IMG-LOGO watawala

2024 මැයි මස 20 වන සඳුදා


දෙපා අහිමිව උපන්නත් අධ්‍යාපනය අත නොහැරිය දිරිය දියණිය

ඉමක් කොනක් නොපෙනෙන සංසාර ගමනේ සත්වයන්ව ඉපදෙන අපට මිනිස් ආත්මයක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ සඳහා සසර පුරා කරන ලද බොහෝ පින් තිබිය යුතුයි. මිනිසත් බවක් ලැබුවත් දෑස නොපෙනෙන, කන් නෑසෙන, කතා කළ නොහැකිව, අත් පා අහිමිව සමහරුන් උපදින්නේ සසර පුරාවට තමන් විසින් කරන ලද අකුසල කර්ම නිසාම විය හැකියි.   


එක් ඇසක් අහිමිව හඬා වැටෙන මිනිසුන් සිටින ලෝකයේ දෑසම අහිමි මිනිසුන් ජීවත් වෙනවා. එක කනක් නෑසෙන මිනිස්සු ජීවත්වන ලෝකයේ කන් දෙකම නෑසෙන මිනිසුන් ජීවත් වෙනවා. එක ඇඟිල්ලක් අහිමිවුණත් හඬා වැටෙන මිනිසුන් ඉන්න ලෝකයේ එක ඇඟිල්ලක්වත් නැති මිනිසුන් ජීවත් වෙනවා. අද අපි ඔබට කියන්න යන්නේ අත් පා අහිමිව අඬා වැටෙන මිනිසුන් ජීවත්වෙන ලෝකයේ දෙපා අහිමිව උපන් දිරිය දියණියක් ගැනයි. අපි ඔබට කියන්න යන මේ දියණියගේ දෙපා මෝදු වෙලාවත් නැහැ.   


ගාල්ල, උඩුගම, දහහවුල්හේන ගම්මානයේ දිවිගෙවන ඇය 12 හැවිරිදි ඩබ්.එම්. රුවනි වාසනා. ඇය ඉගෙනුම ලබන්නේ උඩුගම ගෝනදෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ. දෙපා සම්පූර්ණයෙන්ම පිහිටා නොමැති ඇයගේ සියලු කටයුතු කරන්නේ මව වන ඩී.ජී. චමිලා රෝහිණී (27) සහ පියාවන ඩබ්.එම්. තිලක් ප්‍රදීප් කුමාර (44). ඇය එහා මෙහා ගමන් කරන්නේ දෑත පිහිට කරගෙන. රුවනිට අවුරුදු පහක් වයසැති නිවුන් මල්ලිලා දෙන්නෙක් ද සිටිනවා. ඒ දෙන්නාගේ කටයුතු අම්මා බලාගන්න නිසා දවසේ වැඩි කාලයක් රුවනි ළඟම ඉඳගෙන ඇයගේ සියලු අවශ්‍යතා සොයා බලා කරන්නේ ඇයගේ පියා.  


රුවනිගේ නිවසේ ඉඳලා ඇය ඉගෙනුම ලබන පාසලට කිලෝමීටර් හයක් පමණ දුරයි. දිනපතා ඇයව යතුරු පැදිය මත තබාගෙන පාසලට කැටුව එන ඇයගේ පියා පාසල නිමවන තුරුම ඇය අසලම රැඳී සිටිමින් ඇයගේ සියලු අවශ්‍යතාවන් ඉටු කර දෙන්නට කැප වී සිටිනවා. ඇයට පන්තියේ ඉඳලා විද්‍යාගාරයට, සංගීත කාමරයට, පුස්තකාලයට, පරිගණක ඒකකයට වගේම වැසිකිළියට වඩාගෙන එක්ක යන්නෙත් එක්ක එන්නෙත් ඇගේ පියා.   


රුවනිගේ පියා උඩුගම තේ කම්හලක කම්කරු රැකියාවක නිරතව සිට තම දියණියට යහපත් අනාගතයක් උදා කරදීමේ අරමුණින් එම රැකියාවෙන් ද ඉවත්ව සිටිනවා. ඔහු පාසල් නොපැවැත්වෙන දිනවල තේ වතුවල වැඩකර උපයා ගන්නා මුදලකින් තමයි එම දරුපවුලට අමාරුකම් මැද ජීවිතය පවත්වාගෙන යාමට සිදුව තිබෙන්නේ. ඔවුන් සියලුදෙනා ජීවත් වෙන්නේ රුවනිගේ පියාගේ පියාට අයත් (මුත්තනුවන්ගේ) නිවසේ.   


ගීත ගායනයටත්, මෙලෝඩිකා වාදනයටත් රුවනිට විශේෂ හැකියාවක් තිබෙනවා. ඇය ඉගෙනීමටත් ඉතා දක්ෂ සිසුවියක්. දෑත් දෙපා හොඳින් පිහිටා තිබෙන සිසුන් පවා අබිබවා යමින් 23 දෙනෙකු ඉගෙනුම ලබන පන්තියේ ඇය හැමදාමත් පළමු තැන හිමි කර ගන්නවා. අතිරේක පන්ති වලට සහභාගී නොවී පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඇය ලකුණු 147 ලබාගෙන තිබුණා.   


විද්‍යාලයේ ගුරු භවතුන් සියලු දෙනා ඇය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඉගැන්වීම් කටයුතු කරනවා. ඇය විජය ළමා පුවත්පත ද නොවරදවාම කියවනවා. ඒ තුළින් අධ්‍යාපන කටයුතු සඳහා තමන්ට විශාල දැනුම් සම්භාරයක් ලබා ගත හැකි බවද ඇය අප සමඟ කියා සිටියා. පන්තියේ ඉන්න සියලුම දෙනා ඇයගේ යහළුවන්. ඒ හැම දෙනෙක්ම ඇයගේ කටයුතුවලට උදව් කරනවා.   


රුවනිගේ පියා වන ඩබ්.එම්. තිලක් ප්‍රදීප් කුමාර මහතා ඇය ගැන අදහස් පළ කළේ මෙසේය.   

 

 


‘‘මගේ දුව ඉගෙනීමට හරිම දක්ෂයි. මට රැකියාව පවා අත හැර දමලා දිනපතා දරුවා පාසල කරා එක්ක ඇවිත් ඇය අසලම රැඳී සිටිමින් ඇයගේ සියලු අවශ්‍යතා ඉටුකර දෙනවා. අධ්‍යාපනය තුළින් ඇයට යහපත් අනාගතයක් උදා කර දිය හැකි බව මට විශ්වාසයි. විදුහල්පති එන්.ජී. යසරත්න මහත්තයා මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත්ව ආවේ 2013 වසරෙදියි. එතුමා විදුහලේ ගුරු මණ්ඩලයත් සමඟ සාකච්ඡා කර දරුවාගේ අඩුපාඩු බොහොමයක් සම්පූර්ණ කර දුන්නා. විශේෂ අවධානයක් යොමු කරමින් සියලු ගුරුවරු දරුවාට ඉගැන්වීම් කටයුතු කරනවා. මගේ දුව හැමදාම පන්තියේ පළමුවැනියා. ඇය නිවස තුළ අත් දෙක උපයෝගී කරගෙන එහා මෙහා ගමන් කරනවා. රූපවාහිනී වැඩසටහන් නරඹනවා. මල්ලිලා දෙන්නත් එක්ක සෙල්ලම් ආදියත් කරනවා.   


මම පාසල නොපැවැත්වෙන දිනවල තේ වත්තක කුලී වැඩක් කරලා ලැබෙන මුදලකින් තමයි ජීවිතය ගෙනියන්නේ. අපටමයි කියා නිවසක් පවා ඇත්තෙ නැහැ. අපට ආර්ථික දුෂ්කරතා කොතෙකුත් තිබෙනවා.  


විදුහල්පති එන්.ජී. යසරත්න මහතා තම සිසුවිය ගැන මෙසේ අදහස් පළ කළේය.   


මෙම දියණිය ඉතාමත් උනන්දුවෙන් සහ ආසාවෙන් යුතුව අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිනවා. ගීත ගායනයටත්, මෙලෝඩිකා වාදනයටත් ඇය දස්කම් දක්වනවා. මම විද්‍යාලයේ ගුරු මණ්ඩලයත්, නාගොඩ ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන කීපයකුත් සහාය කරගෙන ඇයගේ නිවසේ නාන කාමරයක් සහ වැසිකිළියක් ඉදිකර දුන්නා අවශ්‍ය කරන පාසල් උපකරණ ද ලබා දුන්නා.   


මේ දියණියට නොදැනුම්වත්වම මුත්‍ර පහ වෙනවා. මේ නිසා දිනකට පැම්පස් 3-4 වත් ඇයට පලඳන්න අවශ්‍ය කරනවා. පැම්පස් සඳහා පමණක් මසකට රුපියල් හාර දහසක පමණ මුදලක් වැය වෙනවා. පැම්පස් නොමැති අවස්ථාවල ඇය පාසල් එක්ක එන්නේ නැහැ. මෙම දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්නට අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් හෝ ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.  


මෙම දිරිය දියණියගේ අනාගතය යහපත් කරන්නට උදව් කළ හැකි පරිත්‍යාග ශීලීන්ට දරුවාගේ පියා වන තිලක් ප්‍රදීප් කුමාර මහතාගේ 0710727686 ජංගම දුරකථන අංකයට හෝ විදුහල්පති යසරත්න මහතාගේ 071-8614156 දරණ ජංගම දුරකථන අංකයට ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැක.   

 

 

 

 

සටහන හා ඡායාරූප: රත්ගම - ගාමිණී මහදුර 

 



අදහස් (0)

දෙපා අහිමිව උපන්නත් අධ්‍යාපනය අත නොහැරිය දිරිය දියණිය

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 392 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16222 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7923 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2812 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5254 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3962 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site