IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


ටිපර් මාරයාට බිලිවූ දෙබර වැව රෝස කැකුළ

දෙබරවැව ජාතික පාසල

 

 

උසස් පෙළ විභාගයට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. ඒ දින කිහිපයත් තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැප කරමින් අනාගත දිවිය ජයගන්නට තොර තෝංචියක් නොමැති සිතුවිලි රාශියක් පොදි බැඳගෙන ‘‘ඒලෙවල් එක්සෑම්’’ විශිෂ්ට ලෙස ගොඩදාගෙන තම පවුල උසස් මට්ටමකට ගෙන ඒමේ නැවුම් සිහිනය මේ අයුරින් බොඳවීයාවීදෝයි භාග්‍යා දිව්‍යාංජලී කිසිම දිනක නොසිතන්නට ඇත්තේය.  


වර්ෂ 2000 පෙබරවාරි මස 26 දා මෙලොව එළිය දකින ජයවර්ධන කංකානම්ගේ භාග්‍යා දිව්‍යාංජලී, දෙබරවැව ජාතික පාසලේ දක්ෂ ශිෂ්‍යාවකි.  


ඇය මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට වාණිජ විෂය ධාරවෙන් මුහුණදීමට සිටියාය.  


අඳැල්ල, වීරවිල, ලිපිනයෙහි පදිංචි භාග්‍යා, පවුලේ වැඩිමහල් දියණිය වූවාය. ඇයට බාල තව එක් සොහොයුරෙක්ද සිටී.  


සමෘද්ධිලාභී අඩු ආදායම්ලාභී පවුලක, පෙදරේරු රස්සාවෙන් ආර්ථිකය ගැටගසා ගන්නා සෙනෙහබර පවුලක වැඩිමලා ලෙස ඉපිද, කවද‌ා හෝ සිය පවුලම යම් කිසි මට්ටමකට රැගෙන ඒමේ අහිංසක බලාපොරොත්තු පොදි බැඳගෙන පුරා වසර 19 ක් මුළුල්ලේ එකතු කරගෙන ආ සියලු ප්‍රාර්ථනාවන් එක් තත්පරයකින් මෙලෙස සමාප්තවේවී යැයි භාග්‍යාගේ පවුලේද කිසිවකු නොසිතු තරම්ය.  


ඒත් ඒ අනපේක්ෂිත මූසල හෝරාව දෙස කුරුමානම් බලමින් සිටි සිත්පිත් නැති මරුවා මේ භාග්‍යා දිව්‍යාංජලී නැමැති අහිංසක රූමත් රෝස කැකුළ තම වසඟයට කොටුකර ගැනීමේ දිනය පසුගිය ජූලි 19 දා උදාකරගත්තේ මහත් ශෝචනීය අයුරකිනි.  


‘‘අම්මේ අම්මේ මං හවසට පන්ති ඇරලා ආවම බෝධිපූජාව තියන්න යමුනේ’’ අම්මා මල් කඩලා ලෑස්තිකරලා තියන්නකෝ’’ යැයි පවසමින්. උපකාර පංතිය කරා යන භාග්‍යා වෙනද‌ාසේම තම යහළුවන් සමඟින් සිනාමුසු මුහුණින් ආගිය තොරතුරුද විමසමින් ටියුෂන් පංතියේ කාලය ගත කරන්නේද, තව දින කිහිපයකින් එළඹෙන දිවියේ තවත් එක් කඩ ඉඩමකින් ජයගන්නා වෑයමේ අධිෂ්ඨානය ගැනද සිතේ අපේක්ෂා පොදි බැඳගෙනය. 

 
අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථ හයක් සහ සී සාමාර්ථ තුනක් ලබාගනිමින් උසස් පෙළට ඇතුළත්වෙන භාග්‍යා, දෙබරවැව ජාතික පාසලේ ගුරු සිසු කා අතරත් ප්‍රසිද්ධ චරිතයකි.  


භාග්‍යා දිව්‍යාංජලී සහජයෙන්ම, නර්තනයට දස්කම්පාන අතර, පාසලේදී නර්තන කලාවෙන් සුවිශේෂී දක්ෂතා දක්වා තිබුණාය.   


නිවසේදීත්, භාග්‍යා ඇයගේ කටයුතු රිසිලෙස තමන්ම මැනවින් ඉටුකර ගන්නා කඩිසර ක්‍රියාශීලී අයෙකු වූවාය.  


තම මවට නිරතුරුවම ගෙදර කටයුතු සිදු කරදීමට සහය දුන්නාය. අම්මේ මං පොල් ගාන්නම් කියලා ඇය වරෙක එම කටයුතු කළාය. අම්මේ මං පලා සුද්ධ කරන්නම් කියලා වරෙක තම මවට ඉවුම් පිහුම් කටයුතු සඳහාද භාග්‍යා නොපැකිළිවම සහය දුන්නාය.  


වෙන ළමයි පංති ඇරලා ගෙදර ආවාම ඔළුව රිදෙනවා කියලා කොට්ටේ ඔළුව ගහගෙන පැය ගාණක් ඉන්නවා. එහෙම නැත්නම් ​​ෙෆා්න්වල එල්ලිලා​ෙන ඉන්නේ.  


ඒත් භාග්‍යාට ඒ ලෙඩ තිබුණේ නැත. ඇය තම කටයුතු බොහෝ වෙලාවට තමා විසින්ම කරගන්න කටයුතු කළාය. 


අනේ දෙයියනේ ඇයි මගේ සුදු නෝනා මේවගේ අනතුරකට ලක් කෙරුවේ? මේ අහිංසකාවී කාටවත් කරදරයක් නැහැනෙ.  


අනේ දෙයියනේ ඇයි මෙහෙම අපරාධ වෙන්නේ. අනේ මගේ සුදු නෝනා මට ගෙනල්ලා දෙන්න දෙයියනේ. ඒ භාග්‍යාගේ ආදරණීය මවගේ මුවගින් ඇදහැළෙනා ඒ වචනයන් හදවත් කිළිපොලා යන්නේය.  


මුළු වීරවිල ගම් ප්‍රදේශයම දැඩි ශෝකී බවකින් වෙළීයන්නේ භාග්‍යා දිව්‍යාංජලී සිසුවියට සිදු වූ මේ මහපොළොව නුහුලන අපරාධය හේතුවෙනි.  


ඒ මූලස 19 දා, 19 හැවිරිදි භාග්‍යා තම උපකාරක පංතිය නිමවා නිවසට පැමිණෙමින් සිටියාය.  


බස් රථයකින් වීරවිල තම නිවසට ඒමට භාග්‍යා පිටත් වූවාය. නිවස ආසන්නයේ ඇති බස් නැවතුමින් නිවස කරා යෑමට බැසගත් භාග්‍යා පාර හරහා එම බස් රථය ඉදිරියෙන්ම මාරුවීමට යෑමේදී විරුද්ධ දිසාවෙන් ටිපර් ලොරි මාරයා පැමිණෙන අයුරු මරු වසඟ නිමේෂයේදී නොපෙනෙන්නට විය.  


අධික වේගයෙන් පැමිණි ටිපර් මාරයා මේ අහිංසක රෝස කැකුළ වහා හප්පා දමා නතර වූයේ රටට වටිනාකමක් ගෙන දෙන්නට සිටි දිරිය දියණියකගේ දිවි ගමන මොහොතකින් අඩාළ කරමිනි.  


අනතුරින් තුවාල ලැබූ භාග්‍යාට කඩිනම් ප්‍රතිකාර ලබාදීමට එවෙලෙහිම හම්බන්තොට මූලික රෝහල කරා යැවීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.  


හම්බන්තොට රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී භාග්‍යා ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක යෙදෙමින් දිවියට හුස්ම පිඹින්නට මහත් වෙහෙසක් ගත්තාය.  


ඒත් ඒ සෑම දෙයකම නිශ්ඵලතාවය අවසන් මොහොතක් කරා එක් වෙමින් තිබුණේය.  


යොවුන් විය අභියස විකසිත වෙමින් තිබූ මෙම රූමත් රෝස කැකුළ, ටිපර් මාරයාගේ රුදුරු අනතුරින් ශරීර අභ්‍යන්තරයට දැඩිව සිදුව තිබූ තැලීම් හේතුවෙන් අධික රුධිර කාන්දුවේ ප්‍රතිඵලයක් ලෙසට දිවි ගමනට සමුදීමට භාග්‍යා දිව්‍යාංජලී මෙනවියට සිදුවූයේ ඉතාමත් අවාසනාවන්ත ලෙසිනි.  


භාග්‍යාගේ අවසන් නිමේෂයේදී ආදරණීය අම්මා, තාත්තා, කවිඳු අයියාගේද නම් මුවින් පිටකරමින් ඈ දෙනෙත් සදහටම පියා ගත්තේ ඒ අසල සිටි සැම දෙනාගේම නෙතට කඳුළක් එක්කරමිනි.

 

භාග්‍යාගේ මෘත දේහය

 

 

 

 

කථාව සහ සේයා කතරගම විශේෂ 
රුක්මන් රත්නායක



අදහස් (0)

ටිපර් මාරයාට බිලිවූ දෙබර වැව රෝස කැකුළ

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 364 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16211 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7918 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2810 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5245 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3960 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 720 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2248 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1927 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site