
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමත්, දෙරට අතර කෘෂිකාර්මික සබඳතා ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙහිදී ජාතික ජන බලවේගය ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කළ අතර, නව ආණ්ඩුව හා එක්ව විශ්වාසවන්තව සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළේය.
ඉදිරියේදීත් දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය මූල්‍යමය සහ උපදේශන සේවාවන් සැපයීමට අපේක්ෂා කරන බව මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළ අතර ලංකාවේ කෝපි වගාව වැඩිදියුණු කිරීම සඳහා විශේෂ අවධානයක් ලබා දෙන බව ද සඳහන් කළේය.
මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේ දැනට පවතින ගොවි බිම් ගොවියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් විශාල වගා භූමි දක්වා සංවර්ධනය කළ යුතු බවයි.ඒ සඳහා ගොවියන් එකතු වී පිහිටුවා ගන්නා ලද ගොවි සමාගම් නිර්මාණය කළ යුතු බවද අමාත්‍යවරයා කීය.

2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’කෝපි කාලේ’’ ආපහු ගේන්න ඕස්ට්‍රේලියාව අත දෙයි
de silva Saturday, 17 May 2025 12:46 PM
ඔබතුමා අපේ ආණ්ඩුව ඔය විදිහට නෝන්ඩි කරන්න එපා ඡන්ද ලක්ෂ 24 මාස 5 තුළ අඩුවුණාම එක විශිෂ්ඨ ජයග්‍රහණයක් වෙන්නේ කොහොමද?