පමණ තිබේ. එවිට පොල් ගෙඩියක් රුපියල් 75 ක් පමණ මිල වෙයි. සාමාන්‍යයෙන් පාරිභෝගිකයා රුපියල් 110 ට මිලදී ගන්නා පොල් ගෙඩියක බර ග්‍රෑම් 700 - 800 අතර අගයක් ගනියි. එවිට ග්‍රෑම් 100 ක් රුපියල් 14 ක් පමණ වන අතර එවිට කි​ලෝ එකක වටිනාකම රුපියල් 140 ක් පමණ වෙයි.   
මේ ආකාරයට පොල් කිලෝව වටිනාකමට පාරිභෝගිකයාට අලෙවි කරන්නට වෙළෙන්දන් සූදානම් වුවහොත් පාරිභෝගිකයා පත්වන්නේ විශාල අපහසුවකටය. මේ සියලු කරුණු සලකා බැලීමේදී දේශීය පොල් කර්මාන්තය නගා සිටුවීම ඉතා කඩිනමින් සිදුවිය යුත්තක් බව මේ මොහොතේ රජය මෙන්ම බලධාරීන් කල්පනා කළ යුතුය.

 

 

සටහන   
දුෂ්‍යන්ත කුමාර



අදහස් (0)

පොල් ගෙඩියේ අලකලංචිය

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 240 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16162 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7906 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2796 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3945 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 377 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1773 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1604 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site