IMG-LOGO watawala

2024 මැයි මස 20 වන සඳුදා


එතෙර ජනමාධ්‍ය ලංකාවේ ප්‍රහාරය දුටු හැටි

කුමන කණ්ඩායමක් ආවත් එය අයි එස් කණ්ඩායමක පෙළඹවීමක්

බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පත්‍රය

 

 

 

 

 

 

පාස්කු ඉරිදා සිදුවූ මුස්ලිම් ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ ජනමාධ්‍ය විශේෂාංග ලිපි ගණනාවක් පළකර තිබිණි. එයින් කිහිපයක සඳහන් වූ දෑ මෙහි පළවේ.

දශක තුනක් තිස්සේ ඇදි ඇදී ගිය ලේ වැගිරුණු සිවිල් යුද්ධයක් තුළ ජීවත්වූ ශ්‍රී ලාංකිකයින්ට ත්‍රස්තවාදය අරුමයක් නොවේ. එහෙත් ඉරිදා එක දිගට සිදුවූ මනුෂ්‍ය ඝාතන රැල්ල පෙන්වාදෙන ලද්දේ රටේ සතුරන්ගේ පවිටු හැසිරීම් නව වේශයකින් ක්‍රියාත්මක වෙන බවයි. එය ම්ලේච්ඡ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සියලුම ලක්ෂණවලින් සමන්විත විය. අනුකම්පා විරහිතව ඉතාමත් සූක්ෂම ලෙස ක්‍රියාත්මක විය. 


එම පිපිරීම්වලින් මිනිත්තු කිහිපයක් ඇතුළත MI 5 උත්සාහ ගත්තා සනාථ කිරීමට මෙම කුමන්ත්‍රණය සිදුකළ අය පිටුපස යම්කිසි බ්‍රිතාන්‍ය සම්බන්ධතාවක් තිබීමට ඇතැයි යන්න. 
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති අතර එය සිදුකිරීමට මුල්වූ හේතුව ද සොයාගෙන නැත. එසේ වුවත් සැකකරුවන් 13දෙනකු ඉරිදා රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. 


ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි මුස්ලිම් ආධිපත්‍යයෙන් යුත් නගරයක් වන කාත්තන්කුඩිහිදී 2014 වර්ෂයේදී පිහිටුවා ගන්නා ලදැයි පැවසෙන අනන්‍යතාවය නොදන්නා රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තවුහිද් ජමාද් (NTJ)කෙරෙහි මුලින් එළිදරවූ වූ සාක්ෂි මගින් චෝදනා එල්ල කෙරිණි. එයට මෙවන් දැවැන්ත මාරක පහරදීම් ඉතිහාසයක් නොමැත. එහි එකම සඳහන වූයේ පසුගිය වසරේදී බුදු පිළිම හා බෞද්ධ ස්තූප විනාශ කිරීම සම්බන්ධවයි. 


ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව චෝදනා කරන්නේ මෙම කණ්ඩායම ප්‍රසිද්ධියේ අයිඑස්අයිඑස් සංවිධානයට අනුග්‍රහ දක්වන බවයි. ඔවුන් තවදුරටත් පවසන්නේ එක් බෝම්බකරුවකු ලෙස වාර්තා වන සහ්රාන් හෂීම් එහි ආරම්භකයා වන බවයි. 


මෙම කණ්ඩායම පිළිබඳ අදාළ බුද්ධි අංශ තොරතුරු කුඩා වුවද අනතුරු ඇඟවීමේ සංඥා තිබුණු බවට කිසිම සැකයක් නැත. නම් නොකරන ලද විදෙස් ඔත්තු සේවයක් අනතුරු අඟවන ලදැයි පවසමින් අප්‍රේල් 11වැනිදා ශ්‍රී ලංකා පොලිසිය විසින් බෙදාහරින ලද “සැලසුම් කර ඇතැයි සැලකෙන ප්‍රහාරයක්” ලෙස නම්කරන ලද තොරතුරු ඇතුළත් ලියවිල්ලෙහි කොළඹ නගරය තුළ පල්ලිවලට NTJ සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට සඳහන්ව තිබිණි. 


එහි තවදුරටත් බුද්ධි අංශ පෙන්වා දී තිබුණේ එය මරාගෙන මැරෙන ප්‍රහාරයක්, ආයුධ ප්‍රහාරයක්, ට්‍රක් රථ ප්‍රහාරයක් යන කුමන හෝ ආකාරයේ ප්‍රහාරයක් වියහැකි බවයි. මෙම මුල්ම අනතුරු ඇඟවීම බොහෝවිට බ්‍රිතාන්‍ය සමඟ කිට්ටු බුද්ධි අංශ සබඳතාවක් පවතින හා තොරතුරු බෙදාගන්නා, කලාපයේ වර්ධනය වෙන අන්තවාදය සම්බන්ධව නිරතුරු සෝදිසියෙන් සිටින ඕස්ට්‍රේලියාව වෙතින් පැමිණියා විය හැකිය. 


ඉන්පසු ශ්‍රී ලංකා පොලිස් ප්‍රධානි පූජිත් ජයසුන්දර විසින් ඉහළ බලධාරීන් වෙත බුද්ධි අංශ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරන ලද බව වාර්තා වලින් දැක්වේ. එහි විශේෂයෙන් අනතුරු අඟවා තිබුණේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් ‘ප්‍රධාන පල්ලි’ වලට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි. හාපිෂ් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස හැඳින්විය හැකි හය දෙනකුගේ නම් පවා මෙම ලියවිල්ලේ සඳහන් කර තිබේ. දුරබැහැර සිට සැලසුම් කරන ලදැයි පෙනෙන්නට තිබෙන සැලැසුම ඊයේ බියකරු ලෙස සැබෑවක් විය. පොලිසිය කලින් අනතුරු ඇඟවීමක් සිදු නොකළේ මන්ද යන්න අභිරහසක්ව පවතිනු ඇත. පහරදීම් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන තිබිණි. නමුත් තමා සෘජුවම මේ සම්බන්ධව දැනුම්වත් නොකළ බව ඔහු පවසයි. “ප්‍රමාණවත් පූර්වෝපායන් නොගත්තේ ඇයිද යන්න අප සොයා බැලිය යුතුයි. මා හෝ ඇමැතිවරුන් හෝ දැනුම්වත්ව සිටියේ නැහැ.” යැයි ඔහු පැවසීය, 


කුමන කණ්ඩායමක් ඉරිදා ප්‍රහාරය පසුපස සිටියද එය අයිඑස් සංවිධානයේ උපක්‍රමවල පෙළඹවීමෙන් කරන ලද බව ඒකාන්තයෙන්ම පැහැදිලිය. මරාගෙන මැරෙන ප්‍රහාරයන්ගේ ඉලක්කය පැහැදිලිවම මහජනයා විය. ඒවා නිර්මාණය කැර තිබුණේ උපරිම බලපෑමක් හා උපරිම භීතියක් ඇතිවන අයුරිනි. ලන්ඩන් පාලමේ සිදු කළ ප්‍රහාරය සහ මැන්චෙස්ටර් ඇරීනා ප්‍රහාරයන් පරිද්දෙනි. බොහෝ විදේශිකයින්ද ඇතුළුව මහජනයාගෙන් පිරී ඉතිරී ගිය ස්ථාන ඔවුන් තෝරාගෙන ඇත. 


අයිඑස් - යන්තම් සති කිහිපයකට පෙර සිරියාවේ අවසන් නිජබිම අහිමි වූ නත්තල් හා පාස්කු වැනි පූජනීය දිනයන්හි ක්‍රිස්තියානි බැතිමතුන්ට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව ඉතිහාසයක් ඇති මෙම ත්‍රස්තවාදී කණ්ඩායම මැදපෙරදිගින් පරාජය කිරීම ඔවුන් සත්‍යවශයෙන්ම පරාජය කිරීමක් නොවන බව බ්‍රිතාන්‍ය මිලිටරි ප්‍රධානීන් හා ඇමැතිවරුන් දිගු කලක් තිස්සේ අනතුරු ඇඟවූහ. ඔවුන් අයත්වන්නේ ඕනෑම තැනකින් මතුවිය හැකි පොප්-අප් කණ්ඩායමකටයි. ඔවුන් විශේෂයෙන් අනතුරු අඟවා සිටියේ අග්නිදිග ආසියාවේ ප්‍රබල ජිහාදි කණ්ඩායම්වලින් වැඩිවන තර්ජනයන් සම්බන්ධව.


ස්කොට්ලන්ත බිලියනපතියාට දරුවන් තුන්දෙනාම අහිමි වෙයි  


ස්කොට්ලන්තයේ බිලියනපතියකු වන ව්‍යාපාරික ඇන්ඩර් හොල්ඩ් පොව්ල්සන්ගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනකුගේ දිවි පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් අහිමිව තිබේ. 
එක්සත් ජනපදයේ දෙවැනි විශාලතම පෞද්ගලික ඉඩම් හිමියා වන පොව්ල්සන් යනු අන්තර්ජාල වෙළෙඳාමේ විශාලතම කොටස්කරුවා ද වෙයි. 


මේ කුරිරු ප්‍රහාරයට දින කිහිපයකට පෙර පොව්ල්සන්ගේ දරුවකු වන ඇල්මා අනෙක් සහෝදර සහෝදරියන් තිදෙනා වන ඇස්ටඩිඩ්, ඇග්නස් සහ ඇල්ෆ්‍රඩ් යන අය තටාකයක් අසල ගත් ඡායාරූපයක් හුවමාරු කර ඇත. 


නමුත් පොව්ල්සන් තමන්ගේ මියගිය දරුවන් තිදෙනා කවුරුන්දැයි දන්නේ නැත. 


46 වියැති පොව්ල්සන් ඇන් ස්ටෝම පෙඩර්සන් සමඟ වසර හයකට පෙර විවාහ වූයේය. ඔහු ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයාය. ඔහු 28 හැවිරිදි වියේ පසුවෙද්දී පියාගේ මරණයෙන් පසු ජාත්‍යන්තර ඇඟලුම් වෙළෙඳාමේ හිමිකරුවා වූ පොව්ල්සන් එලෙස ධනවතකු වූයේය. 


පොව්ල්සන් හට ස්කොට්ලන්තයේ වතු 11ක් සහ විශාල බළකොටුවක හිමිකාරීත්වය ඇත. මේ වතු අවම වශයෙන් අක්කර 221,000කි. ඔහු බ්‍රිතාන්‍යයේ විශාලතම පුද්ගලික වතු හිමියා ද වෙයි. වේල්සයේ කුමාරයාට ද ඇත්තේ අක්කර 130,000කි. 


ඔහුගේ මේ දේපළ වර්ධනය වන්නට වූයේ වසර 12කට පෙර සිටය. 2006 වර්ෂයේ දී ස්ටර්ලිං පවුම් මිලියන 7.9ක් වියදම් කර ග්ලෑන්ෆෙෂී හි අක්කර 42,000ක් මිලදී ගෙන ඇත. 
ඔහුගේ පියා 1975 දී ඔහුගේ ඇඳුම් විලාසිතා මැදුරක් තනි සාප්පුවක් ලෙස ආරම්භ කර ඇති අතර පොව්ල්සන් යටතේ දැන් ඇඳුම් ව්‍යාපාරයේ සේවක සේවිකාවෝ 15,000ක් සේවය කරති. ඔහු ජැක් සහ ජෝන්ස්, වෙරෝ මොඩා වැනි වෙළෙඳ නාමයන් හි හිමිකාරීත්වය දරයි. මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වය හේතුවෙන් ඔහුගේ වත්කම් ස්ටර්ලිං පවුම් බිලියන 5.4ක් ලෙස ගණනය කර ඇත. 
පොව්ල්සන් තම බිරිඳ සමඟ කොන්ස්ටනටින්බර්ග්වල වාසය කරයි. නව සාම්ප්‍රදායික පැරණි රාජකීය මැදුරක් ඔවුන්ගේ නිවහන වී ඇත. මේ යුවල මුණගැසී ඇත්තේ පොව්ල්සන්ගේ ව්‍යාපාරයේ සේවයට ඇය පැමිණි අවස්ථාවේ දී ය. ඔවුන්ගේ දරුවන් සිව් දෙනාම රජයේ පාසල්වලට යවා ඇත.
බ්‍රිතාන්‍ය මවක් හා පුතා ප්‍රහාරයට බිලි 


පාස්කු ඉරිදා උදෑසන ශ්‍රී ලංකාවේ දේවස්ථාන හා තරු පහේ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ දී මියගිය 290ක් වූ පිරිස අතර උදෑසන ආහාර ගනිමින් සිටි බ්‍රිතාන්‍ය මවක් හා ඇගේ පුතු මියගියහ. 


කොළඹ නගරයේ පිහිටි ෂැංග්‍රිලා හෝටලේ දෙවන මහලේ සිටි 11 හැවිරිදි ඇලෙක් නිකොල්සන් සහ ඔහුගේ මව 42 හැවිරිදි ඇනීටා මෙසේ මියගිය බව ටෙලිග්‍රාෆ් පුවත් සේවය වාර්තා කරයි. 


නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් සිටි එම පවුලේ පියා බෙන් නිකොල්සන්ගේ ජීවිතය බේරී ඇතත් ඔවුන්ගේ තරුණ දියණියට සිදුවූ දෙයක් නැත. 


නිකොල්සන් මහතාට මරණීය තුවාල නැතත් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිටි ඔහුගේ කන්වලට හානි සිදුව තිබූ බවත් දැඩි කම්පනයට පත්ව සිටි බවත් වාර්තා වෙයි. 
මේ පවුල වාසය කරන්නේ සිංගප්පූරුවේය. නිකොල්සන් මහත්මිය ඇමෙරිකානු සමාගමක සේවය කරන අතර නිකොල්සන් මහතා සිංගප්පූරු හවුල්කාරීත්වයක් සහිත සමාගමක රක්ෂණ නීති සම්බන්ධයෙන් උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කරයි. 


පෙරදා රාත්‍රීයේ නිකොල්සන් පවුල කතා කළ බවත් මේ සිදුවීම දරාගත නොහැකි බවත් ඔවුන්ගේ ඥාතියෙකු ප්‍රකාශ කර ඇත. 


පෙර තිබූ අවුල් තත්ත්වයත් සමඟ ඇලෙක්ගේ මිතුරන් සමාජ මාධ්‍යවල ඔහුගේ පින්තූරයක් පළකරමින් ඉල්ලා ඇත්තේ ‘ඔහුගේ මව සහ සොහොයුරිය මියගිය බව සඳහන් වෙනවා. ඔහු අතුරුදන් වෙලා’ යනුවෙනි. 

 

බෝම්බයෙන් මියගිය කෝටිපති කාන්තාව

 


ඔහුගේ මිතුරන් මෙසේ සඳහන් කර තිබිණි. “කරුණාකර ඔහු සොයා ගැනීමට උදව් කරන්න. ඔහු සිටියේ ෂැන්ග්‍රිලා හෝටලයේ. ඔහුගේ මව සහ සොහොයුරිය මියගිහින්. ඇලෙක්ස්ගේ පියා ඉවක් බවක් නැතිව ඔහු සොයනවා.” 


ශ්‍රී ලංකාවේ සංචාරක ආයතනයක කළමනාකරු වන රොහාන් අමරසේකර පසුව කියා ඇත්තේ “ඇලෙක්ස් මියගිහින්, අපේ බලවත් කණගාටුව, ඔහුගේ සිරුර පියා විසින් හඳුනාගත්තා. ඒ වගේම ඔහුගේ මවත් මියගිහින්.” යනුවෙනි. 


ෂැන්ග්‍රිලා හෝටලයේ ප්‍රකාශකයකු තහවුරු කළේ නිකොල්සන්ගේ පවුලේ සියලු දෙනාම ෂැන්ග්‍රිලා හෝටලයේ රැඳී සිටි බවයි. ඔවුන් මේ ඛේදවාචකයට හසුවී ඇති බව ඔහු කියා සිටිය ද පොලිසිය හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ ඒ බව තහවුරු කර නොතිබිණි. අන්තර්ජාලය පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ නිකොල්සන්වරු සිංගප්පූරුවේ නීතිඥයන් බවයි. 


නිකොල්සන් මහත්මිය ඇමෙරිකාවේ ආර්ථික හා මූල්‍ය කටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශිකාවක ලෙස කලින් සේවය කර ඇති අතර ඇය සිංගප්පූරුවේ තෙල් සමාගමක සේවයට එක්ව තිබෙන්නේ 2012 වර්ෂයේ දීය. ඇගේ අන්තර්ජාල තොරතුරු අනුව මෙම සමාගම සිංගප්පූරු කොටස් සහිත ඇමෙරිකානු සමාගමක් ද වන්නේය. 
ඇගේ සැමියා නිකොල්සන් මහතා සිංගප්පූරු කැනඩා සමාගමක රක්ෂණ සේවාදායකයන්ට රක්ෂණ නීතිය පිළිබඳ උපදේශකයකු ලෙස කටයුතු කරන්නෙකි.

 

 

සටහන :  සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

එතෙර ජනමාධ්‍ය ලංකාවේ ප්‍රහාරය දුටු හැටි

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 392 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16222 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7923 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2812 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5254 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3962 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site