(නිමල කොඩිතුවක්කු)

බාල ගල් අඟුරු වලට හරියන්න ආණ්ඩුව නීතිය බාල කිරීමට උත්සාහ දරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹදී පැවසිය.

2025 වසරේ ලංකාවට ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩරය ලබාගෙන ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු නියමිත කාලයට ලබාදීමට අසමත්වූ ඉන්දියානු සමාගමට හදිසි ස්ථානීය ටෙන්ඩරය ලබාදීමට සහ ගල් අඟුරු ප්‍රමිතියට අදාළ පිරිවිතර වෙනස් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඔහු සඳහන් කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ නුගේගොඩ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.