මෙම රෝගය වැලඳුණු දරුවකු මීට පෙර මෙරටින් වාර්තා නොවූ නිසා රෝගය නිශ්චිතවම හඳුනාගැනීමට මෙරට තුළ අවශ්‍ය පහසුකම් නොමැති බවත්, මූලික පරීක්ෂණ සිදු කර රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමෙන් දරුවා බේරා ගැනීමට හැකි වූ බවත් වෛද්‍යවරු පවසති
මෙතෙක් කල් පිටරටින් පමණක් අසන්නට ලැබුණු, මුළු ශරීරයම තද නිල් පැහැ ගැන්වුණු දරු උපතක් පිළිබඳව ඉකුත්දා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.
පරීක්ෂා කර බැලීමේදී මෙවැනි දරු උපතක් ලංකාවේ ප්‍රථම වරට සිදුව ඇති බවත්, ලෝකයේ එවැනි දරු උපතක් වාර්තා වන්නේ උපත් ලක්ෂයකට එකක් බවත් වෛද්‍යවරුන් අනාවරණය කර ගෙන තිබේ.
‘මිලින ජාන‘ දෙකක් එකතුවීමෙන් කලාතුරකින් අති දුර්ලභව සිදුවන මෙම රෝගය “කන්ජෙනිටල් මෙතෙමොග්ලොබිනේමියා” ”(Congenital methemoglobinemia) නමින් හැඳින්වේ.
මෙම රෝගය වැලඳුණු දරුවකු මීට පෙර මෙරටින් වාර්තා නොවූ නිසා රෝගය නිශ්චිතවම හඳුනා ගැනීමට මෙරට තුළ අවශ්‍ය පහසුකම් නොමැති බවත්, මූලික පරීක්ෂණ සිදු කර රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමෙන් දරුවා බේරාගැනීමට හැකි වූ බවත්
වෛද්‍යවරු පවසති.
මෙම රෝගය වැලඳුණු දරුවෙකුගේ රෝග ලක්ෂණ ලෙස, ඉපදුණ ගමන් සහ වරින් වර ශරීරය තද නිල් පැහැයක් ගැනීම,හුස්ම ගැනීමේ අපහසුතාව, ශරීරය වර්ධනය අඩුවීම , මස්තිස්කය වර්ධනය නතරවීම හඳුනාගත හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්.ආර්. එස්.යූ. සී. රණවක පැවසීය.
මෙම දරුවා ඉපදුණු දින සිට ප්‍රතිකාර කළ ආකාරය පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්.ආර්. එස්.යූ. සී. රණවක මෙසේ ද පැවසීය.
”උපදින අවස්ථාවේදී දරුවෙකු තද නිල් පැහැ ගැන්වීම අැතිවන දුර්ලභ, ඉතාමත් කලාතුරකින් වැලඳෙන රෝගයක් වන “කන්ජෙනිටල් මෙතෙමොග්ලොබිනේමියා”(Congenital methemoglobinemia) රෝගී දරුවෙකු ලංකාවේ වාර්තා වෙන්නේ ප්‍රථම වතාවටයි. මෙය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ජාන පරීක්ෂණයකින් පමණයි. ලෝක ඉතිහාසය පරීක්ෂා කිරීමේදී, දරු උපත් ලක්ෂයකට එක් දරු උපතක් වගේ තමයි මෙවැනි රෝගී තත්ත්වයකින්
දරුවෙකු ඉපදෙන්නේ.
බොහෝ විට ‘මිලින ජාන‘ දෙකක එකතුවකින් තමයි මෙම දරු උපතක් සිද්ධ වෙන්නේ. ඒ හැරුණම දෙමව්පියන්ගේ ‘ලේ‘ ඥාති කමක් තිබේ නම් මෙවැනි දරු උපතක් ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. නමුත් මේ දරුවාගේ දෙමව්පියන්ට එහෙම ඥාතීත්වයක්
තිබුණෙ නැහැ.
ඉපදුණු වහාම මේ දරුවා තද නිල් පැහැ ගැන්වුණා. වරින් වර එසේ වුණා. එහෙම දරු උපත් සිද්ධ වෙන්නේ ඒ දරුවාට උපතින් තිබෙන හෘදයාබාධ සහ පෙණහලු ආබාධ නිසා. අපි ‘එකෝ‘ පරීක්ෂණ සිද්ධ කළා. ‘එක්ස්රේ‘ පරීක්ෂණ සිදු කළා. ඒවායින් සනාථ වුණා මේ බබාගේ හෘදය සහ පෙණහලු සාමාන්‍ය තත්ත්වයෙන් ක්‍රියා කරන බව.
ඉන් පස්සේ අපිට සැකයක් ඇති වුණා ‘ලේ‘ වල රෝගයක් තිබෙන බවට. ළදරුවාට ඔක්සිජන් ප්‍රමාණය රඳවා ගෙන තබා ගන්න බෑ සාමාන්‍ය පරිදි. එම නිසා ඔක්සිජන් වැඩි ප්‍රතිශතයක් දෙන්න ඕනේ. එහෙම ඔක්සිජන් ප්‍රතිශතයක් රඳවා ගන්න බැරි වුණාම ශරීරයේ තියෙන මුළු අවයවම විනාශ වෙනවා. ඒක වළක්වා ගන්න අමතර ලොකු ඔක්සිජන් ප්‍රතිශතයක් ලබා දුන්නා, මෙම දරුවාට පරීක්ෂණ
වාර්තා ලැබෙනකම්.
එතනින් පස්සේ මේ රෝගය තහවුරු කර ගන්න අපි මූලික පරීක්ෂණ දියත් කළා. කොළඹ පෞද්ගලික රෝහලකින් කළ පරීක්ෂණවලින් සනාථ වුණා, මෙතොග්ලොබින් මට්ටම (methemoglobin level) වැඩි බව, සාමාන්‍යයෙන් මෙම මට්ටම තියෙන්න ඕනේ සීයට 3කට අඩුවෙන්. මේ දරුවාගේ එම මට්ටම සියයට 24ක් තිබුණා. මෙය මූලික පරීක්ෂණවලින් තහවුරු වුණා. එහෙත් මේ රෝග තත්ත්වය නිශ්චිතවම සනාථ කර ගන්න පුළුවන් වෙන්නේ ජාන පරීක්ෂණයකින් පමණයි. ඒත් මේ සඳහා ලංකාවේ පහසුකම් නැහැ. එය සංකීර්ණ ජාන පරීක්ෂණයක්.
එය ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් හරහා තමයි සිද්ධ වෙන්නේ.ඊට කලින් අපි බෙහෙත් පටන් ගත්තා methylene සහ විටමින් සී වලින්, ඉන් පසු බබාට දවස් තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඔක්සිජන් ලබා දීම නතර කළා. එතනින් පස්සේ කොළඹ වෛද්‍ය පීඨයේ ජාන ඒකකයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය වජිර දිසානායක මහතා සමග එකතු වෙලා ජාන පරීක්ෂණය සනාථ කර ගන්න
කටයුතු කළා.
එම විශේෂඥ වෛද්‍යවරයා ලේ සාම්පල ජර්මනියට යොමු කළා. එය සංකීර්ණ ක්‍රියා දාමයක්. එම වෛද්‍ය වාර්තාවලින් ගිය සතියේ සනාථ වුණා එම දරුවට මෙම ”කන්ජෙනිටල් මෙතෙමොග්ලොබිනේමියා‘ රෝගය වැලඳී ඇති බවට.
මේ රෝගයේ කොටස් දෙකක් තිබෙනවා. කාණ්ඩ දෙකකට වෙන් වෙනවා. එක කොටසක් මොළේ වැඩීම සම්පූර්ණයෙන් අඩපණ කරනවා. අනෙක් රෝග කාණ්ඩයේ දරුවාගේ මොළය සහ ශරීර වර්ධනය සාමාන්‍ය තත්ත්වයක තිබෙනවා. මෙම දරුවා සම්බන්ධයෙන් නිරන්තරයෙන් සායනියක පරීක්ෂාවට ලක් කරලා ශරීර වර්ධනය, වයසට අදාළව සිදු වන බව දැන ගත්තා.
''methylene blue” නමින් හඳුන්වන ඖෂධය සාමාන්‍යයෙන් හොයා ගන්න පුළුවන් එකක් නෙමෙයි. එම බෙහෙත දුර්ලභයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලන් සමරවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු පරිපාලනය, රෝහලේ නව ජන්ම ඒකකයේ සහ 27 වන වාට්ටුවේ වෛද්‍යවරුන් , වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට ස්තූති වන්ත වෙනවා දවසක් ඇතුළත ඒ අයගේ දැඩි උත්සාහයෙන් මෙම බෙහෙත සොයා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මෙහිදී මා විශේෂ ස්තුතිය පළ කරනවා. කොළඹ වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය වජිර දිසානායක මහතාට සහ බදුල්ල මහ රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂර්මි හසන් යන වෛද්‍යවරුන් දෙපළට දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් ගත් දැඩි වෙහෙස මහන්සියට.
මෙම රෝගය හොඳ කරන පිළිවෙළ කොහෙවත් නැහැ. අපි එංගලන්තයේ වෛද්‍යවරුන්ට කතා කළා. එම වෛද්‍යවරුන් බෙහෙත දන්නවා. දෙන පිළිවෙළ දන්නේ නැහැ කියලා කිව්වා. පසුව අන්තර්ජාලය පරිශීලනය කර එම රෝගයට අදාළ ඇමරිකාවේ ලිපි වගයක් ඩවුන්ලෝඩ් කරලා, පසුව ඒ විදිහට තමයි ප්‍රතිකාර කළේ. මෙය සංකීර්ණ ක්‍රියාවලියක්.”
අනුරාධපුර විශේෂ-බී.ජී.චතුරංග
මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල 1971 කැරැල්ලේ හත්වැනි විත්තිකරුය. කැරැල්ලේදී ජවිපෙ වෘත්තීය අංශයේ නායකයා වූ ඔහු සාමාජිකයන් අතර ප්‍රකට
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.
ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ
න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.
මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අනුරාධපුර නිල් දරු උපත