IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ජීවිත කාලය පුරාම සකපෝරුවේ කැරකෙන අක්කා නඟෙ​ා්

උක්කු අම්මා

ඩිංගිරි අම්මා

උපහාර ලබන 112 අම්මා

 

 

 “කුඹලා” සකපෝරුව හසුරුවන්නාක් මෙන් “රජ”, මිනිසුන් හසුරුවන්නේ ය. 
යන්න, චීන කියමනකි. 


චීනයේ දක්ෂ පාලකයෙකු වූ “ෂුන්” නම් අධිරාජ්‍යයා විශිෂ්ට මැටි භාණ්ඩ නිපද වූ අයෙකු බව ද සඳහන් වේ. 


එවන් කර්මාන්තයක විශ්‍රාම වැටුප්, සේවක අර්ථසාධක හෝ කිසිම දීමනාවක් නොලබා වසර අසූවකට (80) අධික සේවා කාලයක වළන් හදන වයස අවුරුදු 90ක සහ වයස අවුරුදු 85ක අපූරු අක්කා, නගෝ යුවළක් ඉරිද‌ා ලංකාදීපයට හමුවූයේ කුරුණෑගල වැල්ලව, බුදනාපිටිය ප්‍රදේශයෙනි. 


වයස අවුරුදු 6ක 7ක කාලයේ දී සිට සකපෝරුවට දෑත් හුරු කරගත් මේ අක්කා නගෝ, කාලෙන් කාලෙට අවැසි වළන් වර්ග වසර 85-75 ක කාලයක් තිස්සේ නිර්මාණය කරති. 


මානව ශිෂ්ටාචාරයේ ප්‍රථම කර්මාන්තය ලෙස හඳුන්වනු ලබන්නේ මැටි වළන් කර්මාන්තයයි. අතීත මානවයා ආහාර අමුවෙන් බුදිමින් සිටින අතරතුර මඩෙහි එරුණු අලියෙකුගේ පා සටහනක වතුර පිරී තිබෙනු දැක “එය කදිම නිර්මාණයකැ”යි සිතා, පා සටහන මහ පොළොවෙන් ගලවාගෙන ගිනි මත තබා රත් කිරීම නිසා සෑදුනු භාජනය, නැවත නැවත පාවිච්චි කිරීමට හැකි බව දැනගත් මානවයා එද‌ා පටන් මැටි වළං තැනීය. මේ නිසා කර්මාන්ත ඉතිහාසයෙහි මැටි වළන් කර්මාන්තයට ඉතා දිගු ඉතිහාසයක් පවතී. 


වර්තමානය වන විට විවිධාකාරයෙන් නිෂ්පාදනය වන භාජන, මැටි වළන් කර්මාන්තයට තර්ජනයක්ව පවතී. එහෙත් ඒ ගැන කිසිවක් නොසිතා මේ අක්ක, නගෝ ඔවුන්ගේ පාරම්පරික කර්මාන්තය රැකගැනීමට මහත් වෙහෙසක් දරති. 


“වළන් කර්මාන්තය” කුඹල් කර්මාන්තය, කුම්භකාර කර්මාන්තය, බඩහැල කර්මාන්තය යන නම්වලින් ද හඳුන්වනු ලබයි. එවැනි කුම්භකාර කුලයක සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලබා කුඹල් කර්මාන්තයෙහි නිරත වූ බව ද පූජාවලියේ සඳහන් වෙයි. ඒ තරම් ඈත අතීතයකට දිවෙන කුඹල් කර්මාන්තය ඉතාමත් දියුණු තත්ත්වයට පත්වන්නේ සකපෝරුව ආරම්භවීමත් සමගය. 


ඒ සකපෝරුවෙන් වළන් කර්මාන්තයෙහි අදත් නිරතව සිටින 90 වියැති ඩිංගිරි අම්මා දරුවන් දොළොස් දෙනෙකුගේ මවකි. වයස අවුරුදු 85ක් වන උක්කු අම්මා දරුවන් අට දෙනෙකුගේ මවකි. ඔවුන් කුඩා කල ඔවුන් ගේ මවුපියන් කුඹල් කර්මාන්තයෙහි නිරතව සිටියහ. රංගිනාච්චිරේ සහ මාර්ටින් යන මවුපියන්ට දාව උත්පත්තිය ලබන ඩිංගිරි අම්මා පවුලේ දෙවැන්නා වන අතර, උක්කු අම්මා පවුලේ හතර වෙනියා ලෙස උපත ලබන්නී ය. මේ අක්කා නගෝට පසුව උපත ලබන සහෝදර - සහෝදරියන් දාහතර (14) දෙනකුට විටෙක අම්මාවරුන් වෙමින්, තවත් විටෙක වැඩිමහලු සහෝදරියන් වෙමින්, ඔවුන්ගේ ළමා වියත්, තරුණ වියත්, කැප කළහ. 


ඔවුන් දෙදෙනාම පාසල් අධ්‍යාපනය අතහැර දමා තම කුඩා සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමට මවට සහය වූහ. 


කුඹල් කර්මාන්තයේ නිරතව සිටි පියාගේ දෑතට සවියක් වෙමින් මේ අක්කා - නගෝ සකපෝරුවට දෑත් හුරු කර ගත්තාහ. සතියකට වතාවක් වළන් කරත්තයක් මොවුන්ගේ නිවහනෙන් වෙළෙඳාම සඳහා පිටත් කරලන්නට ඔවුහු මහත් වෙහෙසක් ගත්හ. 


එක් සතියකට වළන් කරත්තයක් සඳහා ලබන රුපියල් හැටක මුදල සතියක් පුරාවට දාහත් දෙනෙකුට ජීවත්වීමට සෑහෙන බව උක්කුඅම්මා කියන්නීය. මේ නිසා මහත් වෙහෙසක් දරා කෙසේ හෝ කරත්තයකට සරිලන තරම් වළන් සෑදීම අනිවාර්යයෙන් ම කළ යුතුව තිබිණි. 


මැටි කැපීම, වතුර සැපයීම, දර කැපීම, පෝරණු ගැසීම, වළන් පිලිස්සීම, අලෙවි කිරීම වැනි කටයුතු ඔවුන්ගේ පියාට තනිවම කිරීමට සිදුවූයේ, ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයා ද, මිය ගිය නිසා ය. මේ නිසා උක්කුඅම්මා සහ ඩිංගිරි අම්මාට තරුණයන්ගේ ජවයෙන් ද, වැඩ කරන්නට සිදු විය. දවසකට හාල් සේරු පහක (5) බත් මුට්ටියක් උයන්නට ද ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට සිදුවිය. ඊට සරිලන මැටි මුට්ටියක් සකස්කර ඇත්තේ ඔවුන්ගේ පියාණන් ය. හාල් සේරු පහට සරිලන වෑංජන දෙකක් සෑම දිනකම උයන්නට සිදු වූ බව ඩිංගිරි අම්මා කියන්නී ය. කුස්සියෙ වැඩත්, සකපෝරුවේ වැඩත්, දවසක් හැර දවසක් අනිවාර්යයෙන් ම කළ යුතුව තිබී ඇත්තේ මෙම අක්කාට සහ නංගීට ය. 


දරු මුනුබුරන් පනස් තුන් (53) දෙනෙකු මෙලොවට දායාද කරමින්, ඉතාමත් සුවයෙන් තවමත් වළන් හදන 90 වියැති ඩිංගිරි අම්මා මෙසේ කී ය. 


“මම අපේ පවුලේ සහෝදර සහෝදරියන් දාහත් (17) දෙනකුගෙන් දෙවැනියා විදිහටයි ඉපදිලා තියෙන්නේ. අපේ පවුලේ වැඩිමලා රවියෙල් අයියා. එයා මියගිහින්. ඊට පස්සේ පවුලෙ වැඩිමලා මම. මට පසුව ඉපදුනු නංගි කෙනෙකුත් මිය ගිහින්. ඊට පස්සේ උක්කු අම්මා නංගී ඉපදිලා තියෙන්නෙ හතර වෙනියා විදිහට. ඒ නිසයි අපි දෙන්නට පුංචි කාලෙ ඉඳලම වළන් හදන්නට සිද්ධ වෙලා තියෙන්නේ. නංගිලා මල්ලිලා බලාගත්තෙත් අපි දෙන්නා තමයි. අපේ අම්මට ළමයි බලන්න වෙලාවක් තිබුණෙ නෑ. වැඩි කාලයක් ඉස්පිරිතාලෙ හිටියේ. ළමයි හම්බ වෙන්ඩ මාසෙකට විතර කලින් ම අම්මා ඉස්පිරිතාලෙ ගියා. ඒ කාලේ ගියේ පයින්. ළමය හම්බ වෙලත්, දවස් ගාණක් ඉස්පිරිතාලෙ හිටියා. ඒ හින්දා අම්මට ගෙදර වැඩ කරන්න වෙලාවක් තිබුණෙ නෑ. නංගියි, මමයි හැමදේම කළේ. අම්මගේ ආව-තේව කටයුතු, ළමයි නෑවීම, රෙදි සේදීම ඒ දේවල් කළෙත් අපි දෙන්නා තමයි. ඒ කාලේ අපි හිටියෙ කටුපොත. එහෙ ඉඳන් වළන් හදපු අපි අද වැල්ලව ඉඳලත් වළන් හදනවා. මම බැන්දේ අවුරුදු 12 දි. මම බැඳලා හිටපු කෙනා දැන් මියගිහින්. මට දරුවෝ 12ක් හිටියා. දැන් ඉන්නේ 11 දෙනයි. අද මම මේ මැටි ගෙදර තවමත් වළඳක් හදාගෙන විකුණාගෙන ජීවත් වෙනවා. මම හිතන්නේ මේ වෙන කොට මං අවුරුදු 80ක්, 85ක් විතරම මේ අත් දෙකින් වළන් හදලා ඇති. ඒ කොච්චරක් ද කියලා හිතාගන්නවත් බෑ. මම තාමත් මිනිස්සු ඉල්ලන ඉල්ලන විදිහෙ වළන් හදනවා.” ඇය කීවාය. 


වයස අවුරුදු අසූ පහක් (85) වන උක්කු අම්මා දරුවන් අට දෙනෙකුගේ මවක් වන අතර, ඇගේ ස්වාමි පුරුෂයා ද මියගොසිනි. අද වන විට දරු මුනුබුරන් 31 දෙනෙකු ගේ මිත්තණියක් වන ඇය, තවමත් ඔවුන්ගේ 112 වන වියෙහි දිවි ගෙවන මව ද රැකබලා ගනිමින් වළන් හදමින්, මෙසේ කීවාය. 


“මම ඉස්කෝලෙ ගියේ හෝඩියේ පන්තියට විතරයි. ඒ කාලෙදි තමයි මම ළමිස්සියක් වුණේ. ඒ කාලේ දි ‘යට ඇඳුම් ඇඳීම’ මහා නරක දෙයක් විදිහටයි අපේ තාත්තා හිතුවේ. ඒ හින්දා අපි යට ඇඳුම් ඇන්දේ නැහැ. එහෙම නැතුව ඉස්කෝලේ යන්න අපිට ලැජ්ජයි. ඊට පස්සේ මම හෝඩියේ පන්තියේදි ම ඉස්කෝලේ ගමන නතර කළා. දිගටම කළේ, වළන් හැදිල්ල තමයි. 


අපේ තාත්තා අපි හදන්න ගොඩක් දුක් වින්දා. අපේ අම්මා කළේ ළමයි හදපු එක විතරයි. අපේ තාත්තා අපි දාහත් දෙනා ජීවත් කරවන්න පුදුම දුකක් වින්දා. හැමදාම කිව්වේ කෙල්ලන්ට හොඳට කන්ඩ දෙන්ඩ ඕනේ කියලා. තාත්තා මිය ගිහින් අවුරුදු විසිපහක් විතර ඇති. තාත්තා මතක් වෙද්දි තවමත් පුදුම දුකක් හිතෙන්නේ. ඒ වුණාට අක්කයි, මායි තාත්තට ලොකු හයියක් වුණා. 


එදා සකපෝරුවට හුරු වෙච්ච අක්කයි මායි ලොකු වළං, කර මුඩි, මැටි කෝප්ප, හට්ටි, මුට්ටි, කළ ගෙඩි මේ හැම දෙයක්ම හදනවා. දැන් මැටි ගුලියක් රුපියල් පනහයි. ඒකෙන් සාමාන්‍ය ප්‍රමාණයේ වළං පහක් (5) විතර හදනවා. ලොකු ලාභයක් නෑ. වළං පුච්චන්න දර ගන්නේ සල්ලිවලට. අපි මේ දේවල් කරන්නේ ජීවත් වෙන්න. පරම්පරාවෙන් පරම්පරාවට අපි රැකගෙන ආව මේ කර්මාන්තය තව දුරටත් කරගෙන යන්න අලුත් පරම්පරාවක් නෑ. ඒ කර්මාන්තයට ලොකු වටිනාකමක් තිබුණට, ලොකු ලාභයක් ලබන්න බෑ. 
මේ නිසා අපේ දරුවෝ වළං කර්මාන්තය කරන්නේ නෑ. අපිත් මෙච්චර කල් මේ කර්මාන්තය කළයි කියලා ලැබුණු දෙයක් නෑ. එද‌ා වේල හොයාගෙන කනවා. ලැබුණු එකම දේ නිරෝගිකම විතරයි.” ඇය කීවාය.

 

 

 

සටහන :  
චාන්දනී දිසානායක



අදහස් (0)

ජීවිත කාලය පුරාම සකපෝරුවේ කැරකෙන අක්කා නඟෙ​ා්

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 392 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16222 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7923 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2812 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5254 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3962 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 838 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2041 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site